Friday, April 25, 2014

හිස තෙල් ගෑමේ චාරිත්‍රයට ආදිවාසින්ද එක්වෙයි

 හිස තෙල් ගෑමේ චාරිත්‍රයට ආදිවාසින්ද එක්වෙයි
4/16/2014 10:04 PM
හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රය සදහා දඹාන ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තන් ප්‍රමුඛ ආදිවාසී ගම්මානයේ ගම්වාසින් එක්වසිටියේ දඹාන ගුරුකුඹුර කොටබකිණිය ගම්මානයේය.
උදැසන 11.16 යෙදුන සුභ මොහොතින් 16 දින (ඊයේ ) හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා හිස තෙල් ගැල්වීම ආදිවාසී නායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් නායකතුමාගේ බාල සහෝදරයෙකු වන ගුණබංඩියා ඇත්තන්ගේ හිස තෙල් ගල්වා ආරම්භ කෙරින.
අලුත් අවුරුදු චාරිත්‍රවලින් හිස තෙල් ගෑමේ චාරිත්‍රය පමණක් ආදිවාසින් අනුගමනය කරන අතර එහිදි ඔහුන් හැක්ම සදහා බාවිතා කරන ආයුධ, දේව ආභරණ, වස්ත්‍ර සදහා ප්‍රථමයෙන් නානු මිශ්‍ර තෙල් ගල්වා දෙවනුව ආදිවාසි ජනතාවගේ හිස තෙල් ගැල්වීම ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තන් විසින් සිදු කරන ලදි. වසර පුරා රෝග පිඩා වලින් ආරක්ෂා කරදී නිරෝගි සුව ප්‍රාර්ථනා කිරිම මෙම හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රය අනුගමනය කිරිම තුළින් ඔවුන් බලාපොරොත්තු වේ.




No comments:

Post a Comment