Monday, February 17, 2014

ඊසි කෑෂ් මුදල් ගැටයට ඔබත් අසුවිය හැක - විමසිලිමත් වන්න

ඊසි කෑෂ් මුදල් ගැටයට ඔබත් අසුවිය හැක - විමසිලිමත් වන්න
2014-02-18 පෙ.ව. 7:27
මහියංගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් ව්‍යාපාරිකයන් හට දුරකථනයෙන් කථා කර මුදල් එකතු කර ගැනීමේ ජාවාරමක මේ දිනවල ක්‍රියාත්මක අතර ඊ ළග ඉලක්කය ඔබ විය හැකි ...බැවින් විමසිලිමත් වන්න ලෙස අප දන්වා සිටිමු
පසුගිය දා මහියංගන නගරයේ ව්‍යාපාරික වෙළෙද මහතෙකු හට දුරකථනයෙන් කථා කර මහියංගන පොලිසියේ පොලිස්ථානාධිපති බවත් මුදල් හදිසියක් බව බවසා රුපියල් 10000ක් ඊසි කෑෂ් කරන ලෙස දන්වා ඇත. ඒ අනුව මෙම ව්‍යාපාරික මහතා සැකයකින් තොරව මුදල් ඊසි කෑෂ් කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපාරිකයා මුදල් අහිමි කර ගනිමින් මුදල් ඊසි කෑෂ් ගැටයට අසු වී ඇත.
ඊට අමතරව ව්‍යාපාරික ස්ථානවල ගැටලු ඇතැයි පවසමින් ඒ සම්බන්දයෙන් නිතිමය රාජකාරි සිදු නොකිරිමට නම් විශාල ප්‍රමානයේ මුදල් ඊසි කෑෂ් කරන ලෙස පසුගිය දා ව්‍යාපාරිකයන් හට දුරකථන ඇමතුම් ලබා දී ඇත. විවිධ මුහුණු වරින් මෙම ඊසි කෑෂ් මුදල් වංචාව ජාවාරමක් ලෙස යම් පිරිසක් සිදු කරමින් සිටින අතර පොලිසිය ඒ සම්බන්දයෙන් විමසිල්ලෙන් සිටින අතර ඒ සදහා මහජන සහයද අපේක්ෂා කර සිටි.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා හා අපරාධ අංශයේ ස්තානාධිපති එම් බී ජි ජි එස් චතුරංග මහතා ඇතුලු නිළධාරින් මේ සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුන හොත් එම දුරකථන අංක සහිතව පොලිසිය දැනුවත් කරන ලෙසත් මෙම වංචාවට අසු නොවන ලෙස මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා හා මහියංගන සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතා දන්වා සිටි.

No comments:

Post a Comment