Monday, June 13, 2016

කොසු මිටෙන් ගසා අව්රුදු දෙකේ දරුවා ඝාතනය කරනු ලැබු පාපතරයන් පොලිසියට කොටුවෙයි

6/13/2016 12:30 AM

අවුරුදු 02ක කුඩා දරුවෙකු කොසු මිටකින් ගසා මරා වලදැමු සිද්දියකට සම්බන්ද සැකකාර මවක් මහියංගන පොලිසිය විසින් ඊයේ (12) දහවල් මහියංගන,15 කණුව, ගඩුගුඩාඔය, රිදිමාලියද්ද ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. මෙම සැකකාරියගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඔහු සමග එක්ව දරුවාගේ සිරුර අනියම් සැමියාගේ  නිවස ආසන්නයේ වලදැමු බව මහියංගන පොලිසිය විසින් සිදු කරනු ලැබු ප්‍රශ්න කිරිම් හමුවේ සැකකාරිය පාපොච්චාරණය කර ඇත.
“ මොකද අනේ මගේ පැටියා හුග දවසකින් මට කථාකරේ නැත්තේ?? එයා නිදි.. ඔයාත් ඉතින් කථාකරන්නේ පැටියා නිදාගත්තාමනේ“.. දින කිපිපයකට පසු “ අදවත් මගේ පැටියාට මට කථාකරන්න බැරිද ?? මහත්තයා මගෙන් ඇවිටිලි කර කර ඇහුවා. හැමදාම බොරු කිය කියා ඉන්න බැරිම තැන මම “ ඔයාගේ පුතා පඩි පෙළෙන් වැටිලා මැරුණා..මම බයට කාටත් නොකියා කැළණි ගගට විසිකරා..කාටවත්කියන්න එපා අනේ“ කියාල බොරුවට කිව්වා. මම කියපු කථාව ඇත්තද? බොරුද? විහිලුවක්ද කියා නොදන්න නිසා මම හොයාගෙන කඩි මුඩියේ රිදිමාලියද්දේ ඉදලා මහත්තයා කොළඹ ආවා. අපි කොළඹ කොටුවේදී හම්බ උනා. දරුවා ගැන මම එයාට කිව්වා.. එයා කිවුවා මිරිහාන පොලිසියට යමු කියලා. එයා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කිරිමට ගිය බවත් දැනුම් දුන්නා. ඊට පස්සෙ මම කිවුවා අපි මහියංගනයට යමු කියලා. පස්සේ අපි සවස කොළඹ බිබිල බස් එකෙන් ගෙදරට ආවා. ඒ ගෙදර ඇවිල්ලා ඉන්න කොට පොලිසියෙන් ඇවිල්ලා මාව මහියංගනය පොලිසියට එක්කර ගෙන ආවා. ඒ ඇවිල්ලා මගෙන් ප්‍රශන් කලා. ඉන් පසු මගේ දරුවාට සිදු වු සත්‍ය දෙය මම පොලිසියේ නිලධාරින්ට දැනුම් දුන්නා.....
වයස අවුරුදු 02ක් වු එස්.එම් මිනුල් දේවිතිස් යන දරුවා පසුගි 2016.05.08 දින ගොඩගම දී ඝාතනය කර සැගවිම සම්බන්දයෙන් දරුවගේ මව ලද තොරතුරක් මත මහියංගන පොලිසිය මගින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවා. සැක කාරිය වයස 26ක විහාහක කාන්තාවකි. සැකකාරිය නවගමුව ප්‍ර දේශයේ ඇගලුම් ආයතනයක සේවයේ යෙදී සිටි කාන්තාවකි. සැමියා සමග අමනාප වී තම වයස අවුරුදු දෙකේ දරුවා සමග ඇගලුම් ආයතනයක සේවය සදහා සැකකාරිය කොළඹ ප්‍රදේශය වෙත පැමිණ ඇත.

