Friday, June 3, 2016

මහවැලි ගලේ වැලි ජාවාරම නැවත් ජයටම - පොලිසියෙන් අල්ලලා උසාවි දාලත් ආපහු ජයටම වැඩ

6/3/2016 2:41 PM
මහියංගනයේ මහවැලි ගගේ නිති විරෝධි ආකාරයෙන් දේශපාලන බලය හා නිළධාරින්ගේ සහයෙන් සිදුකරනා වැලි ජාවාරමක් පිළිබදව පසුගියදා මාධ්‍ය මගින් අණාවරණය කිරිමත් සමග පොලිසියේ ඉහල නිළධාරින්ගේ අවධනය ඒ වෙත යොමු විය.
මහියංගන ප්‍ර දේශයේ රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් ගඩොල් - උලු කම්හලට අයත් ඉඩමේ මහවැලි ගං තොටුපල බදු ගිවිසුමක් මගින් පවත්වාගෙන යන පුද්ගලයා නිති විරෝධි ආකාරයෙන් වැලි බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කරමින් ඩෝසර් යොදවා වැලි කැණිම හා මහවැලි ගග මැදට පාරක් කපා ට්‍රැක්ටර් ගෙන ගොස් වැලි පැටවීම ආදි භුවිද්‍යා හා පතල් කාර්යාංශයේ වැලි කැණිම් කොන්දේසි උල්ලන්ගනය කරමින් ‍සිදු කරනා ජාවාරම සම්බන්දයෙන් රටට අනාවරණය කිරිම මගින් 01දින මහියංගන පොලිසිය මගින් වැටලිමක් සිදුකර ඔහුන් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නිතිය ක්‍රියාත්මක කරනු ලැබුවා
බදු කරුට නිතිය ක්‍රියාත්මක කර තිබියදිත් අද (03) නැවතත් කිසිදු හිරිකිතයකින් තොරව පෙර ආකාරයෙන් ට්‍රැක්ටර් ගගට බස්සවා භුවිද්‍යා හා පතල් කාර්යාංශයේ වැලි කැණිම් කොන්දේසි උල්ලන්ගනය කරමින් වැලි ගොඩදැමිම සිදු කරගෙන යන ලදී.
ඒ පිළිබද ප්‍ර දේශවාසීන් විසින් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාහට දැනුම්දිමත් සමග ඔහුන් ගේ තොටුපොල වටලා ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගන්නා ලදී. බදු කරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් ඉඩමේ පවත්වාගෙන යන මෙම වැලි තොටුපල අවම ලංසුව ඉදිරිපත් කල පුද්ගලයා හට හිතවත් කම් මත දිමට කටයුතු කල අතර, බදු කොන්දේසි උල්ලන්ගනය කරමින් නැවත නැවත පවත්වාගෙන යන මෙම වැලි තොටුපල බදු ගිවිසුම අවලංගු කර නැවත් වෙන්දේසි කිරිමට හෝ ඊලග වැඩිම ලංසුව ඉදිරිපත් කල පුද්ගලයා හට ලබාදිමට හැකියාව පවතී.


No comments:

Post a Comment