Friday, November 1, 2013

ගංජා කිලෝ 4ක් බසයක ගෙනයමින් සිටි චීවරදාරියෙකු මහියංගන පොලිස් අත්අඩංගුවට

2013-10-30 11:09 ප.ව.
මොණරාගල සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබු බස් රථයක ගංජා කිලෝ 3.9ක් රැගෙන එමින් සිටි චීවරදාරියෙකු මහියංගන පොලිසියේ නිළධාරින් විසින් අද (30) සවස අත් අඩංගුවට ගෙන ඇත. 
මෙම ගංජා ප්‍රවාහනය පුද්ගලයෙක් හා චීවරදාරියෙකු එක්ව සිදු කර ඇති අතර ගංජා ප්‍රවාහනය සදහා එක් වරක් සදහා චීවරදාරියා හට රුපියල් 10000ක් එම පුද්ගලයා ගෙවු බවට ප්‍රශ්න කිරිම් හමුවේ පවසා ඇත. අත්අඩංගුවට පත් චීවරදාරියා හම්බෙගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමි නමක් බවට ප්‍රශ්න කිරිම් හමුවේ පවසා ඇත. ප්‍රශ්න කිරිම් හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ගංජා ලක්ෂ 1.20ක මුදලකට මිළදි ගත් බවයි. වෙළෙද පල වටිනාකම පොලිසිය විසින් තක්සේරු කිරිම සදහා පියවර ගනිමින් සිටි.
කාඩ්බෝඩ් පෙට්ටියක යටින් ගංජා තොගය අතුරා උඩින් පත්තර අතුරා ඒ මත කෙසෙල් ගෙඩි තබා බැද කාහටත් සැක නොසිතන ආකාරයෙන් මාර්ගයේ ගමන් ගන්නා බස්රථවල ප්‍රවාහනය සිදු කර ඇත.
මහියංගන පොලිසියේ නිළධාරින් විසින් චීවරදාරියා අද (30) සවස අත් අඩංගුවට ගන්නා විට බස්රථයේ පිටුපස ඉදගෙන සිටි පුද්ගලයා බසයෙන් බැස පලාගොස් ඇත. අත් අඩංගුවට පත් හිමි නම හා ගංජා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ උපදෙස්මත මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පො.ප. චතුරංග, පො.කො. 4432 බස්නායක පො.කො.13768 අමරසුරිය පො.කො. 32470 කුසුම්සිරි සැරයන් 54183 ගුණවර්ධනයන නිළධාරින් මෙම වැටලීම සදහා සහභාගි වි ඇත.

No comments:

Post a Comment