Friday, February 3, 2017

මහියංගණ සිද්ධාර්ථ ප්‍රාථමික පාසලට ඌව පළාත් ප්‍රධාන ඇමතිගේ අවධානය


මහියංගනයට එමින් සිටි හිටපු ජනපතිගේ ආරක්ෂක රථයක් අනතුරක

12:22 AM 2/3/2017

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන්තවයෙන් මහියංගණ ප්‍රදේශයේ ආගමික උත්සවයකට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිස ගමන් කල ඩිෆෙන්ඩර් රථයක් හා ත්‍රිරෝද රථයක් ඊයේ (02) පෙරුවරු 06.30 ට පමණ කිරිබත්කුඹුර ප්‍රදේශයේදී ගැටීමෙන් ත්‍රිරෝද රථ රියදුරු තුවාල ලැබ පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කටයුතු භාරව ක්‍රියාකරන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් එලෙස අනතුරට පත් විය.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථ රියදුරු බීමතින් සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව අප වාර්තාකරු පවසයි.
ඩිෆෙන්ඩර් රථය හා ත්‍රිරෝද රථය මහනුවර දෙසට ධාවනය වෙමින් ති‍බියදී මහනුවර සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ත්‍රිරෝද රථය ගැටී පසුපසින් පැමිණි ‍ඩිෆෙන්ඩර් රථයේ ගැටීමෙන් අනතුරු සිදුව තිබේ.

