Thursday, June 4, 2015

පොසොන් පෝය දින රෝහලේ ලෙඩ්ඩු බඩගින්නේ - රොගින් කුසගින්නේ සිටියදි පාලන අධිකාරිය හා කාර්ය මණ්ඩලයෙන් ලක්ෂ 2ක් වියදම් කර අයිස් ක්‍රිම් දන්සැලක්


2015-06-02 පෙ.ව. 02:17
පොසොන් පෝය දින දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ නේවාසික රෝගින් හට උදැසන ආහාර වේල නොලැබිමෙන් කුස ගින්නේ සිටිමට සිදු වු පුවතක් දෙහිඅත්තකන්ඩිය ප්‍ර දේශයෙන් වාර්ථාවන අතර රොහලේ රෝගින් කුසගින්නේ සිටියදි රෝහලේ පාලන අධිකාරිය හා සේවකයන් එක්ව රුපියල් ලක්ෂ 2ට ආසන්න මුදලක් වැය කර රෝහල ඉදිරිපිට අයිස්ක්‍රිම් දන්සැලක් පැවැත් වු බව වාර්ථාවේ.
රෝහලේ සුලු සේවකයන් හිගයක් පවතින බව පවසමින් මුලුතැන්ගේ රාත්‍ර සේවා මුරය කප්පාදු කල වත්මන් පාලන අධිකාරිය ඊට පිළියමක් ලෙස උදැසන ආහාර වේල සදහා පිටතින් ගෙන්වන ලද පාන් ලබාදිම ආරම්භ කර ඇති අතර, පොසොන් පෝය නිමිත්තෙන් බේකරි සියල්ල වසාදැමිම හේතුවෙන් දෙහිඅත්තකන්ඩිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගින් 80ක් හට පොසොන් පෝය දින උදැසන ආහාර වේල අහිමි වි පිඩා විදිමට සිදු වි ඇත. නේවාසික ප්‍රතිකාර ලබන භික්ෂුන්වහන්සේ නමකටද මෙමගින් පිඩා විදිමට සිදු වි ඇත. පසුව රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු විසින් උන්වහන්සේට උදැසන දානය පිලිගන්නා ඇති අතර අනෙකුත් රෝගින් හට කුස ගින්නේ සිටිමට සිදු වි ඇත.
රෝහල් වල රෝගින් සදහා සැම දිනම පාන් ලබාදිම රජයේ චක්‍ර ලේකයක් මගින් නතර කර දමා ඇති ඒ සදහා ධාන්‍ය වර්ග තම්බා ලබාදිම සිදු කෙරේ. දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ වත්මන් පාලන අදිකාරියේ ඒ චක්‍රෙල්ක විධිවිධානයන් උල්ලන්ගනය කරමින් අත්තනෝමතික තිරණ අනුව මේ වන විට උදැසැන රෝගින් සදහා සතියේ දින හතේම පාන් ලබාදිම සිදු කෙරේ.
මේ සම්බන්දයෙන් දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ ප්‍රධානි දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි වෛද්‍ය සුසන්ත ගුණසිංහ මහතාගේ ජන්ගම දුරකථනට ඇමතුමක් ලබාදුන්නද සම්බන්දතාවය විසන්දිකර තිබිම හේතුවෙන් සම්බන්ද කර ගැනිමට නොහැකි විය.

මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයේ සුභ සාධක සංගමය විසින් පළමු වරට සංවිධානය කරන ලද අයිස් ක්‍රීම් දන්සල






මහියංගන ජාතික පාසලේ 2006 හා 2009 වර්ෂයේ උසස් පෙළ හැදැරු පිරිස විසින් සංවිධානය කර තිබු පාන් - පරිප්පු දන්සල






පොල් රොටි දන්සල ගිරාදුරුකෝට්ටේ



පොසොන් බැති ගී ප්‍රසංගය - ගිරාදුරුකෝට්ටේ මැදි මහා විදුහල


පොසොන් පොහොය නිමිති කර ගනිමින් මහියංගන නගර මධ්‍යෙය් (සමනල හා මුනසිං ෆඩ්සිටි ඉදිරිපිට) 8 වන වරටත් සංවිධානය කර තිබු අයිස් ක්‍රිම් දන්සැල






2015 වර්ෂ පොසොන් පොහොය නිමිති කර ගනිමින් මහියංගන මාපාකඩවැව 17 කණුව ප්‍ර දේශයේදි සංවිධානය කර තිබු රසකැවිලි දන්සල




