Thursday, June 4, 2015

පොසොන් පෝය අදයි - මහියංගනයට මහ සෙනගක්

 June 2 at 10:00am

පොසොන් දිනයේ මහියංගන රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනිමටත් පෙහෙවස් සමාදන් විමටත් අපේක්ෂාවෙන් රටේ නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් මහියංගනයටරයට පැමිණිය. මෙලෙස පැමිණෙන පිරිස් වෙනුවෙන් දන්සැල් රැසක් ද පැවැත්වේ. ඔවුන් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් සැපයීමට මහියංගන රජමහා විහාරස්ථානයේ සේවකයන් හා ප්‍රා දේශිය සභාව කටයුතු සූදානම් කැර ඇති අතර පොලිසිය අමතර ආරක්ෂාව ද යොදවා ඇත.
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද දිනය පුර ආගමික වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.



No comments:

Post a Comment