ස්කැවේටර් යොදා ඔයේ වැලි පැටවු ව්‍යාපාරිකයා ගම්වාසීන් කොටුකර විරෝධතාවය ඵල කර සිටී

 2017-02-02 ප.ව. 8:02
රිදිමාලියද්ද මොරාන ජලාශ ව්‍යාපෘතියේ ස්කැවේටර් යොදා හෑපොළ ඔයේ මහාපරිමාණ ලෙස වැලි කැනීම් සිදු කල ව්‍යාපාරිකයා ගම්වාසීන් විසින් ඊයේ (02) සවස කොටු කර ගෙන ඊට විරෝධතාවය දැක්වීය. ලබාගෙන ඇති බලපත්‍රය ව්‍යාජ එකක් බවත් එහි වැරදි සහගත ලෙස පරිසර හා දේපල හානි වන අන්දමින් බළපත්‍ර කොන්දේසී භූවිද්‍යා හා පතල් කාර්යාලයෙන් ඇතුලත් කර ඇති බව පවසති. මොරාන ප්‍ර දේශයේ වැලි පිට පළාත් වල ව්‍යාපාරිකයන් පැමිණ යන්ත්‍ර සුත්‍ර දමා කොළඹ පටවන බවත් ජලාශ ව්‍යාපෘතියට යට වන ගම්මානයේ පවුල් 70ක් සදහා ඉදිවන නව ගම්මානයේ නිවාස සැදිම සදහා වැලි නොමැතිව අධික මිළට පිට පළාත් වලින් හෝ කොළඹ සිට වැලි මොරානට ගෙන එන්නට සිදු වේදැයි ප්‍රශ්න කර සිටියේය. එසේම මෙවැනි වැලි කැණිම් හේතුවෙන් රිදිමාලියද්ද ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ දිගම පාලම වන මහලුණුක මොරාන පාලමටද හානි වන්නට ඉඩ ඇති බවයි ගම්වාසින් චෝදනා කරන්නේ. මොරාන ජලාශ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම නිළධාරින් විසින් ගම්වාසීන් සදහා අසිමිත ලෙස බලවත් අසාධාරණකම් සිදු කල බව එහිදි ගම්වාසින් පැවසීය.
ගැටලුව විසදීම සදහා රිදිමාලියද්ද පොලිසියේ රථවාහන අංශයේ පොලිසි නිළධාරින් දෙදෙනෙකු පැමිණි අතර විසදනවා වෙනුවට ගම්වාසීන් විසින් සාමය කඩකලේ යැයි පවසා පොලිසියට රැගෙන යෑමට සැරසීමෙන් උණුසුම් කාරි තත්වයක් ඇති වී ඇත. පැමිණි පොලිස් නිළධාරින් ගම්වාසින් විසින් හරවා යවීමට කටයුතු කර ඇත්තේ ඉන් අනතුරුවය. ඒ අනුව සිද්දිය වෙනුවෙන් උසස් පොලිස් නිළයන්ටද මැදිහත් වන්නට සිදුවිය. ඒ අනුව රිදිමාලියද්ද පොලිස්ථානාධිපති රොෂාන් බන්දුසේන මහතා පැමිණ ගම්වාසීන් හා ව්‍යාපාරිකයා අතර ගැටලුව සම්බන්දයෙන් සාකච්චාකර විසදුම් ලබාදීමට කටයුතු කර ඇත. එහිදි මුලින් ස්ථානාධිපතිවරයා අසිමිත ලෙස ගම්වාසින් හට බැන වැදුන බවත් ගම්වාසීන් චෝදනා කරති.
ගම්වාසින් පවසන්නේ පොලිසිය ව්‍යාපාරිකයාගේ පාර්ශවයට සාදාරණයක් වන ආකාරයෙන් කටයුතු කල බවත් ස්ථානාධිපතිවරයා පැමිණ පරුෂවචනයෙන් ගම්වාසින් හට බැන වැදුන බවයි.
මොරාන ජලාශ ව්‍යාපෘතියේ ඉඩම් නිළධාරී බැසිල්ද සිල්වා මහතා මෙසේ පැවසීය “ මේ ව්‍යාපෘතියේ වැලි සම්බන්දයෙන් ගැටලුවක් මතුවෙලා තියෙනවා. එය අද මහජන උද්ගෝෂණයක් දක්වා දික් ගැස්සුනා. රිදිමාලියද්ද පොලිස්ථානාධිපතිතුමත් මෙතෙන්ඩ පැමිණිලා දෙපැත්ත සමතයකට පත් කරා. මම දකින විදියටනම් භුවිද්‍ය හා පතල් කාර්යාංශයේ ලබදීපු බලපත්‍රයයේ වැරැද්දක් වෙලා තියෙනවා. ගග ඉහලටත් දීලා තියෙනවාග ගග පහලටත් දීලා තියෙනවා. මෙතන අපිට මිණුම්දෝරු ප්ලෑන් එකක් හොයාගන්න නෑ. සීමාවක් නෑ. යෝජිත මාරාන ජලාශ ව්‍යාපෘතියේ වැලි කැණිම් කටයුතු ගග ඉහල සිට මිටර් 750ක් දුරින් සිදු කල යුතු අතර ජලාශ වේල්ලේ සිට ගග පහලට මීටර් 500ක් පමණක් වැලි කැණිම් සිදු කල යුතුය කියා කොන්දේසිවල තියෙනවා. මේ පහලට වැලි ගොඩදානකො වේල්ලෙන් පහල ජලාශයට යට නොවන පාලමට හානි වෙනවා. ඒක අපි මේ ව්‍යාපාරිකයාට නතර කරන්න කියලා කිව්වා. ඒත් ඊට පහුවෙනිදාත් ඒ ව්‍යාපාරිකයා ඒ කටයුතු කරා. ඒ නිසා මේ කැනීම් බලපත්‍ර යේ සංසෝධනයක් සිදු කලයුතුය් කියා මම කියනවා “ යැයි කිය.
රිදිමාලියද්ද පොලිස්ථානාධිපති රොෂාන් බන්දුසේන මහතාගේ මැදිහත් වීමෙන් ජලාශයට යට වන නිවාස අහිමිවන ගම්වාසින් සදහා නව නිවාස සාදාගැනීම සදහා වැලි කියුබ් 20 බැගින් ලබාදීමට ව්‍යාපාරිකයා පොරොන්දු විය.
මෙම ගැටලුව සම්බන්දයෙන් මොරාන ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක එච් වී ඊ මෙන්ඩිස් මහතාගෙන් විමසු විට “ මේ කයි ඇත්ත කථාව. මම භුවිද්‍යා එකට විරුද්ධව කියනවා නෙවෙයි. 2015 අපෙන් ගත්ත නිර්දේශයකට භුවිද්‍යා එකෙන් ගිය සතියේ වැලි කැණිම් බලපත්‍රයක් දීලා. පොලිස්ථානාධිපතිතුමන් ඒවා හංගගනනේ කථා කරන්නේ. මම දිපු කන්ඩිෂන් නෙවෙයි අර බලපත්‍රය පෙන්නලා මේ හරියේ ගන්ඩ දිලා තියෙනවා කියලා කරන්නේ. ඔය බලපත්‍රය එයාගේ නමටත් නෙවෙයි තියෙන්නේ. ඒකත් හරවාලා ලක්ෂ්මන් කියලා කෙනෙකුට.
ඊයේ දුන්නා කියාලා ලියුමක් පෙන්නවා. මම ඒ දුන්නේ පෙරේදා මේක නතර කරන්න කියලා. ඕ අයි සි මහත්තයා එතෙන්දි කියලා තියෙන්නේ පී.ඩි. මහත්තයා වැඩේ කරන්න කියලා ලියුමක් දිලා තියෙනවා කියලා. ඒ අවසර දිලා නෙවෙයි. ඒක නතර කරන්න කියලා දිපු ලියුම. අරක දිලා තියෙන්නේ වැව කරගෙන යනකොට 2015 හා 2016 අප්‍රේල් දීලා තියෙනවා. එතකොට අපි එච්චර වැඩ කෙරිලා තිබුනේ නෑනේ. ඒක නිසා දුන්නා ඔය වැලි ටික අයින් වෙන්න ඕන හින්දා“ යැයි පැවසීය.
මොරාන ජලාශ ව්‍යාපෘතියේ ඉඩම් නිළධාරී බැසිල්ද සිල්වා මතාද මෙම වැටලුව විසදීම සදහා ව්‍යාපාරිකයා වැලි ගොඩදැමු ස්ථානයට පැමිණ සිටියේය.










