Wednesday, November 6, 2013

අපි ආසයි ඉගෙන ගන්න - ගුරුවරයෙක් අපිට දෙන්න - හසලක මහඅස්වැද්දුම ප්‍රාථමික දරුවන් පාරට බසී

2013-11-06 6:02 ප.ව.
හසලක මහඅස්වැද්දුම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් හට අකුරු කරවීම සදහා පාසැලේ උග්‍ර ගුරු හිගයක් පවතින බව පවසමින් දෙමාපියන් හා පාසැලේ දරු දැරියන් හසලක නගරයේ මිනිපේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට හසලක - මහනුවර ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයක නියැලුන අතර මහා මාර්ගයේ ගමනා ගමනයද නවතා දමනු ලැබුවා.
හසලක මහඅස්වැද්දුම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 140ක් ඉගෙනුම ලබන අතර දැනට ගුරුවරු 3ක් සේවය කරති. ගුරුවරු අඩුම තරමින් 8ක් වත් සිටිය යුතුය. 2 හා 3 ශ්‍රේණි සදහා ගැරුවරු ඇත්තේම නෑ. මේ වසර තුලදී පමණක් විදුහල් පතිගේ අවසරයකින් හා අනුමැතියකින් තොර දේශපාලකයන් මාර්ගයෙන් ගුරුවරු 4ක් මාරුවීම් හදාගෙන ගොස් ඇතර ඒ සදහා ගුරුවරු නැවත පැමින නැති බවට දෙමාපියන් චෝදනා කරති. එම ගම්මානයේම කාන්තාවක් වසර 8ක් ස්වෙච්චාවෙන් දරුවන් හට අකුර කරවුවද ඇයගේ රැකිවාවද තවම ස්ථිර කර නොමැති බවට එම කාන්තාව චෝදනා කරති.
හසලක පොලිසිය මැදිහත් වි මාර්ගයේ ගමනාගමනය යතාතත්වයට පත් කර විරෝදතාවයේ යෙදී සිටි දෙමාපියන් හා දරුවන් මාර්ගයෙන් ඉවත් කරනු ලැබුවා.
දෙමාපියන් හා දරුවන් මාර්ගයෙන් ඉවත් වී සිය ඉල්ලිම් ලබා දෙන තුරු ඉවත් නොවන්නේ යැයි පවසමින් විරෝධතාවයේ යෙදුනි. හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතා මැදිහත් වි තෙල්දෙනිය කලාප අධාපන අධ්‍යක්ෂක දුරකථනයෙන් සම්බන්ද කර දී දෙමාපියන් හා කථා කරන්නට සලස්වා ගැටලුව සම්බන්දයෙන් දැනුවත් කරනු ලැබුවා.
ඒ අනුව අවසානයේ එක ගුරුවරයෙක් ලබාදෙන බවට තෙල්දෙනිය කලාප අධාපන අධ්‍යක්ෂක පොරොන්දු වීමෙන් දෙමා පියන් හා දරුවන් විසිර ගියා. එසේ උවද තවත් ගුරු වරු හිගය පවතින බවත් ඒ ගුරුවරු කඩිනමින් නොලැබුනහොත් මෙවන් ම ආකාරයේ විරෝදතාවයකට දරුවන් සමග පාරට පැමිනෙන බව පවසමින් දෙමාපියන් විසිර ගියහ

No comments:

Post a Comment