Thursday, June 4, 2015

පොසොන් පෝය දින රෝහලේ ලෙඩ්ඩු බඩගින්නේ - රොගින් කුසගින්නේ සිටියදි පාලන අධිකාරිය හා කාර්ය මණ්ඩලයෙන් ලක්ෂ 2ක් වියදම් කර අයිස් ක්‍රිම් දන්සැලක්


2015-06-02 පෙ.ව. 02:17
පොසොන් පෝය දින දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ නේවාසික රෝගින් හට උදැසන ආහාර වේල නොලැබිමෙන් කුස ගින්නේ සිටිමට සිදු වු පුවතක් දෙහිඅත්තකන්ඩිය ප්‍ර දේශයෙන් වාර්ථාවන අතර රොහලේ රෝගින් කුසගින්නේ සිටියදි රෝහලේ පාලන අධිකාරිය හා සේවකයන් එක්ව රුපියල් ලක්ෂ 2ට ආසන්න මුදලක් වැය කර රෝහල ඉදිරිපිට අයිස්ක්‍රිම් දන්සැලක් පැවැත් වු බව වාර්ථාවේ.
රෝහලේ සුලු සේවකයන් හිගයක් පවතින බව පවසමින් මුලුතැන්ගේ රාත්‍ර සේවා මුරය කප්පාදු කල වත්මන් පාලන අධිකාරිය ඊට පිළියමක් ලෙස උදැසන ආහාර වේල සදහා පිටතින් ගෙන්වන ලද පාන් ලබාදිම ආරම්භ කර ඇති අතර, පොසොන් පෝය නිමිත්තෙන් බේකරි සියල්ල වසාදැමිම හේතුවෙන් දෙහිඅත්තකන්ඩිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගින් 80ක් හට පොසොන් පෝය දින උදැසන ආහාර වේල අහිමි වි පිඩා විදිමට සිදු වි ඇත. නේවාසික ප්‍රතිකාර ලබන භික්ෂුන්වහන්සේ නමකටද මෙමගින් පිඩා විදිමට සිදු වි ඇත. පසුව රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු විසින් උන්වහන්සේට උදැසන දානය පිලිගන්නා ඇති අතර අනෙකුත් රෝගින් හට කුස ගින්නේ සිටිමට සිදු වි ඇත.
රෝහල් වල රෝගින් සදහා සැම දිනම පාන් ලබාදිම රජයේ චක්‍ර ලේකයක් මගින් නතර කර දමා ඇති ඒ සදහා ධාන්‍ය වර්ග තම්බා ලබාදිම සිදු කෙරේ. දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ වත්මන් පාලන අදිකාරියේ ඒ චක්‍රෙල්ක විධිවිධානයන් උල්ලන්ගනය කරමින් අත්තනෝමතික තිරණ අනුව මේ වන විට උදැසැන රෝගින් සදහා සතියේ දින හතේම පාන් ලබාදිම සිදු කෙරේ.
මේ සම්බන්දයෙන් දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ ප්‍රධානි දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි වෛද්‍ය සුසන්ත ගුණසිංහ මහතාගේ ජන්ගම දුරකථනට ඇමතුමක් ලබාදුන්නද සම්බන්දතාවය විසන්දිකර තිබිම හේතුවෙන් සම්බන්ද කර ගැනිමට නොහැකි විය.

No comments:

Post a Comment