Thursday, February 2, 2017

FB බොරු මූණ පෙන්වූ සිසුවිය නිසා තරුණයා කළකිරිලා

2017-02-02 16:47:34
බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක මුණගැසීමට තංගල්ල ප්‍රදේශයේ සිට බදුල්ල නගරයට පැමිණි තරුණයෙකු බදුල්ල, බතලවත්ත, ඇළපාරේ ගැවසෙමින් සිටියදී ඊයේ (01දා) අලුයම අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තංගල්ල, ඉදිපොකුණගොඩ පාරේ පදිංචි 19 හැවිරිදි තරුණයකි. අදාළ සිසුවිය මුහුණ පොත හරහා හඳුනාගෙන ඇය සමග සුහද වී ඇය හමුවීමට තමන් බදුල්ල නගරයට පැමිණි බවත්, නමුත් හමුවීමට පැමිණි තරුණිය මුහුණු පොතෙන් දුටු රූමත් තරුණිය නොව ඊට හාත්පසින්ම වෙනස් තරුණියක වූයෙන් කලකිරී නගරයේ ගැවසෙමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ඇල්ල ප්‍රසාද් රැක්මාල්

Wednesday, February 1, 2017

රිදිමාලියද්දේ මරණ දඩුවම නියමු වු යුදහමුදා නිළධාරියාගේ නඩුවේ ඇපෑල විභාගයට

2017 පෙබරවාරි මස 01

යාපනය මිරුසුවිල්හිදී සාමාන්‍ය වැසියන් අට දෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවමට නියමව සිටින ලාන්ස් කෝප්‍රල්වරයා ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද  (1 වැනිදා) නියෝග කළේය.

ඒ අනුව මෙම පෙත්සම ලබන ජූනි 5, 6 ,7 ,12 13 සහ 14 යන දිනයන්හි විභාගයට ගැනීමට දින නියම කර ඇත. බුවනෙක අළුවිහාරේ ,සිසිර ද ආබෘ,  ප්‍රියන්ත ජයවර්ධන , උපාලි අබේරත්න  සහ අනිල් ගුණරත්න යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

2000 වසරේදී දෙසැම්බර් 19 වැනිදා මිරුසුවිල් හිදී පුද්ගලයින් අටදෙනෙකුට පහරදී , කපා කොටා මරා දැමීයැයි හය වැනි ගජබා රෙජිමේන්තුවේ යුද ලාන්ස් කෝප්‍රල් ආර්.එම් සුනිල් රත්නායකට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ලක් විසින් 2015 මැයි 25 වැනිදා මරණ දඬුවම නියම කරන ලදි.

