Sunday, March 29, 2015

දහඩිය, කදුල කැප කර ලබාගන්නා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකන මහියංගනය / හසලක පල්ලේවත්ත/ මිනිපේ හොරුන්ගේ වැඩ ටික මෙන්න - බදුල්ල කිරුම් මිණුම් ඒකකයෙන් හොරු ටික අල්ලයි

 2015-03-29 පෙ.ව. 10:05

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන බොහෝ පිරිසක් තවමත් තම ජීවිකාව සරි කරගන්නේ ගොවිතැන හරහායි. ඔවුන්ගේ ලොකුම සිහිනය වන්නේ මාස ගණනාවක් දහදුක් විද ලබාගන්නා තම අස්වැන්නට සාධාරණ මිලක් ලබාගැනීමයි. දහඩිය, කදුල කැප කර අස්වැන්නට මිලක් ලබාගැනීමට වෙරදරනා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකෑමට වෙනස්කරන ලද වංචනික තරාදි සකසා කූට වෙළදුන් දරනා වංචනික ප්‍රයෝගයක් පිළිබදව පසුගියදා මහියංගනය ප්‍ර දේශයෙන් අනාවරණය කර ගන්නට හැකි වු අතර කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් පසුගියදා කූට වෙළෙදුන් අල්ලා ගැනිම සදහා විශේෂ වැටලීමක් මහියංගන නගරයේදි සිදු කෙරින.

වී අස්වනු ලබාගැනීම සදහා සුක්ෂම ලෙස තරාදි වෙනස් කිරීමේ ජාවාරමක්  මහියංගනය, හසලක, පල්ලෙවත්ත හා මිනිපේ යන ප්‍රදේශවලින් පැමිණෙන වෙළදුන් විසින් සිදු කරනු ලබන අතර  බහුලව මෙම වෙනස්කරන ලද තරාදි භාවිතා කර වී තොග වංචනික ලෙස ලබාගන්නා බවයි තොරතුරු අනාවරණය වුයේ.
විශේෂයෙන් මහියංගනයේ සිට බිබිල මොණරාගල , මිගහකිවුල කන්දකැටිය, දඹාන, පදියතලාව, ගිරාදුරුකෝට්ටේ, හෙබරව, ගින්නෝරුව, දිවුලපැලැස්ස හා මහවැලි සි කලාපයේ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවත් වි, බඩඉරිගු, කවුපි, මුං, තල හා ධාන්‍ය බෝග සදහා වැඩි වශයෙන් වංචාව සිදු කරන බවට පැමිණිළි හා තොරතුරු අණාවරණය වි ඇත.

මේ වන විට ප්‍ර දේශ රැසක වි අස්වනු නෙලිම ආරම්ක කර ඇති අතර විශේෂයෙන් එම ප්‍ර දේශ ඉලක්ක කරගනිමින් කුඹුරු වලටම ගොස් ගොවියාගෙන් වැඩි මිළට වි මිළදි ගැනිමට මෙම ජාවාරම් කරුවන් ක්‍රියා කරමින් සිටි.

කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් වෙනස්කරන ලද වංචනික තරාදි සොයා පසුගියදා (21) විශේෂ වැටලීමක් දියත් කළා. වෙනස් කරන ලද තරාදි ලොරි රථවල රහසිගත ස්ථානවල සගවා තබන බවට ලද තොරතුරු අනුව දැඩි පරීක්ෂාවකට ලක්වුණා.ලොරි රථයක් පරීක්ෂාකරන අතරතුර පැමිණි පිරිස රථය ද රැගෙන පළාගොස් තිබුනේ ව්‍යාජව සකසන ලද තරාදිය පමණක් නිලධාරින් අතේ තිබියදී.
ඔවුන්ගේ පළායාමත් සමග මුලින් පරීක්ෂා කළ ලොරියේ සිටි තරුණයා පැවසුවේ තමන් සතු තරාදියද පළාගිය ලොරියේ සිටි පුද්ගලයෙකුගෙන් ලබාගත් එකක් බවයි. පළාගිය ලොරි රථය හා පුද්ගලයින් පිළිබදව මහියංගනය පොලිසියේද සහයෙන් මේ වනවිට පරීක්ෂන ආරම්භ කර තිබෙනවා.
මහියංගනයේ ව්‍යාජ තරාදි වංචාවට අදාළ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇතැයි කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පවසනවා. එම දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරීන් පැවසුවේ තරාදි පරීක්ෂාවේදී ලොරි රථය ද රැගෙන පළා ගිය පුද්ගලයා පසුව තම කාර්යාලයට පැමිණ භාර වූ බවයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තරාදි වංචාව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කර ගැනිමට හැකි වී තිබෙනවා. තොරතුරු අනුව ඉදිරියේදි වැටලිම් රැසක් සිදු කිරිම සදහා මේවන විටත් පියවර ගනිමින් සිටින බව ඔහුන්  අප සමග ප්‍රකාශ කර සිටියේය.

