Wednesday, February 26, 2014

නිවසට බව්සරයක් කඩා වැදී දෙදෙනෙක් රෝහලේ - තුවාල ලැබු එක් අයෙක් චීන ජාතිකයෙක්

 
නිවසට බව්සරයක් කඩා වැදී දෙදෙනෙක් රෝහලේ - තුවාල ලැබු එක් අයෙක් චීන ජාතිකයෙක්
2/24/2014 6:09 AM
රිදිමාලියද්ද කුරුවිතැන්න ප්‍ර දේශයේදී මහියංගන බදුල්ල මාර්ගයේ ගමන් කරමින් තිබු තෙල් බව්රයක් නිවසකට කඩා වැදී බව්රයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා බදුල...්ල රෝහල වෙත 23 දින (අද) සවස ඇතුලත් කර ඇත. තුවාල ලැබු එක් අයෙක් චීන ජාතිකයෙක් වේ .
මහියංගන බදුල්ල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනා චීන සමාගමට අයත් තෙල් බව්සරයක් මෙසේ අනතුරට පත් වී ඇති අතර අනතුරට පත් බව්සරයේ රියදුරු හා එහි ගමන් ගත් චීන ජාතිකයෙක් තුවාල ලබා ඇත.
කුරුවිතැන්න රජමහා විහාරයේ තාප්පයේ මුලින්ම බව්සරය හැප්පි දෙවනුව අසල වු එච් එම් සුදු මැණිකාගේ නිවස වෙත කඩා වැදී ඇත. එම අනතුර සිදු වන මොහොතේ නිවසේ එච් එම් සුදු මැණිකා මහත්මිය සිට ඇති අතර සිද්දියෙන් ඇය කම්පනයට පත් වී ඇත. සුදු මැණිකාගේ නිවස බරපතල ලෙස හානි සිදු වී ඇත.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වමින් සිටි.
See More

No comments:

Post a Comment