“ මම  රැකියාවක් ලෙස නවගමුව ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවය කලා.  2015 දෙසැමිබර් මාසයේ සිට 2016 මාර්තු 16 වන දින දක්වා සේවය කලා. ඒ ආයතනයෙන් පඩි හරියට ගෙව්වේ නැති හින්දා මම ඒ ආයතනයෙන් අස්  වුණා.  ඓහෙම අස්වෙලා මම වෙනත් කොහෙවත් වැඩකට යන්නේ නැතිව මම මගේ වයස අවුරුදු දෙකක් පුතා එක්ක ගොඩගම හංදිය අසල කුලියට ගත්ත තනි කාමරයක නැවතිලා හිටියා. බෝඩිම තට්ටු දෙකේ එකක්. අපි හිටියේ උඩතට්ටුවේ කාමරයක. මගේ පුතා එක්ක මම තනියම ඒ කාමරයේ හිටියේ. කලින් වැඩකරද්දි ඉතුරුකරපු සල්ලි ටිකක් තමයි අපි දෙන්නාට ජිවත් වේන්න තිබ්බේ. මේ ඉන්න අතර කාලයේදි මම මීගොඩ ප්‍රදේශයේ පදිංචි කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වුවා.
දවසක් (2016.05.07 )  රෑ 11.00 විතර එයා මගේ බෝඩිමට ආවා. ඒ ඇවිත් අපි දෙන්නා එකට නිදාගෙන ඉදලා පහුවදා(2016.05.08) උදේ 7.00 විතර නැගිට්ටා.  එයා කිව්වා මට ටී ෂර්ට් එකේ කොලර් එක ඉරිලා ඒක හදලා දෙන්න කියලා. දරුවයි එයායි බෝඩිමේ ඉද්දි මම ගොඩගම හංදියට ගිහින් ටීෂර්ට් එකේ  කොළරය මහන්න බැලූවා. මහන තැන් ඔක්කෝම  වහලා තිබ්බේ ඒ වෙලාවේ. ඒ නිසා මම නැවත බෝඩිමට ආවා.
ඒ එනකොටත් පුතායි එයායි බිම නිදාගෙන සිටියේ. මම ඇවිත් තේ හදලා පුතාටයි එයාටයි කතා කලා. ඒ වෙලාවේ  වෙලාව උදේ 08’00 විතර ඇති. තේ බීලා ඉවර වෙලා මගේ පුතා කාමරය ඇතුලේ සෙල්ලම් කරමින් සිටියා. ඒ සෙල්ලමි කරමින් ඉන්නකොට පුතාගේ අතේ තිබු සෙල්ලමි ප්ලේන් එක වයින් කරලා ඉස්සරහාට යැවුවා. ඉස්සරහාට ගිය සෙල්ලම් ප්ලේන් එක එයා අතට අරගෙන පුතාගේ අතට ගෙනල්ලා දුන්නා. එතකොට පුතාගේ අතේ නියපොතු වලින් එයාගේ අත සීරුනා. “ මූට තියෙන්නේ තාත්තාගේ පුරුද්දයි.මූණමයි“  කියලා අතින් පහරවල් පහ හයක් හයියෙන් ගැහුවා. ඒ වෙලාවේ මම දරුවා ලගට ගිහිල්ලා දරුවාට ගහන්න එපා කියලා දරුවා අල්ලා ගත්තා. එයා මාව තල්ලූ කරලා දාලා කාමරයේ ඇද යට තිබුණු කොසු මිටක් අරගෙන මගේ පුතාගේ පිට ප්‍රදේශයට සහ බඩ පැත්තට හයියෙන් පහරවල් කිහිපයක් ගැහුවා. ඒ එක්කම මගේ පුතා බිම ඇදගෙන වැටුනා. ඊට පස්සේ මම පුතාව උස්සලා අරගෙන ඇදෙන් තියලා පුතාගේ කටට කට තියලා හුස්ම ගැනිමට උත්සහ කෙරෙවුවා. ඊට අමතරව බඩ  ප්‍රදේශයද තද කරලා හුස්ම ලබා ගැනිමට උත්සහ කලා. වැඩක් උනේ නැහැ. මම ඊට පස්සේ දැක්කා පුතාට ගහපු පහරවල් නිසා පුතාගේ බඩ ප්‍රදේශයේ සහ මූණ ප්‍රදේශයේ තැලිම් තුවාල තියෙනවා දැක්කා. ඒ එක්කම ටිකක් ‍වෙලාවක් යනකොට පුතාගේ කටින් රතුපාට ලේ වාගයක් එන්න ගත්තා. ඒ වෙලාවේ මම හයියෙන් කෑගැහුවා. ඒ කෑ ගහනකොට එයා මට තර්ජනය කරලා කිවුවා “තෝ කෑගහන්න එපා. කෑ ගැහුවොත් උබත් මෙතනම මරණවා“ කියලා. ඒ වෙලාවේ මට මරණ භය නිසා සද්ද නැතුව හිටියා. ඊට පස්සේ මම දරුවාත් අරගෙන යනවා කියලා යන්න ලෑස්ති වුණා. ඒවෙලාවේ වේලාව 9.30.ත් 10.00 විතර වගේ.  ඒ වෙලාවේ එයා  ගෙදරින් යන්න ගියා.
මම මගේ දරුවා අරගෙන රෝහලකටවත් ගියේ නැත්තේ මට ගහයි මරයි කියන බය හින්දා. මම දරුවා තියාගෙන බෝඩිමේ ඉන්න කොට 11.30 ත් 12.00ත් අතර කාලයේදි ඒයා ආපහු බෝඩිමට ආවා. ඒ ඇවිල්ලා  “මේක කාටවත් කියන්න එපා. කිවුවොත් උබත් උබේ පවුලේ අයත් සේරම එක්ක මම හිරේට යනවා. ගිහිල්ලා අවුරුදු පහකින් හරි එලියට ඇවිත් උඹලා සේරම මරණවා“ කියලා ආපහු තර්ජනය කරා. අපි දෙන්නාම  බෝඩිමේ රෑ වෙනකම් දරුවා තියාගෙන හිටියා.  අපි දෙන්නා එකතුවෙලා මගේ පුතා පැනල් රෙදි කෑල්ලක ඔතාගෙන වඩාගෙන පයින් ටික දුරක් ගිහිල්ලා ගොඩගම හංදියේදි ත්‍රිවිල් එකක නැගලා විමුක්තිලාගේ ගෙවල් පැත්තට ගියා. ඒ ගිහින් ත්‍රිවිල් එක ආපහු එවුවා.
ඒයාලාගේ ගෙවල් අසල පාලූ නිවසක් ලගට ගියා.  ඒ ගෙදර බැම්මක් අයිනෙන් ටික දුරක් යන කොට ඒ අසලම පොල් ගස් දෙකක් තියෙනවා. එයා උදැල්ලකුත් අරගෙන ඇවිත්  පොල් ගස් දෙක අතරින් බැම්ම අයිනේ අඩි තුනක් විතර වලක් කැපුවා.  ඒයා ඒ වල කපලා මගේ අතේ හිටිය දරුවා ඇරගෙන දරුවා වලට දාලා පස් දාලා වහලා දැම්මා. දරුවා ඔතාගෙන ගිය පැනල් රෙදි කෑල්ල මම නැවත ගෙදර ගෙනාවා. ඒ රෙදි කෑල්ල දැනට කොට්ටාව බෝඩිමේ තියෙනවා. අපි 8.00ත් 09.00ට විතර ආපහු බෝඩිමට ආවා.

