Sunday, February 16, 2014

පවුල් සෞඛ සේවිකාවන්ගේ සහයට අම්මාවරු පාරට - පවුල් සෞඛ සේවිකාවන් වෙනුවෙන් රටේම දෙමාපියන් පාරට බසින්නට සුදානම් ලු -මහියංගන නගරයේ විරෝධතාවයක්

 
පවුල් සෞඛ සේවිකාවන්ගේ සහයට අම්මාවරු පාරට - පවුල් සෞඛ සේවිකාවන් වෙනුවෙන් රටේම දෙමාපියන් පාරට බසින්නට සුදානම් ලු -මහියංගන නගරයේ විරෝධතාවයක්
2/9/2014 7:08 AM
රෝහල්වල හෙදියන් සදහා සුතිකාගාර පුහුණුව ලබාදී පවුල් සෞඛ සේවිකාවන්ගේ සේවය කප්පාදු කිරි...මට එරෙහිව පවුල් සෞඛ සේවිකාවන්ගේ සහට මහියංගන අවට ගම්මානවල මව්වරුන් හා කාන්තාවන් අද (08) උදැසන 9.00 පමණ මහියංගන නගරය මැදට එකතු වී විරෝධතාවයක නිරත විය. ඒ සදහා මව්වරු 600 -700ක් පමණ සහභාගී වි සිටියේය. මුස්ලිම් කාන්තාවන්ද මෙම විරෝධතිවයට එක් වී සිටියා. පිරිමින්ගේ සහයද ඒ සදහා ලබා දී තිබුනි.
පවුල් සෞඛ සේවිකාවන්ගේ සේවය කිසිසේත්ම හෙදියන්ගෙන් ලබාගත නොහැකි බවත් දෙමාපියන් අවදාරණයෙන් කියති. වග කිවයුතු පාර්ශයවන් මැදිහත් වී පවුල් සෞඛ සේවිකාවන්ගේ සේවය පෙර සේම ලබා අඛන්ඩව ලබා දෙන්නට කටයුතු කරන ලෙසත් ඔහුන් කරගෙන යන සේවාව අඛන්ඩව සිදු කරගෙන යාමට ඉඩ දෙන ලෙසත් දෙමාපියන් ඉල්ලා සිටි අතර එසේ නොවු හොත් පවුල් සෞඛ සේවිකාවන් වෙනුවෙන් රටේම දෙමාපියන පාරට බසින්නට සුදානම් බව මව්වරු පැවසීය. පැයක පමණ කාලයක් මහියංගන නගර මධ්‍යෙයේ විරෝධතාවය පැවති අතර සුතිගාගර පුහුණුව හෙදියන් වෙත ලබාදී කරගෙන යෑමට සැලසුම් කල ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරිම වහා නවතා දමන ලෙසත් පවුල් සෞඛ සේවිකාවන්ගේ සේවය හැල්ලුවට ලක්කිරිමට විරුද්දත්වය ප්‍රකාශ කල හ.
See More





No comments:

Post a Comment