Thursday, June 4, 2015

මැකෝ මහියංගනයේ සංචාරයක - ඡන්ද හිමියන්ගේ දිනයට (ජුනි 01ට) සමගාමිව ඡන්දය ඔබේ අයිතියයි යන මැයින් මහියංගනයේ වැඩසටහන් රාශියක්


5/31/2015 11:41 AM

“ බදුල්ල දිස්ත්‍රික්කයේ 2004 ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරිමේ ගණනය කිරිමේදි මන්ත්‍රිධුර මැතිවරණ කොට්ඨාශ දෙකක මන්ත්‍රි ධුර දෙකක් අඩු උනා. ඒකට හේතුව දිවයිනේ අන් ප්‍ර දේශසමග සන්සන්දනය කරන විට ඌව පළාතේ ඡන්ද ලියාපදිංචිය අඩු විමයි. ඒ නිසා අපි ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමිව ඌව පළාතේ ජනතාව දැනුවත් කිරිම සදහා අපි විශේෂ වැඩසටහනක් ඌව පළාතේ ක්‍රියාත්මක කිරිමට අපි තිරණය කලා“ යැයි මැතිවැණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මහියංගනයේදි ප්‍රකාශ කර සිටියේය.
ජුනි 01ට යෙදෙන ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමිව මැතිවරණ දෙපාර්තමේන්තුව හා එක්ව බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් රාශියක් ඊයේ (31) උදැසන මහියංගන නගරයේදි සංවිධනය කර තිබුනි.
වසම් මට්ටමින් දැනුත් කිරිමද මෙහිදි සිදු කෙරේ. ඒ සදහා විස්තර පත්‍රිකා බෙදා දිම, විදි නාට්‍ය, අඩ බෙර, රථ පෙළපාලි යොදාගෙන තිබුනි. මහියංගන හා මිනිපේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ වල ග්‍රාමසේවා නිළධාරි හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරින්, බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාළ කිළධාරින් මෙම වැඩ සටහන සදහා කැදවා තිබු අතර එම නිළධාරින් මාර්ගයෙන් ජනතාව දැනුවත් කර 2015 වර්ෂය සදහා ජන්ද නාමලේඛනය සදහා ලියාපදිංචි වන ලෙස ජනතාව දැනුවත් කිරම සිදු කරන ලදි
“ ඡන්දය ඔබේ අයිතියයි. නම නැත්නම් පොතේ ඔබට ඡන්දය නැතේ යන තේ මාව යටතේ දිප ව්‍යාප්තව මෙම වැඩ පිලිවෙල ඉදිරියේදි ක්‍රියාත්මක කරනවා අපි යැයි මැතිවැණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය. මහියංගනයේ පැවති වැඩසටහන අධික්ෂණය කිරිම සදහා මහින්ද දේශප්‍රිය මහතා මහියංගනයට පැමිණ සිටියේය.
මෙම වැඩසටහන දිවයින පුරා මැතිවරණ දෙපාර්තමේන්තුව හා පැෆ්රල් සංවිධානය ඒකා බද්දව සිදු කෙරේ.

No comments:

Post a Comment