Friday, November 1, 2013

අන්තිම පාරටත් මම මේ කියන්නේ කියාගෙන යන කථාව වහාම නතර කරන්න

10/27/2013 11:33 AM රංජිත් කරුණාවීර
මාම කැච්චක් හොදමයි..... හුග දවසකින් මාධ්‍ය සමග කථා බහක් කරන්න අවස්ථාවක් ලැබුනෙ. පසුගිය කාලෙ ආදිවසින් ගැන , මම ගැන පත්තරවල ටිවිවල රේඩියෝවල ගොඩාක් කථාබහට ලක් වුණා. විවිධ දේවල් කථා කරලා තිබුණා. මම ඒවාට උත්තර දෙන්න ගියේ නෑ. නිහඩවෙලා බලා ඉන්නකොට හැම දාම මොකක් හරි යනවා. මේ ගොඩක් ඒවාගෙන් අපේ පරම්පරාව හෑල්ලුවට ලක්කරන ඒවා තමයි වැඩිපුරම යන්නෙ. මට ආරංචි උනා මීට සති කිහපයකට කලින් පත්තරේක ගියා කියලා .... සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියනවා කියලා මම වාහනයක් ඉල්ලලා මහා කරදරයක් කරනවා කියලා. ඉස්සර හිටපු නායකයෝ නම් මෙහෙම කරදර කරේ නෑ. ගමන් බිමන් ගියේ පයින්. දැන් ඉන්න නායකයෝ ගමන් බිමන් යන්න වාහන ඉල්ලලා පොරේ කියලා ඇමතිතුමා පත්තරේට කිවුවා කියලා පත්තරේ ගිහින් තියෙනවාලු... ඒ ගැන මට නම් කියන්න තියෙන්නේ මම නම් වාහනයක් මෙච්චර කාලෙකට ඉල්ලලා නැ කියලා. මම 2010 වර්ෂයේදී අති ගරු ජනාධිපතිතුමන් සමග පැවති සාකච්ඡාවක දී මම කිවුවා...ආදිවාසී ගම්මාන 58ක් ලංකාවේ තියෙනවා මට ඒවා ගැන හොයලා බලන්න ඕන. ආදිවාසීන්ගේ නායකයා විදියට මම ඒ අයගේ දුකේදී කරදරේදී සැපේදී හොයලා බලන්න ඕන කිව්වා. ඒ වගේ වෙලාවට ඒ ගම්මානවලට යන්න ඕන වහනයක පහසුකම් දෙන්න පුලුවන්නම් හොදයි කියලා මම කියපු වෙලාවේදී ජනාධිපතිතුමා ඒ වෙලාවේ ම වාහනයක් දෙන්න කියලා ඇමතිතුමාට කිව්වා. මම ඒ වෙලාවෙත් ජනාධිපතිතුමාට කිව්වේ මට වාහනයක් ලබා දුන්නත් ඒවා නඩත්තු කරන්න පහසුකම් නැති නිසා මහියංගන ප්‍රදේශයේ රජයේ කාර්යාල තියෙනවා...ඒවා තමයි පොලිසිය, ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය, වනජිවි කාර්යාල, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය වගේ ... එම කාර්යාලවල තියෙන වාහන මගේ ගමන් අවශ්‍යතාවලව නිදහස් කරලා දෙන්න කියලා මම එහිදී ඉල්ලුවා විතරයි. ඒ විදියටම අද වෙනකොටත් මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයේ තියෙන වාහන දෙකෙන් එකක් මගේ ගමන් වලට ලබා දෙනවා. ඒ තියෙන වාහන දෙකෙන් එකක් කැඩිලා තියෙන්නේ. මගේ වරිගයේ ජනතාවගේ ප්‍රශ්න / ගැටලු වලදී මම ප්‍රාෙද්ශිය ලේකම් කාර්යායේ තියෙන වාහනය ඉල්ලගෙන තමයි හොයල බලන්න යන්නෙ. ලේකම් කාර්යාලයේ තියෙන වාහන