Friday, April 25, 2014

ගමේ අවුරුද්දට පත්තු නොකල රතිඤ්ඤා වැල් පිටින් පත්තු කරයි

 ගමේ අවුරුද්දට පත්තු නොකල රතිඤ්ඤා වැල් පිටින් පත්තු කරයි
සොරකම් කල පන්සලේ ඝණ්ටාරය පොලිසිය මාස 2කට පසු සොයාගනි - ගමේ අවුරුද්දට පත්තු නොකල රතිඤ්ඤා වැල් පිටින් පත්තු කරයි
4/23/2014 3:25 PM

රිදිමාලියද්ද ප්‍රදේශයේ ඓතිහාසික විහාරස්ථානයකින් සොරාගන්නා ලද වසර 100කට වඩා පැරණි ඝණ්ටාරයක් මාස දෙකකට පසු සොයාගන්නට මහියංගන පොලිස් නිළධාරින් පසුගියදා සමත් වුවා. ගමේ විහාරස්ථානයේ නැති සිදු වු මෙම සොරකම සම්බන්දයෙන් ගම්වාසින් මහත් කනස්සලේලෙන් සිටි අතර පොලිසිය විසින් ඝණ්ටාරය සොයාගෙන සැක කරුවන් 4 දෙනෙකු අත් අඩංගුවට ගැනිමත් සමග අවුරුද්දට පත්තු නොකල රතිඤ්ඤා වැල් පිටින් ගම්වැසියන් විසින් පත්තු කර පොලිසයට සිය හෘදයාගම ස්තුතිය ප්‍රකාශ කරනු ලැබුවා.
රිදිමාලියද්ද, ඇකිරියන්කුඹුර, දංකුඹුර ඓතිහාසික ගල්ලෙන් පුරාණ විහාරස්ථානයයේ ඝණ්ටාර කුලුනේ තිබු කිලෝ 36ක් බර ඝණ්ටාරය පසුගිය පෙබරවාරි 20 වන දින කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇති අතර ඒ සම්බන්දයෙන් ඇකිරියන්කුඹුර ශ්‍රි අශෝකාරාමයේ හා දංකුඹුර ඓතිහාසික ගල්ලෙන් පුරාණ විහාරස්ථානයයේ විහාරාධිපති වහන්සේ වන ඇකිරියන්කුඹුර සුමණරතන හිමි විසින් මහිංගණ පොලිසියේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. ඇකිරියන් කුඹුර පොලිස් මුරපොලේ නිළධාරින් ලැබුන තොරතුරකට අනුව පසුගිය 21 දින (මාස 2කට පසු) මහියංගන පොලිස් නිළධාරින් සිද්දියට සම්බන්ද සැකකරුවන් හතර දෙනෙක් සමග සොරකම් කරනු ලැබු ඝණ්ටාරය සොයා ගනු ලැබුවා.
සැක කරුවන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනෙවිය විසින් සැක කරුවන් මැයි 5 දින දක්වා රක්ෂිත බන්දනාගර ගත කරන ලෙස නියෝග කර ඇති ඇති අතර ඝංටාරය සම්බන්දයෙන් පුරාවිද්‍යා වාර්ථාවක්ද කැදවන ලෙස නියෝග කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා හා අපරාධ අංශයේ ස්තානාධිපති එම් බී ජි ජි එස් චතුරංග මහතා හා ඇකිරියන්කුඹුර පොලිස් මුරපොලේ ස්ථානාධිපති චන්දන මහතා ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර වැටලීම සදහා පො. කො. 13768 අමරසුරිය, 11115 මාරසිංහ, 7698 කරුණාතිලක, 28534 දිසානායක, 38588 සම්පත්, 66278 අනුරප්‍රිය, 71610 දනුප, 71809 සම්පත්,71814 රාජපක්ෂ, 63737 දනපාල,66523 ප්‍රියදර්ශන යන පොලිස් නිළධාරින්ගේ සහය ලබා දි තිබේ.



No comments:

Post a Comment