Thursday, June 9, 2016

මහියංගන මහනුවර මාර්ගය මහවැලි පාලම අසලින් ගම්මු වහයි


2016-06-09 ප.ව. 2:35
මහියංගන මහනුවර මාර්ගය මහියංගන මහවැලි පාලම අසලින් අද (09) උදැසන පැය 01ක් පමණ ගමනාගමනය අඩාල විය. මහියංගන 89 ගම්උදාව භුමිය පිටවු වගාව නම් කොටසෙහි වසර 40කට වඩා ජීවත් වු තම ඉඩම් වලින් අයි වන ලෙස ලංකා පිගන් සංස්ථාව මගින් අස්කිරිමේ නියෝග තමන් හට එවා ඇතැයි විරෝදතාවයේ යෙදි සිටි පිරිස පැවසුහ. විරෝධතාවයට ගම්වාසින් 150ක් පමන දෙනා සහබාගි විය.
වගාව ගම්මානයේ පවුල් 98කට වඩා පිරිසක් ජිවත් වන අතර ඔවුන් අද (09) උදෑසනම මෙම ගැටලුව සම්බන්දයෙන් මහියංගන ප්‍රා දේශිය ලේකම් වරයා හමු වීම සදහා පැමිනි අතර ප්‍රා දේශිය ලේකම් වරයා නොමැති වීම හේතුවෙන් මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය වෙත ගොස් ගැටලුව සදහා විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. 1987 ගැසට් පත්‍රයක් මගින් ලංකා පිගන් සංස්ථාව වෙත මෙම ඉඩම් කොටස ලබාදී ඇති හෙයින් එය අවලංගු කරන තුරු තමන් හට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් නුවන් සී හේම කුමාර මහතා ගම්වාසින් හට දන්වා ඇත.
ඉන් අනතුරුව ගම්වාසින් 150ක් පමණ දෙනා මහියංගන මහනුවර මාර්ගය මහියංගන මහවැලි පාලම අසලින් හරස් කර ගමනාගමනය අවහිර වන සේ පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.
ලංකා පිගන් සංස්ථාව වෙත මහියංගන වගාව ගම්මානයේ ඉඩම් අක්කර 95ක් ගැසට් පත්‍රය ලබාදීමේදි පදිංචිව සිටි ගම්වාසින් සදහා වෙනත් ස්ථානයක ඉඩම් ලබා නොදුන් බවත් වසර 40කට වැඩිකාලයක් තිස්සේ තමන් වගව ගම්මානයේ පදිංචි බවත් ගම්වාසින් පැවසුහ. තමන්ගේ පලමු දෙවන තෙවන පරම් පරාවත් බුක්ති විදින මෙම ඉඩම් සදහා බලපත්‍රයක් හෝ ඔප්පුවක් ලබා දීමට වගකිවයත්තන් මැදිහත් නොවන බව විරෝධතාවයේ යේදි සිටි පිරිස පැවසුහ. විශාල මුදල් වියදම්කර මේ වන විට ස්ථිර ගොඩනැගිලි සාදාගෙන සිටින තමන් හට වෙනත් ස්ථානයකට යන්නේ කෙසේද යන්න ගැටලුවක් බව පැවසුහ. තවද මේ වන විට ගම්වාසින් කිහිප දෙනෙකු හට ලංකා පිගන් සංස්ථාව මගින් පදිංචි භුමියෙන් ඉවත් වන සේ දන්වා අස් කිරීමේ නියෝග එවා ඇතැයිද, ඉදිරියේදි ගම්වාසින් සියල්ලටම මේ ආකාරයෙන් ඉවත් වන්නට සිදු වේයැයි ගම්වාසින් පවසති. මෙම ගැටලුව හේතුවෙන් තමන් හට කිසිදු පානිය ජල ව්‍යාපෘතියක්, ගමනාගමනය සදහා විධිමත් මාර්ග පද්ධතියක් ගම්මානය සදහා වසර 30-40ක් තිස්සේ නොලැබු බව පැවසුහ.
මහියංගන මහනුවර මාර්ගය මහියංගන මහවැලි පාලම අසලින් රථවාහන ගමනාගමනය නැවතී විශාල දිගු වාහන පොලිමක් ඇති වීය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා හා මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා මැදිහත්ව විරෝධතාවයේ යෙදී සිටි ගම්වාසින් සමග මෙම ගැටලුව සම්බන්දයෙන් සාකච්චා කලේය. එහිදී ලබන සදුදා (13) දින උදැසන 10.00ට වැඩ බලන මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් පී.බී.පී. අබේවර්ධන මහතා සමග සාකච්චාවක් ලබාදීමට සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා පොරොන්දු විය. සාකච්චාව සදහා එතුමන්ද සහබාගි වන බව ගම්වසීන් හට ප්‍රකාශකිරිමත් සමග විරෝධතා කරුවන් විසිර ගියහ. එදිනට විසදුමන් නොලැබුනහොත් දැඩි ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව ගම්වාසීන් පැවසුහ.




No comments:

Post a Comment