දෙකෙන් එකක් ත්‍රිකුණාමලය වාකරේ වැනි දුර පළාත් වලට ඉල්ලගෙන ගියාම සමහර විට දවස් දෙකේ තුනේ එන්න වෙන්නේ නෑ. මම ලේකම් කාර්යාලයේ වාහනය දවස් දෙක තුනක් ‍පාවිච්චියට ගත්තාම කාර්යාලයේ වාහනය මගින් කලයුතු වැඩ කටයුතු ගොඩ ගැහෙනවා. එතකොට ප්‍රා දේශීය ලේකම් තුමන්ලාටත් මන් නිසා කරදර ගොඩකට මුහුණපාන්න සිද්ද වෙනවා. මහියංගනය කියන්නේ ලොකු ප්‍රදේශයක් නෙ. වැඩ ගොඩ ගැහුනම නිළධාරින්ටමයි කරදරේ.
සංස්කෘතික කටයුතු ඇමතිතුමා පසුගිය කාලේ කියලා තියෙනවා මම වාහනයක් ඉල්ලා කරදර කරනවා. මීට පෙර හිටපු නායකයො වාහන ඉල්ලුවේ නැ කියලා. මම අද ඇමතිතුමාට කියනවා මම පිලිගන්නවා මගේ පියා තිසාහාමි ගමන් බිමන් වලට වාහන ඉල්ලුවේ නැ කියලා. මට වගේ ඒ කාලේ මගේ පියාට රට වටේ යන්න උනේ නෑ. මම ලංකාවේ ආදිවාසීන්ගේ නායකයා බවට පත් වෙලා මේ වෙනකොට වසර 15ක් වෙනවා. මේ වසර 15දී අපේ ආදිවාසි පරම් පරාවේ ජනතාවගේ වැඩ කටයුතු වලට වඩා රජයේ නිළධාරින්ගේ හා ඇමතිතුමන්ලාගේ ආරාධනාවලට තමයි ගමන් බිමන් යන්න සිද්ද උනේ. ඔය ඇමතිතුමා කියන විදියට ඒ අයගේ ඔය වගේ එක එක ආරාධනාවලට කථා කරන කොට මට කොළඹට පියාඹලා යන්න අත්තටු නෑ. එහෙනම් නායකතුමා හෙට උදේ කොළඹට ඇවිත් ඉන්න කියන කොට ඇමතිතුමා කියන විදියට මම ඒවට වාහනයක් නැතුව පයින් යන්න ඕන. එහෙම මම පයින් යන්න දින පහක් හයක් යයි.
සංස්කෘතික කටයුතු ඇමතිතුමා කියනවා ලෝකෙ මෙච්චර කාලෙකට ආදිවාසී නායකයෙක් තමන්ගේ ගමන් බිමන් වලට වාහන ඉල්ලලා නෑ කියලා. ඒකත් මම පිලිගන්නවා...මම විස්වාස කරනවා. හැබැයි එහෙනම් එම නිළධාරින්ගේ වැඩවලට ඇමතිවරුන්ගේ වැඩවලට මට ආරාධනා නොකර ඉන්න ඕන. ඒ කාලෙ රට හැම තැනම කැලෑ තිබ්බෙ. ලග ගම්මානවලට විවිධ අවශ්‍යතාවලට පයින් ගමන් බිමන් ගියේ අඩි පාරවල් දිගේ. අද වෙන කොට පාරවල් හදලා තියෙනවා. වාහන ගෙන්වලා තියෙනවා. ඔය කියන ආරාධනාවලට යන්න ඔය කියන විදියට යන්නනම් මට ආන්ඩුවේ රස්සාවක් එක්ක පඩියක් හම්බවෙන්ඩ ඕන. මට කොහෙන්ද වාහන වලට ගෙවන්න සල්ලි? මට වෙන ආදායමක් නැත්නම්, පහසුකමක් නැත්නම්, මම ඔයවගේ ඒවාට වාහනයක් නැතුව පයින් යන්නෙ කොහොමද? ඔය ප්‍රශ්නයක් වුණ දෙනවා කිව්ව වාහනය ගැන කථා කරනකොට සංස්කෘතික කටයුතු ඇමතිතුමා හැමදාම කියන්නේ මම ඒක ඉල්ලුවා කියලා. මට වාහනයක් උවමනා නෑ. වාහනයක් ඉල්ලලා තියෙනවා නම් තියෙන්නේ ආදිවාසි කෞතුකාගාරයේ වැඩ කටයුතු වලට. එතැන වැඩවලට හැම මාසෙ ම කොළඹ යන

No comments:

Post a Comment