Sunday, February 16, 2014

පුංචි මල් කැකුලු තැලු ගුරුවරයාට විරුද්දව ගම්වාසීන්ගේ විරෝදය

 පුංචි මල් කැකුලු තැලු ගුරුවරයාට විරුද්දව ගම්වාසීන්ගේ විරෝදය
පුංචි මල් කැකුලු තැලු ගුරුවරයාට විරුද්දව ගම්වාසීන්ගේ විරෝදය - ප්‍රදේශම කලු කොඩි ඔසවයි - සැක කරු පෙබරවාරි 20 දින දක්වා රක්ෂිත බන්දනාගාරයට
2014-02-06 පෙ.ව. 5:34
රිදිමාලියද්ද අරාව මහාවිද්‍යාලයේ වයස 11ක පාසැල් සිසුවියක් (6 වසර) පාසැලේ ගුරුවරයෙක...ු විසින් සවස් කාලයේ අමතර පන්තියක් සිදු කරමින් සිටියදී බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරිම හේතු වෙන් එම ගුරුවරයා 05 දින සවස මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබු අතර ගුරුවරයාගේ මෙම අපයෝජන ක්‍රියාවට විරෝදය පාමින් ගම්වාසීන් පාසල අසල 06 (අද) දින උදැසන විරෝධතාවයක නිරත විය. කාමාතුරයන්ගෙන් අපගේ දරුවන් බේරාදෙන ලෙස ඉල්ලා දෙමාපියන් විරෝදතාව දැක් වු අතර විරෝදතාවය දක්වමින් අරාව මන්සන්දිය දක්වා පාගමිනින් පැමිණියහ. පැයක පමණ කාලයක් මෙම විරෝධතාවය පැවැත් විය. මෙම අපරාදය සිදු කල පුද්ගලයාට දැඩි දඩුවම් ලබාදෙන ලෙසද විරෝධතා කරුවන් ඉල්ලා සිටියහ. ප්‍රදේශයේ කලු කොඩිද ඔසවා තිබුනි.
පොලිස් අත් අඩංගුවට ගත් ගුරුවරයා 06 ( අද) දින දහවල් මහියංගන මහේස්ත්‍රාත් අධිරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රා ගීතානි විජේසිංහ මෙනෙවිය විසින් සැක කරු පෙබරවාරි 20 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරනු ලැබුවා.
මෙම අපයෝජනය සිදු කල ගුරුවරයා විවාහක දියනියන් තිදෙනෙක් සිටිනා වයස අවුරුදු 49ක පුද්ගලයෙකි. පාසල තුල සවස් කාලයේ අමතර පංති සිදුකරනා අවස්ථාවන් හිදි කිහිප දිනක් මෙම දැරිය හට ලිංගික අපයෝජනය සිදු කර ඇති අතර එය දරා ගත නොහැකි තැන ඒ බව දැරියගේ දෙමාපියන් හට දැරිය විසින් පැමිණිලි කර ඇත. ඒ අනුව දෙමාපියන් මහියංගන පොලිසිය වෙත කරනු ලැබු පැමිණිල්ලකට අනුව මෙම සිද්දිය අනාවරණව වු අතර අපයෝජනයට පත් වු දැරිය මේ වන විට වෛද්‍ය පරික්ෂණ සදහා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත. සිද්දිය සම්බන්දයෙන් රිදිමාලියද්ද අරාව මහාවිද්‍යාලයේ පාසැල් ගුරුවරුන් හා ගම්මානයේ ගම්වාසීන් 05 දින දහවල් පාසල ඉදිරිපිට දැඩි නොසන්සුන් තාවයක් ඇති වු අතර මහියංගන පොලිසියේ මැදිහත් වීමෙන් එය සමතයකට පත් කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා හා අපරාධ අංශයේ ස්තානාධිපති එම් බී ජි ජි එස් චතුරංග මහතා ඇතුලු නිළධාරින් මේ සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර පො කො 13768 අමරසුරිය 38588 සම්පත් 66532 ප්‍රියදර්ශන 7698 කරුණාතිලක 63737 දනපාල 80019 ගුණරත්න 85000 චාමර හා පො කො රියදුරු 27073 බංඩාර යන නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පොලිස් රාජකාරි කටයුතු සිදු කර ඇත.
See More



No comments:

Post a Comment