Thursday, November 7, 2013

මහියංගනයට ජලසම්පාදනයෙන් නිරන්තර ජලය නොලැබි ගැටලු රැසක් ඇතිවේ - රෝහල් සේවා අඩාලයි - පාසැල් ළමුන් අමාරුවේ

11/6/2013 11:52 PM
මහියංගන නගරය හා අවට ගම්මාන සදහා මහියංගන ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අයත් ජල පවිත්‍රාගරය මගින් පසුගිය මාසකිහිපය තුලදී අවස්ථාවන් ගනනාවක් දින 2 - 4 නොදන්වා ජල සැපයුමු අත්හිටුවීම මගින් ජනතාව / ගම්වාසින් නගරවාසින් මහත් පිඩාවකට පත්ව සිටී. නැවතත් 5 දින සිට අද (06) යන දින දෙකේ මුලු ප්‍රදේශයටම ජලය නොලැබීමෙන් මහියංගන ජනතාවගේ සාමාන්‍ය ජන ජිවිතය අඩල වී ඇත. නිරන්තර මේ සිදුවන ජල අත් හිටුවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මහත් පිඩාවට පත්වී සිටි.
විශේෂයෙන් මහියංගන ප්‍රදේශයේ මහියංගන මුලික රෝහලේ ශල්‍යකර්ම ජලය නොමැති කම නිසාම අත්හිටුවා ඇත. මාස ගනනක් පොරොත්තු ලේකනයේ රැදි සිටිමින් රෝහල වෙත අදාල දිනයන්හිදී පැමිනෙන රෝගින් ශල්‍ය කර්ම සදහා පැමිණියත් නොදන්වා ජල අත් හිටු විම හේතුවෙන් නිරන්තර සියලු ශල්‍යකර්ම අත්හිටුවිමට සිදුවිමෙන් රෝගින් මෙන්ම වෛද්‍යවරුන්හටද මහත් අපහසු තාවයට පත්ව සිටි. නේවාසික රෝගින් හට වැසිකිලියාමට නොහැකිව තිබිම හා රෝහලේ පවිත්‍රතාවය පවත්වාගෙන යාමට නොහැකි විම විශාල ගැටලු වක්ව පවති. දන්ත ශල්‍යාගාරයේ වැඩ කටයුතුද සම්පුර්ණයෙන් අඩාල වී ඇති බව එහි සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් පවසති. ජල සම්පාදනය මගින් බව්සර් කිහිපටක් මගින් ජලය ලබාදුන්නද රෝහල් ජල අවශ්‍යතාවයට කිසිසේත්ම එය නොසැහෙන බව රෝහල් කාර්ය මණ්ඩලය පවසනවා. එමෙන්ම එම බව්සර් මගින් රෝහලේ ඉහල ටැංකි සදහා පොම්ප කිරිමට නොහැකි විම ගැටලුවට තාවකාලික විසදුමක්ද ලබාදීමටද ගන්නා උත්සාහයන්ද අසාර්ථක බාවයට පත් කර ඇත.
මහියංගන ජාතික පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් 4000ක් පමන ජලය නොමැතිකමින් පිඩාවට පත් වී ඇත. කැම වේලාවන් හිදි පාසැල ඉදිරිපිට ඇති ජල සම්පාදන මණඩල ගොඩනැගිල්ල වෙත ජලය සොයා නිරන්තරයෙන් පාසැල් දරුවන් පාර පැනිම අනතුරකට අත වැනිමක් වන අතර ගැටලුවට විසදුමක් කඩිනමින් ලබා දෙන ලෙස දරුවන්ගේ දෙමාපියන් වගකිවයුතු නිළධාරින්ගෙන් ඉල්ලා සිටි.
මහියංගන නගරයේ වෙළෙදසැල් ද පවත්වාගෙන යැමට නොහැකිව ඇති බවට වෙළෙදසැල් හිමියන් චෝදනා කරති.
මහියංගන ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අයත් ජල පවිත්‍රාගර මේ වන විට ජල පොම්ප 3ක් පිච්චී ඇති බවට ආරංච් වන අතර අමතර පෙම්පද ඒ අතර වන බව ආරංචි මාර්ග සදහන් වේ. මේ හේතුව නිසා ජල ගැටලුවට කඩිනමින් විසදුම් නොදීමට හේතුවී ඇති බව ආරංචිවේ.
මහියංගන ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අයත් ජල පවිත්‍රාගරයේ මේ පිළිබද විමසීමේදී පැවසුවේ ජල පොම්ප අක්‍රිය විම මෙයට හේතුව බවත් මහවැලි ගගේ ජල පොම්ප ඇති පැත්තට විරුද්ද දිශාවෙන් ජලය ගලා බැසීමත් ගගේ ජල මට්ටම වෙනස්වීම මෙම ගැටලුවට හේතුව බවත් කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන බවත් ජලය ලබා ගැනිම සදහා අලුත් නළ ලිදක් හෑරිම මේ වන විටත් ආරම්භ කර ඇති බව පවසා සිටියා.

No comments:

Post a Comment