එදා රෑ  අපි දෙන්නා බෝඩිමේ ඉදලා පහුවදා  මගේ රෙදි ටිකත් අරගෙන මම පිටත් වූණා. ඒ එක්කම එයා ගෙදර යනවා කියලා යන්න ගියා. “උඹ ගෙදර යන්න එපා“ කියලා මට කොට්ටාව පැත්තේ බෝඩිමක් හොයලා දුන්නා. මම ඒ බෝඩිමේ  නැවතිලා ඒ ලග අදුම් මහන තැනක ඇදුම් මහන්ඩ ගියා. මම  බෝඩිමේ  ඉන්නවාද නැද්ද කියලා බලන්නත් එයා දවස් දෙකකට තුනකට සැරයක් ඇවිත් සොයලා බලනවා. ඒ බෝඩිමේදි අපි දෙන්නා එකට හිටියේ නෑ. මාගේ පුතා පහරදි මරා දැමිම එක මම මගේ පුරුෂයාටවත් මගේ ගෙදර අයටවත් වෙනත් ඥාතියෙකුටවත් කිවුවෙ නෑ.
මගේ විවාහක පුරුෂයා මට දුරකතනයෙන් කතා කරලා පුතා කෝ කියලා නිතර නිතර අහන්න ගත්තා. ඒ වෙලාවට මම පුතා නිදි කියලා බොරුවට  කියනවා. ඔය අතරදි 2016.06.08 වන දින මහත්තයාට මම මිස් කෝල් එකක් ගැහුවා. ඒ වෙලාවේ මහත්තයා මට කෝල් එකක් ගත්තා. ඒ වෙලාවේ මම “ අපේ පුතා දැනට ජිවතුන් අතර නෑහැ“ කියලා කිවුවා. මහත්තයා මගෙන් විස්තර කරලා ඇහුවා. ඊට පස්සේ මම කිවුවා දරුවා පඩි පෙලින් වැටිලා මිය ගියා කියලා. ඒ මිය  ගියාට පස්සේ මට ඇති වුණු බය නිසා මම දරුවා අරගෙන ගිහින් කැළණි ගගට විසිකරා කියලා බොරුවට කිවුවා. ඉන් පස්සේ තමයි මාව හොයාගෙන මහත්තයා කොළඹට ආවේ“ යැයි සැකකාරිය පාපොච්චාරණය කර ඇත.
අත් අඩංගුවට ගත් සැකකාරියගේ අනියම් ඇසුර සම්බන්දයෙන් විවාහක සැමියා වෙත තොරතුරු ලැබීමෙන් පසු වරක් ඔහු විසින් අනියම් පුරුෂයා හට බැන වැදීම හේතුවෙන් එහි පලිය ඔහුගේ දරුවාගෙන් ගන්නට මෙම මිනිමැරුම සිදු කලේද යන්න පිළිබද පොලිසිය සැක ඵල කර සිටින අතර පොලිස් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
වයස 29ක් වු සැකකාරියගේ අනියම් සැමියා අතුරුගිරිය පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත. දරුවගේ මිනිමැරුම සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු හා අධිකරණ කටයුතු සිදු කිරිම සදහා සැකකාරිය අතුරුගිරිය පොලිසිය වෙත මහියංගන පොලිසිය විසින් බාරදීමට නියමිතව තිබේ.
බදුල්ල දිශාභාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ  හා  බදුල්ල  කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතාගේ උපදෙස් මත මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා හා මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර  මහතාගේ අධික්ෂණයෙන් අපරාධ අංශයේ  උ.පො.ප. එම්.එචි.ජි. අශෝක මහතා  හා පො.කො 68726 ජයරත්න  යන නිලධාරින් මෙම දරුවාගේ ඝාතනය සම්බන්දයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක කරනු ලැබිය.


ඡායාරූපය - මවගේ ජංගම දුරකථනයේ තිබු ඝාතනය කල දරුවගේ ඡායාරූපයක්

No comments:

Post a Comment