කූට වෙළෙදුන්ගේ අලුත්ම ක්‍රම වේදය වන්නේ කේෂ්ත්‍රයට හොර තරාදි ලොරි රථයේ රැගෙන යාමෙන් වැලකි ලොරි රථයේ සහයක මගින් මාර්ගයේ ගමන් ගන්නා බස් රථමගින් ගෙන යෑමයි.  එහිදි ඔහුන් බලාපොරොත්තු වන්නේ  මහ මගදි සිදුවන වැටලිම් වලින් මිදි වංචාව සාර්ථකව ඉදිරියටම ගෙන ගොස් ඔහුන්ගේ මඩිය තරකර ගැනිම වේ. වෙළදුන්ගේ කුමණ දහන් ගැට ගැසුවත් ඒ සම්බන්දයෙන් සියලු තොරතුරු කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් හට ලැබෙන බවත් ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හා වැටලිම් නිරන්තරයෙන් සිදු කරන බව බදුල්ල ඒකකයේ  කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක මහතා ප්‍රකාශ කර සිටි.
වංචනික ආකාරයෙන් වෙනස් කරන ලද තරාදි පහසුවෙන් හදුනාගන්නා ආකාරය දුලිත් අශෝක මහතා මෙසේ පැහැදිලි කලේය. “ මේ ආකාරයෙන් සාදනා තරාදි වලින් නිවැරදිව බර කිරන්නත් හොරට කිරන්නත් පුලුවන් විම විශේෂත්වයක්. ඒ නිසා මුලින්ම ගොවි මහතුන් ඉදිරියේ පළමුව කිරන වි ගෝනි නිසි ආකාරයෙන් කිරා පෙන්වා දෙවනුව ගොවියාට නොතේරෙන ආකාරයෙන් තරාදියේ ගියරය මාරුකර වංචනික ආකාරයට කිරිම සිදු කරනවා. මෙය ගොවියාට පැහැදිලිව හදුනා ගන්න බෑ. මොකද තරාදියේ අභ්‍යන්තරයේ වෙනස් කම් සිදු කර අලුතින් ස්ප්‍රින් එකක් දාලා තියෙනවා. ඒක පිටතට පේන්නේ නෑ. ඒ නිසා තරාදිය  මුලින්ම පරික්ෂා කිරිම තුලින් ගොවිමහතුන් හට මෙම වංචනික තරාදිය පිටතින් බලා හදුනා ගැනිමේ ක්‍රමයක් තියෙනවා.
පළමු ක්‍රමය තමයි ඡායා රූප අංක 02 පරිදි තරාදියේ පිටුපස මුහුනතේ ඇති කුඩා ඇණ දෙක පරික්ෂා කරන්න. එවිට එය එකම සමාන හා එකම ප්‍රමාණයේ නොවුනහොත් එය වංචනික තරාදියකි. ( එහි එක් ඇණයක් ගලවා අලුතින් දිග ඇණයක් සවිකර තරාදියේ අභ්‍යන්තරයට ස්ප්‍රින් එකක් සවි කෙරේ)
දෙවන ක්‍රමය වන්නේ ඡායා රූප අංක 01 පරිදි තරාදියේ කොක්ක සවිකරනා කොටස අතින් උඩට එසවිමේදි තරාදියේ කටුව කිලෝ 80 පසු කර (කිලෝ 75-70-65-60 දක්වා) පසු පසට කැරකේ නම් (අවගමණය) එයද වෙනස් කරන ලද හොර තරාදියක් වේ.  වෙනස් නොකරන ලද තරාදියක කටුව පිටුපසට කැරකෙන්නේ කිලෝ 80 (ඉතා කුඩා දුරක් ) දක්වා පමණක් වේ.
වංචනික ආකාරයෙන් තරාදි සකසා ගොවින්ගේ අස්වනු වංචා සිදු කරනා වෙළෙදුන් සම්බන්දයෙන් ඉදිරියේදි වැටලිම් රාශියක් සිදු කිරිමට බළා පොරොත්තු වන බවත් මෙවැනි කූට වෙළෙදුනගේ ප්‍ර යෝග වලට හසු විම වැලැක් විම සදහා තමා සතුවට තරාදියක් මිළදි ගන්නා ලෙසත් ඒ සදහා වැය වන්නේ රුපියල් 3000ක් පමණ සුලු මුදලක් බවත් එම තරාදි වාර්ශිකව ලියාපදිංචි කර භාවිතයට ගන්නා ලෙස මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් ගොවිජනතාවය දැනුම් දෙයි.
මෙම වැටලිම සදහා මහියංගන පොලිස්ථානයේ නිළධාරින්ගේ සහය ලබාගත් අතර මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ මිණුම් සේවා අධ්‍යක්ෂ කේ ප්‍රේමසිරි කුමාර මහතාගේ විශේෂ උපදෙස් පරිදි හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ අධික්ෂණයෙන් බදුල්ල ඒකකයේ  කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක, මිනුම් සේවා පරික්ෂක කේ සි අමල් පෙරේරා, මිණුම් ප්‍රමිති සහයක කේ පි වසන්ත කුමාර යන නිලධාරින් සහබාගි වි සිටියේය.
ඡායාරූප
ඡායාරූප 01 හොර තරාදි හදුනා ගන්නා ක්‍රමය 01
ඡායාරූප 02 හොර තරාදි හදුනා ගන්නා ක්‍රමය 02
ඡායාරූප 03 වෙනස් කරන ලද තරාදියේ ඇතුලත ස්වරූපය එහි අංක 01 දිස් වන්නේ අලුතින් සවිකරන ලද දිග ඇණය වන අතර අංක 02 අලුතින් සවි කරණ ලද ස්ප්‍රින් එක 





















No comments:

Post a Comment