Friday, April 25, 2014

විල්ගමුවෙ සභාපති නැවතත් රක්ෂිතයට

 විල්ගමුවෙ සභාපති නැවතත් රක්ෂිතයට 
04/01/2014 1:38 PM
විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත විරසේකර (37) හිටපු විල්ගමුව ප්‍රා දේශිය සභාවේ සභාපති රංජිත් වීරසේකර (37) හා සභාපති වරයාගේ නිළ රථයේ රියදුරු ප්‍රියන්ත ප්‍රදීප් කන්දෙකුඹුර(27) යන අය අප්‍රේල් 09 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කෙරුනේ 01 දින (ඊයේ) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය ගේ නියෝගයෙනි. එහිදි පැමිණිළි පාර්ශවයේ නිළධාරින් වන පානදුර වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් නඩුව සදහා පැමිණ නොසිටි අතර එම නිළධාරින් පැමිණ නොසිටිම හේතුවෙන් ඔහුනට ෙනාතිසි නිකුත් කලහ.
විල්ගමුවෙ ආන්ඩුපක්ෂ සභාපති හා හිටපු සභාපති සමග කැබ් රියදුරු ගංජා කිලෝ 2.8ක් සමග පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය මගින් පසුගිය 19 දින රාත්‍රියේදී ගිරාදුරුකෝට්ටේ හෙබරව ප්‍රදේශයේදී රාත්‍රි 9.30ට පමන නැවතත් පොලිස් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අප්‍රේ 01 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කෙරුනා.
සභාපති වරයාගේ නිළ රථයේ පසු පස මත අසුනේ කවර ඉවත් කර සුක්ෂම ලෙස කුෂන් කපා ඉවත් කර ගංජා කිලෝ 2.85ක් සගවා තිබියදි පානදුර වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සොයා ගනු ලැබුවා.



No comments:

Post a Comment