Saturday, January 28, 2017

ට්‍රැක්ටර් ලොරිය ගසක හැප්පි අනතුරේ

11:42 PM 1/28/2017
අම්පාර දෙසට ගමන්කරමින් තිබු අලුත් ට්‍රැක්ටර් 2ක් පටවාගත් ලොරි රථයක් දඹාන වේවත්ත ප්‍ර දේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැප්පි සිදු වු රිය අනතුර. රියදුරු තුවාල ලබා රෝහල් ගත කෙරිනි











Thursday, January 26, 2017

මොරාන ජලාශ ව්‍යාපෘතියෙන් ඩිසල් හොරෙන් පැන්නු පිරිසක් පොලිසියට මාට්ටු

 2017-01-26 පෙ.ව. 11:55

රිදිමාලියද්ද මොරාන ජලාශ ව්‍යාපෘතියේ යන්ත්‍ර සුත්‍ර සදහා නිකුත් කරනු ලබන ඩිසල් සොරකම් කර අලෙවිකරනා පිරිසක් පසුගියදා මහියංගන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ නව මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා විසින් සැකකරුවන් මේ මස 31 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

මෙම පිරිස සැක කටයුතු ලෙස ගමන් කරමින් සිටියදී කෙසෙල්පොත ඉකිරියගොඩ ප්‍ර දේශයේදි මහියංගනය පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසති. එහිදී ඩිසල් පිරවු කෑන් 19ක් හිස් කෑන් 12, ටාටා කැබ් රථයක් හා පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත් අඩංගුවට පත් වු අතර අත් අඩංගුවට පත් එක් සැකකරුවෙකු තිස්සපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සිද්ධිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතා ඇතුලු පොලිස් නිළධාරින් කණ්ඩායමක් පරික්ෂණ පවත්වති.

Tuesday, January 24, 2017

මාධ්‍යයයේ මැදිහත්වීමෙන් පොල්අතු මඩුවල අධ්‍යාපනය ලැබු පළමු ශ්‍රේණියේ දරුවන්ට ගොඩනැගිල්ලක්

24/01/2017 16:47

මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික පාසලේ පොල්අතු සෙල්ලම් ගෙවල්වල මෙතෙක් අධ්‍යාපනය ලැබු 2017 නව වසර සදහා බදවාගනු ලැබු දරුවන් සදහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයයේ මැදිහත් වීමෙන් අධ්‍යාපන බළධාරින් ගේ අවධානය යොමු කිරිමෙන් අනතුරුව අද (24) දින මහියංගන ජාතික පාසලේ ගොඩනැගිල්ලක් ලබාදීමට අධ්‍යාපන බළධාරින් මැදිහත් විය. දරුවන් සදහා ජාතික පාසලේ ලැබුන එම ගොඩනැගිල්ලද පළාත් සභාව මගින් මුදල් නොලැබීම හේතුවෙන් සංවර්ධන කටයුතු අතර මග නවතා දමා ඇති ජාතික පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ වේ.
මෙතෙක් පොල් අතු සෙල්ලම් ගෙවල්වල අධ්‍යාන කටයුතු සිදු කල දරුවන් 23දින පැවති වර්ෂාව හේතුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරිමට නොහැකි තත්වයක් උද්ගත වීමෙන් ගෙදර යෑමට සිදු විය. අද (24) දිනයේ පැවති වර්ෂාව හේතුවෙන්ද නවක දරුවන් ඉතාමත් අතලොස්සක් පමණක් පාසැල් පැමිණ ඇත්තේ පෙර පරිදි නිවාස සදහා යලි යෑමට සිදුවෙතැයි අපේක්ෂාවෙනි.

කෙසේ වෙත් හෙට (25) සිට නිසි පරිදි නවක දරුවන් වෙනුවෙන් පාසැල් නිසි පරිදි පැවැත් වෙන බවත් දැවන් පාසැල් ඇදුමින් සැරසී පාසලට ගෙන එන ලෙස අධ්‍යාපන බළධාරින් දෙමාපියන් දැනුවත් කර ඇත.

