Wednesday, June 1, 2016

හෙලිදරව්ව ඵල දරයි - වැලි ජාවාරම පොලිසියෙන් වටලයි - තවත් වැරදි කල වැලි තොටුපල 11ක වැලි ට්‍රැක්ටර් 10 පොලිස් අත් අඩංගුවට- වැලි ලොරි 2කුත් ඒ අතරට


6/1/2016 8:44 PM
මහියංගනයේ මහවැලි ගගේ නිති විරෝධි ආකාරයෙන් දේශපාලන බලය හා නිළධාරින්ගේ සහයෙන් සිදුකරනා වැලි ජාවාරමක් පිළිබදව ඊයේ (31) ස්වර්ණ වාහිනියේ හෙලිදරව්ව තුලින් ලොවට අණාවරණය කිරිමත් සමග  පොලිසියේ ඉහල නිළධාරින්ගේ අවධනය ඒ වෙත යොමු විය.

ඒ අනුව අද (01) උදැසන මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා 45 යුතු පොලිස් නිළධාරින් කණ්ඩායමක් යොදවා මහියංගන , පගර ගම්මන,  සොරබොර ගගේයාය, වගාව කොටසෙහි වැලි තොටුපොල වැටලිම් සිදු කර වැලි බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කල වැලි තොටුපල හිමිකරුවන් 11ක් සමග වැලි ට්‍රැක්ටර් 10 පොලිස් භාරයට ගත්තේය.

තවද මහියංගන ප්‍ර දේශයේ රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් ගඩොල් - උලු කම්හලට අයත් ඉඩමේ මහවැලි ගං තොටුපල බදු ගිවිසුමක් මගින් පවත්වාගෙන යන පුද්ගලයා  නිති විරෝධි ආකාරයෙන් වැලි බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කරමින් සිදු කරනා ජාවාරම සම්බන්දයෙන්  ඊයේ (31) ස්වර්ණ වාහිනියේ හෙලිදරව්ව තුලින් ලොවට අණාවරණය කිරිමත් සමග  පොලිසියේ ඉහල නිළධාරින්ගේ අවධනය යොමු වීමත් සමග  මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා හා පොලිස් නිළධාරින් එම තොටුපල නිරික්ෂණය කරනු ලැබු අතර රජයේ ලංකා පිගන් සංස්ථාවේ මහියංගන ශාකා කළමණාකර වරයාද තොටුපල නිරික්ෂණය සදහා පැමිණ සිටියේය. තොටුපල බදු ගිවිසිම අනුව පවත්වාගෙන යන පුද්ගලයාගේ ටැට්ටර් දෙකද පොලිස් භාරයට ගනු ලැබුවා.

ඒ අනුව නිතිවිරෝධි ආකාරයෙන් මහවැලි ගගට ට්‍රැක්ටර් හා ඩෝසර් යොදවා වැලි කැනිම් කල පුද්ගලයාගේ ටැට්ටර් 02ක්  හා බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කර වැලි ගොඩදැමිම සිදු කල අනෙකුත් තොටුපල හිමියන්ගේ ට්‍රැක්ටර් 10ක් සහ බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කර වැලි ප්‍රවාහනය කල ලොකු ටිපර් 02ක් අත් අඩංගුවට ගනු ලැබු අතර ඒවා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ

පිගන් සංස්ථාවේ වැලි තොටුපල බදු ගිවිසුමත් මත සිදු කරනා පුද්ගලයාව මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා විසින්  කැදවා මහවැලි ගග මැදට වැලි ටැට්ටර් ගෙන ගොස් සිදුකරනා  වැලි ගොඩදැමිම් වහාම නවත්වන ලෙසට තරයේ අවවාද කරනු ලැබු අතර එසේ නොවුනහොත් තොටුපල  තහනම් කිරිම සදහා පියවර ගන්නා බවට අවවාද කිරිමත් සමග මින් ඉදිරියට එවැනි වැරදි නොකරන බවටද,නිවැරදි ආකාරයෙන් වැලි ගොඩ දැමිම් සිදු කරන බවට බදු ක්‍රමයට ලබාගෙන පවත්වාගෙන යන පුද්ගලයා  පොරොන්දු විය.



















No comments:

Post a Comment