Sunday, June 5, 2016

අධිෂ්ඨාන පුජාවට සතර දෙසින් ජන ගඟක් මහියංගන පුද බිමට - මහියංගනයේ අපරාධ අඩුවෙන්නනම් පොලිසියට පගරගම්මන ගැන බලාගන්න කියා කියයි

 9:02 PM 6/5/2016
මිසදුටු බලවේග පරදා බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් රටට හා ජනතාවට සෙත්පතා මහා කප්රුක් පුජාවක් හා අධිෂ්ඨාන පුජාවක්
මහියංගනය සාමග්‍රී සංඝ සභාව හා 969 මියුගුණ තරුණ බෞද්ධ සංගම මගින් අද (05) සන්ධ්‍යාෙව්දි සංවිධානය කර තිබු අතර ඒ සදහා 3000කට අධික පිරිසක් සහභාගි වුහ.
කප්රුක් පුජාව බුද්ධගයා අනුරුව අසලින් ආරම්භ වී මහියංගන රජමහා විහාරස්ථානය දක්වා පාගමනින් ගමන් කල අතර ඒ සදහා විශාල පිරිසක් සහභාගි වුහ.
වෙසක් පොහෝදින මුස්ලිම් තරුණයන් පිරිසක් බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිනිබත් කිරිම සම්න්ධයෙන් නිතිය ක්‍රියාත්මක කල ආකාරයත්, නගරයේ පෝස්ටර් ඇල වු
සිංහල බෞද්ධයන් හට නිතිය ක්‍රියාත්මක කල ආකාරයත් සාදාරණ නොවු බවට ආගමික වතාවත් අවසානයේ අනුශාසනා පැවැත් වු හිමිවරු කිහිපනමක් වදාළහ.
ඒ සම්බන්ධයෙන් ලිපියක්, පොලිස්පතිතුමන් හට යොමු කර ඇති බවත් මුස්ලිම් තරුණයන් විසන් වෙසක් කූඩු හා බෞද්ධ කොඩි ගිනි තැබිමෙන් අසාධාරණයට ලක් වුයේ සිංහල බෞද්ධයන් බවත් ,
ඒ නිසා සිංහල බෞද්ධ තරුණයන් හට සාධාරණක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිතුමන්ගෙන් ඉල්ලු බව වදාලහ. තවද මේ වන විට රටේ බුද්ධශාසනය අනතුරකට පත්ව ඇති බවත් ජාතිවාදය යැයි ලේබල් ගසා රට, ජාතිය, බුද්ධ ශාසනය අනතුරට පත් කිරිම වහාම නවත්වන ලෙස පාලන අධිකාරියෙන් ඉල්ලු බවත් වදාලහ.
“ අපේ දරුවො වගේ හදන හරක් දහස් ගනන් නැති වෙලා තියෙනවා දැන්.. ඒ හැම හරකෙක්ම මරන්නේ පගර ගම්මන ගමේ. එහේ මස් කඩ නෑ. ඒත් ගෙවල් වල හරක් මරනවා. ඒවා වහගන්ඩ පොලිසියට බෑ. වහන්ඩ උවමනාවකුත් නෑ. පහුගිය දවස්වල සිද්ධියත් එක්ක පොලිස් දෙපාර්ථමේනතුවේ ඔක්කොම පගර ගම්මන ආරක්ෂාවට හිටියේ. අද බලන කොට මහියංගන නගරයේ කඩ වලට හරක් මස් නෑ. මොකද නැත්තෙ දන්නවාද? හරකෙක් මරාගන්ඩ විදියක් නෑ .
පොලිසිය අර මිනිස්සු වැසිකිලි ගියත් බලාගෙන ඉන්නේ. අන්න අපේ පුන්‍ය භූමියේ සත්තු මැරෙන එක නතර උනා. අපරාධ නතර උනා. මහියංගනයේ අපරාධ නවත්වන්න පොලිසියට වගකීමෙන් කියනවා පගර ගම්මන ගැන හොදට බලාගන්න කියලා. අපි ඔක්කොම අසරණයි. නිතිය අපිට විතරයි“ අනුශාසනාවක් පැවැත් වු හිමිනක් වදාල සේක.
බස්රථ, ත්‍රිවිල්, වැලි ට්‍රැක්ටර් යතුරුපැදි මගින් මීගහකිව්ල, කන්දකැටිය, රිදිමාලියද්ද, ගිරාදුරුකොට්ටේ, හසලක, මිනිපේ ආදි දුර බැහැර ප්‍ර දේශවලින් මෙම පුජාව සදහා විශාල පිරසක් සහබාගි වුහ.






















No comments:

Post a Comment