නවක දරුවන් වෙනුවෙන් පාසලේ ඉදිකරමින් පවතින නව ගොඩ නැගිල්ලේ ඉදිකිරිම් කටයුතු නිමා නොවීම මෙම ගැටලුවට හේතුවී ඇති අතර ඌව පළාත් සභාව මගින් කොන්ත්‍රාත් කරු වෙත මුදල් ගෙවීමේ ඇතිවී ඇති ප්‍රමාදයන් හේතුවෙන් ඉදිකිරිම් කටයුතු ප්‍රමාද වු අතර අද (24) දිනයේද එහි ඉදිකිරිම් කටයුතු ආරම්භ කර නොමැත.

මේ සම්බන්දයෙන් ඌවපළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අබන්වල මහත්මියහට දුරකතනයෙන් කථාකර ගැටලුව සම්බන්දයෙන් විමසු විට “ඔය කියන ප්‍රශ්නයක් ඔය පාසලේ නෑ. ඔය නව ගොඩනැගිල්ල ජනවාරි මාසයේ 30 වන විට ඉදිකිරිම් කටයුතු අවසන් කරනවා.“ යැයි පැවසුවද අද (24) දිනයේද එහි ඉදිකිරිම් කටයුතු කොන්ත්‍රාත් කරුවන් විසින් ආරම්භ කර නොමැත.

දරුවන් සදහා පාසැල් ගොඩනැගිල්ලක් ලබාදීමට මැදිහත් වු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් පළමු වසරේ දෙමාපියන්ගේ හෘදයාංගම ස්තූතිය ඵල කල අතර හැකි ඉක්මනින් ඉදිවන නව ගොඩනැගිල්ලේ කටයුතු නිමකර දරුවන් සදහා විධිමත් අධ්‍යාපන කටයුතු සිදු කිරිම සදහා සුදුසු පරිසරයක් සාදාදීමට වගකිවයුතු අධ්‍යාපන බළධාරින් මින් ඉදිරියටද සෘජුව මැදිහත් වන ලෙස ප්‍රාථමික පාසලේ දරුවන්ගේ දෙමාපියන් ඉල්ලා සිටී.




Ada News 2017-01-24


Rivira News 2017-01-24


Monday, January 23, 2017

පොල්අතු මඩුවල අධ්‍යාපනය ලැබු දරුවන් වැස්ස නිසා ගෙදර යෑමට සිදුවේ. දරුවන්ට පංතිකාර නොමැති ගැටලුවට තවමත් විසදුමක් දීමට අධ්‍යාපන බළධාරින්ට නොහැකි වී ඇත.


2017-01-23 ප.ව. 11:21

මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික පාසලේ  පොල්අතු සෙල්ලම් ගෙවල්වල මෙතෙක් අධ්‍යාපනය ලැබු 2017 නව වසර බදවාගනු ලැබු දරුවන් අද (23) දින පැවති වර්ෂාව හේතුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරිමට නොහැකි තත්වයක් පැවතීම හේතුවෙන්  ගෙදර යෑමට සිදු විය. එයට හේතුව වුයේ පොල් අතු සෙල්ලම් ගෙවල් සියල්ල වර්ශාව හේතුවෙන් තෙමි තෙත බරිත වී පොල් අතු ගෙවල් අභ්‍යන්තර තෙමි පැවතීමයි. මහියංගන අධ්‍යාපන කළාපායේ ප්‍රධාන හා ජනප්‍රිය ප්‍රාථමික පාසල වන සිද්ධාර්ථ ප්‍රාථමික පාසලයි. එම ප්‍රාථමිකය වෙත දරුවන් ඇතුලත්  කර ගැනීම සදහා විශාල තරගයක් දෙමාපියන් අතර පවතින අතර එසේ වෙහෙස වි පාසැල වෙත ඇතුලත් කර ගන්නා දරුවන් හට අධ්‍යාපනය සදහා පංති කාමර නොමැති වීම ශෝචනිය තත්වයකි.

