Tuesday, June 30, 2015

මෙවර 2015 මහ මැතිවරණයේ ප්‍රථම ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගනයෙන්

6/29/2015 11:02 PM
පෝස්ටර් අලවමින් සිටි මහියංගන එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් පිරිසකට ඊයේ රාත්‍රි (29) මහියංගන නගර මධ්‍ය යේදි මැර ප්‍රහාරයක් එලවි ඇති අතර තියුණු කැපුම් ආයුධයකින් පහර දිමෙන් එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවෙකු කැපුම් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔහු මේ වන විට ශ්‍යල්‍ය වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අංක 128, මිගහපිටිය, සොරබොර යන ලිපිනයේ පදිංචි එච් ඊ අජිත් චාමර වන අතර ඔහු වයස 32ක තරුණයෙකි.
හිටපු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රිවරයෙක් මෙන්ම මහියංගන ප්‍ර දේශයේ මන්ත්‍රිවරයෙකුගේ ආධාර කරුවන් පිරිසක් පැමිණ තමන්ට හා තම සගයන් හට ප්‍රහාර එල්ල කල බවත් තියුණ කැපුම් ආයුද උපයෝගි කර ගනිමින් ප්‍රහාර එල්ල කල බවත් නගරයේ කොළ පාටින් සරසන ලද කොඩිවැල් කපා දැමුබවත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් මහියංගන මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අජිත් චාමර ප්‍රකාශ කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ රට පුරා ක්‍රියාත්මක වු පෝස්ටර් ව්‍යාපාරයේ යෙදුන මහියංගනතරුණයේ 06 දෙනෙකු මහියංගන නගරයේදි මෙසේ ප්‍රහාරයට ලක් වි ඇත.
2015 මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර සුලු දින කිහිපයක් ගත වන්නට මත්තෙන් ප්‍රථම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගන නගරයෙන් වාර්ථාවේ.
මේ වන විට සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක අතර පහර දිමට සම්බන්ද සැක කරුවෙකු මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

No comments:

Post a Comment