Friday, June 5, 2015

දිස්ත්‍රික් ලේකම්තුමාගේ කථාවෙන් වැලි සංගම් කිපෙයි ගැටුමක් සිදු නොවි නුලෙන් බේරෙයි.

2015-06-05 ප.ව. 12:18
“පරිසරයේ රිරිමාංශය උරාබොන්නේ මේ වැලි කණින්නෝ.. හෙට අනිද්දා අපිට කියන්නවෙන්නේ බුදු හාමුදුරුවො එදා කිව්ව කථාවට වඩා වෙනස් කථාවක් .. බදුල්ලේ නාය නොගිය තැනකින් පස් මිටක් හොයා ගෙන එන්න කියන්නයි වෙන්නේ. නාය නොයන තැනක් හොයා ගන්න බැර තරමට හෙට අනිද්දා වෙනකොට නාය යන්න පටන් ගනියි මේ තරමට මහවැලි ගගේ වැලි යක්ෂයෝ වැලි ගොඩ දානවා. එක නිසා පරිසරය රැක ගන්න අපි හැමොගෙම අවදානය‍ොදන්න ඕන“ යැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ලෝක පරිසර දිනය නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන උත්සවය අමතමින් මහියංගන මහවැලි ගං නදිය අසබඩ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහියංගන වන අඩවි කාර්යාලයේ වන ව්‍යාප්ති අංශය මගින් සංවිධානය කර තිබු උත්සවයකදි පැවසිය.
2015 ජගත් පරිසර දිනයට සමගාමිව මහියංගන වන අඩවි කාර්යාලයේ වන ව්‍යාප්ති අංශය හා භූ විද්‍යා පතල් කාර්යාංශය හා මහියංගන වැලි කැණිම් හිමියන්ගේ සංගමය එක්ව මහියංගන මහවැලි ගංගාව දෙපස ඉවුරු සංසරක්ෂණය කිරිමේ වැඩසටහනක් ලෙස කුඹුක් පැල සිටුවිමේ වැඩසටහනක් සංවිධානය කාර තිබුනි. “ ජිවන ගංගාවේ ලයාන්විත ආයාචනය“ නමින් ජනතාව දැනුවත් කිරිමේ අත් පත්ත්‍රිකා බෙදාදිමේ වැඩ සටහනක් ද මහිංයගන නගරයේ ක්‍රියාත්මක කෙරින.
දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ කථාවත් සමග උත්සවය සදහා සහබාගි විසිටි වැලි කැණීම් හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් අතර නොසන්සුන් තාවයක් ඇති වු අතර එහි එක් සාමාජිකයෙක් ශබ්ද නගා “ඔය කියන නිළධාරින්ම තමයි මේවාට පෝමිට් දෙනේනේ .. තව හෙට අනිද්දා තවත් පෝමිට් 800ක් දෙන්න යනවා කියලා ආරංච්. අපි මේ වැඩේට දවස් කිපයක් ඉදලා මහන්සි අනේ “ යැයි ආවේග ශිලිව කෑගැසිය. වහා වන සංරක්ෂණ නිළධාරින් හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිළධාරින් එක්ව කෑ ගැසු ව්‍යාපාරිකයා සමග කථා කර මෙම උත්සවය අවුල් නොකරන ලෙස දැන්විය. එහිදි විශාල වශයෙන් වංචනික ලෙස මහවැලි ගගේ වැලි ගොඩ දැමිම් හා නිතියට පිටින් බළය පාවිච්චිකර වැලි ගොඩ දමන බවත් පුලුවන්නම් ඒවා නතර කරන ලෙස ව්‍යාපාරිකයා නිළධාරින්ට පැවසිය. වැලි සංගම් විසින් ඒ සම්බන්දව දිස්ත්‍රික් ලේකම් තුමන් ලිකිතව දැනුවත් කරන බව එහිදි කියා සිටියේය.
2015 ජගත් පරිසර දිනය නිමිත්තෙන් මහියංගනයේ පැවති උත්සවය සදහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ
හා විශ්ව කිර්ති වනස්පති දඹාන ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ද, භූ විද්‍යා පතල් කාර්යාංශයේ ටි එම් ඩබ්ලිව් බංඩාර මහතා, බදුල්ල දිසා වන නිළධාරි ආර් එම් විජයපාල මහතා, මහියංගන අඩවි වන නිළධාරි රොෂාන් බි වීරසුන්දර මහතා හා මහියංගන අඩවි වන නිළධාරි කාර්යාල නිළධාරින් හා ගම්වාසින් පිරිසක් සහබාගි වි සිටියේය.

No comments:

Post a Comment