2017 වර්ෂය සදහා නවක සිසුන් 2017.01.11 වන දින මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය වෙත බාරගනු ලැබු අතර  දරුවන් 195ක් සදහා පාසලේ පංතිකාමර නොමැති කම හේතුවෙන් දෙමාපියන් විසින් සෑදු පොල්අතු සෙල්ලම් ගෙවල්වල් 05ක කොටස් වශයෙන් මේ දක්වා දරුවන් අධ්‍යාපනය හැදැරිය.

නවක දරුවන් වෙනුවෙන් පාසලේ ඉදිකරමින් පවතින නව ගොඩ නැගිල්ලේ ඉදිකිරිම් කටයුතු නිමා නොවීම මෙම ගැටලුවට හේතුවී ඇති අතර ඌව පළාත් සභාව මගින් කොන්ත්‍රාත් කරු වෙත මුදල් ගෙවීමේ ඇතිවී ඇති ප්‍රමාදයන් හේතුවෙන් ඉදිකිරිම් කටයුතු ප්‍රමාද වන බව විද්‍යාලිය දෙමාපියන් චෝදනා කරති.

නවක දරුවන් සදහා පංති කාමර නොමැති කම හේතුවෙන් සවස 2.00න් පසු පංති  පැවැත්වීමට අධ්‍යාපන බළධාරින් යෝජනා කර ඇති අතර ඒ සදහා දෙමාපියන් වැඩි පිරිසකගේ එකගතාවයක් නොමැත.

හැකි ඉක්මනින් ඉදිවන නව ගොඩනැගිල්ලේ කටයුතු නිමකර දරුවන් සදහා විධිමත් අධ්‍යාපන කටයුතු සිදු කිරිම සදහා වගකිවයුතු අධ්‍යාපන බළධාරින් මැදිහත් වන ලෙස ප්‍රාථමික පාසලේ දරුවන්ගේ දෙමාපියන් ඉල්ලා සිටී. සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුහිඟයටද පිළියම් වහා ලබා දෙන දෙස දෙමාපියන් ඌව පළාත් අධ්‍යාපන බළධාරින්ගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්දයෙන් ඌවපළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අබන්වල මහත්මියහට දුරකතනයෙන් කථාකර ගැටලුව සම්බන්දයෙන් විමසු විට “ඔය කියන ප්‍රශ්නයක් ඔය පාසලේ නෑ. ජනවාරි මාසයේ 30 වන විට ඔය නව ගොඩ නැගිල්ලේ කටයුතු අවසන් කරනවා. ඔයාලා කථාකරලා තිබුනා කොළඹ අධ්‍යාපන ලේකම්ට. සෙල්ලම් ගෙවල්වල තමයි පොඩි ළමයි මුල් අවස්ථාවේ ප්‍රාථමික අවස්ථාවේ තියෙන්නේ. ඒ කෙ ප්‍රශ්නයක් නෑ“.

එවිට සති ගණන් මාසගනන් සෙල්ලම් ගෙවල් වල අධ්‍යාපනය ලබන්න කියලා අධ්‍යාපන විෂය නිර්දේශයේ නෑ නේද? යැයි ප්‍රශ්න කල විට ලේකම් තුමිය මෙසේ පැවසීය.“ නෑ ඉතින් මාසගානක් හරි... ගොඩනැගිල්ලක්, ගොඩනැගිල්ලක් හදන එක මම නෙවෙයිනේ හදන්නේ. කොන්ත්‍රාත් කාර මහත්තුරු ඉන්ජිනේරුවෝනේ හදන්නේ.“

එවිට කොන්ත්‍රාත් කරුවන් හට පළාත් සභාවෙන් මුදල් නොගෙවීම හේතුවෙන් මේ ප්‍රමාදය සිදුවෙලා තියෙන්නේ යැයි ප්‍රශ්න කල විට “ ඒ සල්ලි දෙන්නේ නැති එක ඔයා මගෙන් අහන්ඩ එපා හරි. පළාත් සභාවෙන් මට සල්ලි දුන්නොත් තමයි මම සල්ලි දෙන්ඩ ඕන. නමුත් ඔය කොන්ත්‍රාත් කාර මහත්තයාගේ තියෙන්නේ එක බිලයි. මන් දන්නේ නෑ කව්ද කියන්නේ කියලා. පළවන බිල විතරයි ගෙවන්ඩ තියෙන්නේ. ඒක ගෙවනවා අද. ඊයේ තමයි සල්ලි දුන්නේ අපිට. ඒ කොන්ත්‍රාත් කාර මහත්තයා අද 2.00ට රැස්වීමකට කැදවලා තියෙන්නේ. පළාත් සභාවට සල්ලි දිලා තියෙන්නේ දැන්. ඒ සල්ලි අද දෙනවා. අපි අහන්නම් එයාගෙන් අපි දීපු ප්ලෑන් එකටද වැඩ කරේ කියලා“ යැයි වැඩි දුරටතු ලේකම් තුමිය පැවසීය.





