Wednesday, June 8, 2016

හෙදිදරව්වෙන් හෙලිකල මහවැලි ගලේ වැලි ජාවාරම බලන්න කොළඹින් එයි - වැරද්ද පිළිගන්න ජාවාරම් කරුවන් කැමති නෑ.

 2016-06-08 ප.ව. 9:05

මහියංගනයේ මහවැලි ගගේ නිති විරෝධි ආකාරයෙන් දේශපාලන බලය හා නිළධාරින්ගේ සහයෙන් සිදුකරනා වැලි ජාවාරමක් පිළිබදව පසුගිය සතියේ මාධ්‍ය මගින් අණාවරණය කිරිමත් සමග  කොළඹ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ හා බදුල්ල කාර්යාලයේ නිළධාරින් කිහිප දෙනෙකු 08 දින දහවල් එම වැලි තොට පරික්ෂා කිරිම සදහා පැමිණියේය.
ඒ පැමිනෙන විටත් වැලි තොටෙහි සේවයේ නියුතු ඔත්තු කරුවෙකු මාර්ගයේ රැදි සිටිමින් පොලිසිය- මාධ්‍ය- නිළධාරින් තොටුපල පරික්ෂා කිරිමට පැමිනේද යන්න විපරමින් සිටිනු අප කැමරා කාචයේ සටහන් කර ගැනිමට හැකි විය. ඔහු එම තොටුපලෙහි ගොඩදමන වැලි ප්‍රමාණය සටහන් තබන්නෙකු ලෙස සේවය කරන්නෙකි.
නිළධාරින් පැමිණ මහියංගන ප්‍ර දේශයේ රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් ගඩොල් - උලු කම්හලට අයත් ඉඩමේ මහවැලි ගං තොටුපල පරික්ෂා කරනු ලැබුවා. එහි වැලි කැනිම සදහා බලපත්‍ර දෙකක් ලබා දි ඇති අතර එකක් නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යන අතර අප පෙන්වාදුන්නේ එහි වැරදි ආකාරයෙන් පවත්වාගෙන යන තොටුපලයි.
එම තොටුපලෙහි මහවැලි ගග මැදය මාර්ගයක් කපා, වැලි ට්‍රැක්ටර් වතුරට බස්සවා නිති විරෝධි ආකාරයෙන් වැලි කැනිම සිදු කරන ආකාරය පෙන්වා දෙන ලදී. තොටුපල හිමි කරුවන් ඔහුන් වැරදි සිදු කල බවක් පිළිගැනිමට කැමති ඌයේ නැත. මාධ්‍යෙයන් පෙන්වන්නේ වැරදි යැයි නිළධාරින්ට පැවසීය. නිළධාරින් වෙත කරුණු දැක්වීම සදහා වැලි තොටුපල සම්බද්දන නොමැති පිරිසද ජාවාරම් කරුවන් විසින් යොදාගෙන තිබුනි. වැලි පටවාගෙන යෑම සදහා පැමිණි ට්‍රැක්ටර් රථයක රියදුරෙක්ද ඒ සදහා සහබාගි කර ගෙන තිබුනි. වැලි තොට බදු ගිවිසම මත කරගෙන යන්නවුවන්  වරෙක නිළධාරින් සමග කථා කිරිමේදි ඩෝසර් ගගට දැමු බව පිලිගත්තේය.

එක් පිරිසකට පමණක් එක් නිතියකුත් වෙනත් පිරිසකට එක් නිතියක් ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රම වේදයක, නිතිය පසෙක තබා බල පුළුවන් කාර කමෙන් පරිසරට විනාශ කරනා මෙවැනි ජාවාරම් කරුවන් හට හරිහැටි දඩුවම් නොලැබිමෙන් මෙවැනි වැරදි යලි යලි සිදු කිරිමෙන් අනාගත දරුවන් වෙනුවෙන් පරිසරයක් තවත් නම් ඉතිරි වේද??  

31 දින රුපවාහිනි නාලිකා තුලින් ප්‍රවෘත්තිය විකාශනය විමත් සමග මහියංගනය පොලිසිය මැදිහත් වී තොටුපලේ නිතිවිරෝධි ආකාරයෙන් වැලි ගොද දැමු ට්‍රැක්ටර් අධිකරණයට ඉදිරිපත් කර නිතියෙන් දඩුවම් ලබාදුන් පසුත් පසු දින පෙර පිරිදිම (2016-06-03) කිසිදු බියක් හිරිකිතයකින් තොරව වැලි කැණිම්  මෙම ජාවාරම් කරුවන් විසින් සිදු කරන ලදී. එහිදිත් පොලිසිය මැදිහත් වි ට්‍රැක්ටර් අල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කර දඩ නියම කරන ලදී. 






No comments:

Post a Comment