Friday, April 25, 2014

සුළි සුළගින් මහියංගනය අවට නිවාස 60කට වැඩි ප්‍රමාණයක් හානි -ගම් රැසක නිවාස හා දේපල හානි

 සුළි සුළගින් මහියංගනය අවට නිවාස 60කට වැඩි ප්‍රමාණයක් හානි -ගම් රැසක නිවාස හා දේපල හානි

News Update @ 3.00 Pm >>>>> 

මහියංගනය අවට ගම්මාන රැසකට ඊයේ (18) සවස 5.30ත් 6.00ත් අතර කාල සීමාව තුල ඇති වු වර්ශාවත් සමග පැමිණි සුළි සුළගින් නිවාස හා දේපල හානි රැසක් සිදු වී ඇත.
මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සොරබොර වැව්ගම්පහ, සේනානිගම, පුජානගරය, දෙහිගොල්ල, ඇලෑවෙළ යන ග්‍රාමනිළධාරි වසම් වල වල නිවාස රැසකට හා දේපල හානි වි ඇත.
මහියංගනය අවට නිවාස 60කට වැඩි ප්‍රමාණයක් හානි සිදු වි ඇති බව මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් සුනිල් විජේතුංග මහතා පැවසිය. ඇලැවෙළ හා සොරබොර වැව්ගම්පහ ග්‍රාමනිළධාරිවසම් වල විශාල වශයෙන් නිවාස හා දේපළ හානි සිදු වී ඇති බව ප්‍රාෙද්ශිය ලේකම් තුමා පවසන අතර එයින් නිවාස 15ක් දැඩි හානි සිදු වි ඇති බවත් අනෙක් ඒවා සුලු හානි බවත් පැවසිය.



No comments:

Post a Comment