Friday, January 20, 2017

මහවැලි ඇළට කැබ් රථය පෙරලී දෙදෙනෙකු මරුට




 20/01/2017 16:49
දෙහිඅත්තකන්ඩිය හේනානිගල උතුර වැවේ දකුණ ඉවුර මහවැලි ඇළට අද (20) අද අලුයම 1.30ට පමණ කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් ගත් දෙදෙනාම මියගොස් ඇත.

මියගිය දෙදෙනාම එකම පව්ලේ සොහායුරන් වන අතර එම ගම්මානයේ පිහිටි අසල් වැසියෙක් හමුවී නිවෙස බලා යලි පැමිනෙමින් සිටියදී මෙම අනතුර සිදු වි ඇත.

මිය ගිය එක් අයෙකු සිවිල් ආරක්ෂක බළකායේ නර්ථන ශිල්පියෙකු ලෙස කටයුතු කරන රාජසිංහ බංඩාර නම් 37 වියැති අයෙකි. ඔහු තිදරු පියෙකි. මියගිය අනෙක් සොයුරා සෙනරත් බංඩාර නම් 33 හැවිරිදි එක් දරු පියෙකි. මියගිය දෙදෙනා හේනානිගල උතුර ගම්මානයේ පදිංචි කරුවන් වේ.

අනතුර සම්බන්දයෙන් දෙහිඅත්තකන්ඩිය පොලිසිය පරික්ෂණ පවත්වන අතර මෘතදේහ දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ තැන්පත් කර ඇත.




Wednesday, January 18, 2017

වස්ගමුවේ වනජීවි නිළධාරින්ගේ වෙඩි පහරින් අයෙක් මරුට 1/18/2017 8:39 PM

1/18/2017 8:39 PM

වස්ගමුව ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් හා වනජීවී නිලධාරීන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රියේ මෙම පිරිස පරික්ෂා කිරීමට වනජීවී නිලධාරීන් උත්සහ කර ඇති බව ය.
එහිදී එහි සිටි පිරිස වනජීවී නිලධාරීන්ට වෙඩි තබා තිබේ.
දෙපිරිස අතර සිදූ වූ වෙඩි හුවමාරුවෙන් මිය ගොස් ඇත්තේ, අනවසරයෙන් ඇතුළු වූ පිරිස අතර සිටි එක් අයෙකි.
ඔහු දුනුවලපිටිය, මැදකන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි W.P. සුසන්ත කුමාර නම් පුද්ගලයෙකි.
ඔහු අසල තිබී බෝර 12 වර්ගයේ ගිනිඅවියක් ද සොයාගෙන තිබේ.
විල්ගමුව පොලීසිය සඳහන් කළේ, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ය.






අල්ලස් ගත් ලොක්කන්ට වැඩ වරදියි


January 18, 2017 05:08 pm
අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සහ වැලිපැන්න පොලීසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාර්ගයක් අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුවක් නිම කිරීමෙන් පසු අදාළ කොන්ත්‍රාතුව සඳහා ප්‍රාදේශීය සභාවෙන් ලැබීය යුතු චෙක් පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරදීම වෙනුවෙන් ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගෙන ඇති බව සඳහන්ය.
මේ අතර වැලිපැන්න පොලිස් ස්ථානයට සිදු කර ඇති පැමිණිල්ලක් විභාග කර අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා උප පොලිස් පරීක්ෂකවරයා රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් නාඋල සහ මතුගම මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2017 වසරට බාරගත් දරුවන් 200කට අධික සංඛ්‍යාවතට පොල් අතු මඩුවල අධ්‍යාපනය ලැබීමට සිදුවෙයි - ප්‍රාථමික පාසලේ දරුවන් ජාතික පාසලටත් එපා කියයි.


