Wednesday, March 18, 2015

කෙසේල් ගෙඩියක් උගුරේ සිරවී මාස 7 දරුවෙකු මියගිය සිද්දියේ මරණ පරික්ෂණ වාර්ථාව

3/18/2015 11:03 PM

“දරුවා හයියෙන් කහිනවා කාමරය පැත්තෙන් ඇහුනා. මම කාමරයට දුවලා ගියා. දරුවා කාපු කෙසෙල් සෙමත් එක්ක නහයෙන් කටින් වමනේ දාලා ඉන්නවා මම දැක්කා. මට ගොඩක් බය හිතුනා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිඋනා. මම කෑගැහුවා. අහල පහල අය දුවලා ආවා. අපි ඉක්මනට දරුවා මහියංගන ඉස්පිරිතාලෙට අරගෙන ගියා. දොස්තර මහත්තුරු ගොඩක් මහන්සි උනා මගේ දරුවාගේ ජිවිතය බේරගන්න. අනේ අපේ දරුවා අපි දාලා ගිය“.
මව විසින් කවන ලද කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවි මාස 07ක කුඩා දරුවෙකු මිය යෑ සම්බන්ධයෙන් මහියංගන මුලික රෝහලේ දී පැවැති මරණ පරීක්ෂනයේදී සාක්ෂි දුන් මිය ගිය දරුවාගේ මව වන තිළිණි කෝෂිලා(27) යන අය පැවැසීය.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මහියංගන, අරාවත්ත, තරුණ ව්‍යාපාරයේ අංක 174 නිවසේ පදිංචිව සිටි දිණුක පැහැසර නම් මාස 6 දින 16ක් වයසැති කුඩා බිළිදෙකු වේ.
මියගිය දරුවා සම්බන්ධ මරණ පරීක්ෂණය මහියංගන හදිසි මරණ පරීක්ෂක කේ රූබසිංහ මහතා ඉදිරියේ 18 දින උදැසන පැවැති අතර සාක්ෂි මෙහෙයවීම මහියංගන පොලීසියේ පොලිස් සැරයන් (437090) ඒ.බී. නිහාල් මහතා විසින් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් දරුවාගේ මව වන තිළිණි කෝෂිලා(27) “අපි බැදලා අව්රුදු පහක් (5) . අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. නැති වුන පුතා මාස 6යි. ලොකු දුව අවුරුදු 2යි මාස 7ක් වෙනවා. පොඩි පුතයි මායි විතරයි ගෙදර හිටියේ. හැන්දැවේ මම ඉදිනු සිනි කෙසෙල් පොඩිකරලා කැව්වා. දරුවා කෙසෙල් කාලා හොදට හිටියා. රෑ කෑම හදන්න දරුවා ඇදේ හාන්සි කරලා මම කුස්සියට ගියා. දරුවා කහිනවා ඇහිලා තමයි මම කාමරයට දිව්වේ“. යැයි සාක්ෂි දෙමින් පැවසීය.
“ මම උදේ වැඩට ගිහින් හිටියේ ඩෝන් ලංකා කෙසෙල් ෆාම් එකේ. මට හැන්දෑවේ කොල් එකක් ආවා දරුවා ලෙඩ වෙලා මහියංගන ඉස්පිරිතාලෙට අරංගියා කියලා. මම ඉක්මනින් යාලුවෙකුගේ බයිසිකලයක් ඉල්ලගෙන ඉස්පිරිතාලෙට ආවා. ඒ එනකොට දොස්තර මහත්තුරු දරුවා වට කරගෙන හිටියා. දරුවාගේ ඇස් උඩගිහින් තියෙනවා මම දැක්කා“ යැයි සාක්ෂි දෙමින් දරුවාගේ පියා වන අජිත් සුරංග (31) පැවසිය.
මියගිය දරුවාගේ ඥාතින් ඇතුලු තවත් කීප දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගත් හදිසි මරණ පරීක්ෂක කේ රූබසිංහ මහතා, මහියංගන මුලික රෝහල් පස්චාත් මරණ පරීක්ෂණය සිදුකල වෛද්‍ය ආර් එම් ගුණසේකර මහතාගේ මරණ පරීක්ෂණ වාර්තාවද සැලකිල්ලට ගනිමින් මෙය වමනය යෑම හේතුවෙන්, වමනය පිට උගුරේ යෑම හේතුවෙන් ස්වසන පද්ධතිය අවහිර වී, හුස්ම අවහිර වීමෙන් පෙනහලු හා හෘදය අක්‍රිය වීමෙන් මෙම මරණය සිදු වී ඇති බව තිරණය කෙරිනි.






No comments:

Post a Comment