පොසොන් පොහොය නිමිති කර ගනිමින් මහිංයගන ජනාධිමන්දිර ආරක්ෂක අංශය හා කාරයය මණ්ඩලය එක්ව පැවැත් වු බෙලිමල් ඔසු දන්සල





2015 වර්ෂ පොසොන් පොහොය නිමිති කර ගනිමින් මහියංගන ගොවිජන සේවා කාර්යාලයේ නිළධාරි මණ්ඩලය විසින් සංවිධානය කර තිබු කඩල දන්සල





මාපාකඩවැව 20කණුව පහල තරුණ කැල විසින් 12 වන වරටත් සංවිධානය කල සිසිල් පැන් දන්සල










මහියංගන ජාතික පාසලේ 11 වසරේ සිසු සිසුවියන් විසන් සංවිධානය කල තෙල් මල් පහන් සුවද දුම් තිර දන්සල



පොසොන් පෝය අදයි - මහියංගනයට මහ සෙනගක්

 June 2 at 10:00am

පොසොන් දිනයේ මහියංගන රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනිමටත් පෙහෙවස් සමාදන් විමටත් අපේක්ෂාවෙන් රටේ නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් මහියංගනයටරයට පැමිණිය. මෙලෙස පැමිණෙන පිරිස් වෙනුවෙන් දන්සැල් රැසක් ද පැවැත්වේ. ඔවුන් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් සැපයීමට මහියංගන රජමහා විහාරස්ථානයේ සේවකයන් හා ප්‍රා දේශිය සභාව කටයුතු සූදානම් කැර ඇති අතර පොලිසිය අමතර ආරක්ෂාව ද යොදවා ඇත.
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද දිනය පුර ආගමික වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.



මහියංගන ජාතික පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් 06 වන වරටත් සංවිධානය කල ඉඩ ඉරිගු දන්සල


මැකෝ මහියංගනයේ සංචාරයක - ඡන්ද හිමියන්ගේ දිනයට (ජුනි 01ට) සමගාමිව ඡන්දය ඔබේ අයිතියයි යන මැයින් මහියංගනයේ වැඩසටහන් රාශියක්


5/31/2015 11:41 AM

“ බදුල්ල දිස්ත්‍රික්කයේ 2004 ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරිමේ ගණනය කිරිමේදි මන්ත්‍රිධුර මැතිවරණ කොට්ඨාශ දෙකක මන්ත්‍රි ධුර දෙකක් අඩු උනා. ඒකට හේතුව දිවයිනේ අන් ප්‍ර දේශසමග සන්සන්දනය කරන විට ඌව පළාතේ ඡන්ද ලියාපදිංචිය අඩු විමයි. ඒ නිසා අපි ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමිව ඌව පළාතේ ජනතාව දැනුවත් කිරිම සදහා අපි විශේෂ වැඩසටහනක් ඌව පළාතේ ක්‍රියාත්මක කිරිමට අපි තිරණය කලා“ යැයි මැතිවැණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මහියංගනයේදි ප්‍රකාශ කර සිටියේය.
ජුනි 01ට යෙදෙන ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමිව මැතිවරණ දෙපාර්තමේන්තුව හා එක්ව බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් රාශියක් ඊයේ (31) උදැසන මහියංගන නගරයේදි සංවිධනය කර තිබුනි.
වසම් මට්ටමින් දැනුත් කිරිමද මෙහිදි සිදු කෙරේ. ඒ සදහා විස්තර පත්‍රිකා බෙදා දිම, විදි නාට්‍ය, අඩ බෙර, රථ පෙළපාලි යොදාගෙන තිබුනි. මහියංගන හා මිනිපේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ වල ග්‍රාමසේවා නිළධාරි හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරින්, බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාළ කිළධාරින් මෙම වැඩ සටහන සදහා කැදවා තිබු අතර එම නිළධාරින් මාර්ගයෙන් ජනතාව දැනුවත් කර 2015 වර්ෂය සදහා ජන්ද නාමලේඛනය සදහා ලියාපදිංචි වන ලෙස ජනතාව දැනුවත් කිරම සිදු කරන ලදි
“ ඡන්දය ඔබේ අයිතියයි. නම නැත්නම් පොතේ ඔබට ඡන්දය නැතේ යන තේ මාව යටතේ දිප ව්‍යාප්තව මෙම වැඩ පිලිවෙල ඉදිරියේදි ක්‍රියාත්මක කරනවා අපි යැයි මැතිවැණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය. මහියංගනයේ පැවති වැඩසටහන අධික්ෂණය කිරිම සදහා මහින්ද දේශප්‍රිය මහතා මහියංගනයට පැමිණ සිටියේය.
මෙම වැඩසටහන දිවයින පුරා මැතිවරණ දෙපාර්තමේන්තුව හා පැෆ්රල් සංවිධානය ඒකා බද්දව සිදු කෙරේ.