18/01/2017 12:54
මහියංගන අධ්‍යාපන කළාපායේ ප්‍රධාන ප්‍රාථමික පාසල වන සිද්ධාර්ථ ප්‍රාථමික පාසලේ ගොඩනැගිලි අඩුපාඩු හේතුවෙන් 2017 වර්ෂය සදහා බදවාගනු ලැබු දරුවන් 200කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇතිතේ දෙමාපියන් විසින් සෑදු සෙල්ලම් ගෙවල්වලය. එයට හේතුව වී ඇත්තේ එම පාසලේ දරුවන් සදහා ඉදිකරමින් පවතින නව ගොඩ නැගිල්ලේ කටයුතු නිමා නොවීමත්, ගොඩනැගිල්ල කඩිනමින් දරුවන් වෙනුවෙන් නිමා කිරිම සදහා ඌව පළාත් සභාව මගින් කොන්ත්‍රාත් කරු වෙත මුදල් ගෙවීමේ ඇතිවී ඇති ප්‍රමාදයන් හේතුවෙන් බවට විද්‍යාලිය දෙමාපියන් චෝදනා කරති.

සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ 2017 වර්ෂය සදහා බදවාගන්නා නවක දරුවන් වෙනුවෙන් ප්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමර ලබාදීම වෙනුවෙන් එහි ඉගෙනුම ලබන පැරණි දරුවන් මහියංගන ජාතික පාසලේ පන්තිකාර 5ක් වෙත යොමු කිරිම සදහා මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ගේ අනුමැතියෙන් පාසල ආරම්භ කල සතියේ දෙමාපියන්ගේ ශ්‍රමදායකත්වයෙන් මහියංගන ජාතික පාසලේ පන්තිකාමර සුදානම් කලේ මෙම ගැටලුවට විසදුමක් ලබාදීමේ අටියෙනි. එහෙත් මේ වන විට එම පන්ති කාමර ලබාදීම ජාතික පාසලේ විදුහල් පතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ජාතික පාසලේ ගොඩනැගිලි රැසක් අලුත් වැඩියා කටයුතු සිදු කිරිම හේතුවෙන් එම විද්‍යාලයේ දරුවන් සදහාද පන්ති කාමර වල අඩුවක් ඇති බව පවසමිනි.

ඇතිවී ඇති අර්බුධකාරි තත්වය හේතුවෙන් නවක දරුවන් දෙමාපියන් විසින් තැනු පොල් අතු සේලම් ගෙවල්වලම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට සිදුව ඇති අතර පැදුරු යොදා බිම දරුවන් අධ්‍යපනය ලබති. මේ හේතුවෙන් දරුවන් සේම අරුවන් හට අකුරු කරනා ගුරුවනරුන් හා ප්‍රාථමික විද්‍යාලිය විදුහල්පතිතුමන්ද මහත් සේ අපහසුතාවයට පත්ව ඇත.

හැකි ඉක්මනින් ඉදිවන නව ගොඩනැගිල්ලේ කටයුතු නිමකර දරුවන් සදහා විධිමත් අධ්‍යාපන කටයුතු සිදු කිරිම සදහා වගකිවයුතු අධ්‍යාපන බළධාරින් මැදිහත් වන ලෙස ප්‍රාථමික පාසලේ දරුවන්ගේ ඉල්ලා සිටී. සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුහිඟයටද පිළියම් වහා ලබා දෙන දෙස දෙමාපියන් ඌව පළාත් අධ්‍යාපන බළධාරින්ගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්දයෙන් මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක ටී එම් ප්‍රේමරත්න මහතාගෙන විමසු විට අදහස් දැක්වීමෙන් වැලකී සිටි අතර අධ්‍යාපන ලේකම්තුමියගෙන් විමසන ලෙස දැන්වීය. පළාත් අධ්‍යාපන ලේකම්තුමියගේ ජංගම දුරකථනය වෙත අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුමක් ලැබාදුන්නද ඒ සදහා ප්‍රතිචාරයක් නොලැබිනි.