Monday, February 17, 2014

ඊයේ රාත්‍රිෙය්ත් ස්වර්ණාබරණ වෙළෙද ස්ථානයක දොරේ ඉබ්බො හොරු කඩලා

පසු ගියදා මහියංගන නගරයේ ප්‍රධාන පෙළේ වෙළෙදසැල් කිහිපයන් රාත්‍රි හොරුකඩලා - ඊයේ රාත්‍රිෙය්ත් ස්වර්ණාබරණ වෙළෙද ස්ථානයක දොරේ ඉබ්බො කඩලා
2014-02-17 පෙ.ව. 7:58
මහියංගන නගරයේ ප්‍රධාන වෙළෙද ව්‍යාපාරික කඩ සාප්පු කිහිපයක් 10 දින රාත්‍රි සොරු විසින් කඩා විකිණිමට තබා තිබු පරිගණක ඇතුලු විදුලි උපකරණ හා භාණ්ඩ රාශියක් සොරකම් කර ඇත. එම ව්‍යාපාරික ස්ථාන ලංකාවේ ප්‍රධාන වෙළෙද ව්‍යාපාර නාම සහික කඩ සාප්පු වේ. ඊයේ රාත...්‍රිෙය් (16) ත් නගරයේ ස්වර්ණාබරණ වෙළෙද ස්ථානයක දොරේ ඉබ්බො කඩා දමා එම ස්ථානය මන්කොල්ල කෑමට උත්සාහ දරා ඇත. කිසියම් හේතුවක් නිසා මෙම ස්වර්ණාබරන වෙළෙද සැල මන්කොල්ල කැමට නොහැකි වි ඇත.
ව්‍යාපාරිකයන් විසින් මෙම සොරකම සම්බන්දයෙන් මහියංගන පොලිස්ථානයේ පැමිණිලි සිදු කර ඇත. බොහෝ වෙළෙද ස්ථාන ඉදිරිපස ඉබි යතුරු කපා දමා මෙම සොරකම් සිදු කර ඇත. දීර්ඝ කාලයක සිට මහියංගන නගරයේ වෙළෙද ස්ථාන මෙවැනිම සොරකම් වලට බදුන් වන අතර මේ වන තෙක් සොරුන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇත.
සංවිධානාත්මකව දීර්ඝකාලයක සිට නිරන්තරයෙන් සිදුවන මෙවැනි සොරකම් සම්බන්දයෙන් වග කවයුතු නිළධාරින්ගේ අවධානය යොමු වී මෙම සොර කල්ලිය නිතියේ හමුවට පත් කරන ලෙස නගරයේ වෙළෙද ප්‍රජාව ඉල්ලා සිටි.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා හා අපරාධ අංශයේ ස්තානාධිපති එම් බී ජි ජි එස් චතුරංග මහතා ඇතුලු නිළධාරින් මේ සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු ආරම්භකර ඇත.

No comments:

Post a Comment