Saturday, May 30, 2015

බිරිඳ ඝාතනයකර සැමියාත් වස බොයි

5:08 PM 5/30/2015
තියුණු ආයුධවලින් පහරදී තම බිරිඳ ඝාතනය කළ සැමියෙකු වස පානය කර දිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් මහියංගණය - පින්නගොල්ල ප්‍රදේශයෙන් අද (30) වාර්තාවුණා.
නිවස අසල පිහිටි හේනකදී මෙය සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාම නිසා මෙය සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. වස පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන සැමියා මේ වනවිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලබෙන දන්සැල් සමය වෙනුවෙන් තොග බඩු කඩ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට - මියො කාපු හා කුණු වු ආහාර සොයාගැනේ - ව්‍යාපාරිකයන් 06 කට නඩු


2015-05-30 ප.ව. 2:24
එලබෙන දන්සැල් සමය වෙනුවෙන් මහියංගන නගරයේ තොග බඩු කඩ හා සිල්ලර බඩු කඩ සියල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට අද (30) දිනයේ ලක් කෙරනා. විශේෂයෙන් දන්සැල් සදහා යොදා ලන්නා අමුද්‍රව්‍ය තත්වයෙන් බාල / නරක් වු හා විකිණිමට නුසුදුසු ඒවා කූඨ වෙළෙදුන් විසින් දන්සැල් සදහා ලබාදිම වැලැක්විම මෙහි අරමුණ වු අතර මහජනතාවලේ සෞඛ්‍ය ගැන විශේෂ සැලකිල්ලක දැක්විම මෙහි ප්‍රධාන අරමුණ වි තිබේ.
මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය පි කේ ධර්මප්‍රිය මහතාගේ උපදෙස් පරිදි ආර් එම් ටි පි විජේසෝම, ඊ ඩි ඩි ඒ එදිරිසිංහ, ඒ එම් එස් අබේසේකර යන මහජන සෞඛ්‍ය මහතුන් විසින් මෙම පරික්ෂාවන් සිදු කරන ලදි
පුස්සහිත කඩල කිලෝ 120ක්, මියන් හානික සකස් කරනලද ආහාර පැකට්, පණු කැදලි හා ගුල්ලන් සහිත උදු ඇට කිලෝ 32 , මහජන සනිපාරක්ෂාවෙන් තොරව නිපද වු බුන්දි සැදිමේ ස්ථානයක් ඇතුලු පුද්ගලයන් (ව්‍යාපාරිකයන් ) 06ක් සදහා නඩු පැවරිම සිදු කරන ලදි







නව එක්සත් ජාතික පක්ෂ මහියංගන ප්‍රධාන ආසන සංවිධායක මහියංගන ජනතාව හරසරින් පිළිගැනේ


2:55 PM 5/30/2015

නව පත්විම් ලැබු එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන ප්‍රධාන සංවිධායක උපාලි සේනාරත්න මතා පිළිගැනිමේ උත්සවයක් මහියංගන නගරයේදි අද (30) උදැසන 10.00ට සංවිධානය කර තිබු අතර ඒ සදහා විශාල පිරිසක් සහබාගි වි සිටියේය.
ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්රි උපාලි සේනාරත්න මහතා මිට පෙර එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සම සංවිධායක ලෙස කටයුතු කලේය. රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය සභාවේ දෙවරක් ප්‍රාෙද්ශිය සභා සභාපති ලෙස ඒ මහතා කටයුතු කල අතර පසුව ඌව පළාත් සභාවේ එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු ලෙස තේරි පත්විය.
හසලක නගරයේද හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර සිදු කිරිමෙන් අනතුරුව මහියංගන ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල භුමියේ පිහිටි සි පි ජේ සෙනෙවිරත්න මහතාගේ පිළිරුවටද පුෂ්පෝපහාර දක්වා මහියංගන නගරට පිවිසි අතර එහිදි මහියංගන නගරයේ සමාධි පිළිරුව අභියසට පැමිණ ආගමික වතාවත් වල නිරත විමෙන් පසු මහියංගන නගරයේ ජනහමුවක්ද පැවැත් විය. මෙම අවස්ථාව සදහා විශාල ජනතාවක් සහබාගි වි සිටියේය.