Saturday, August 18, 2012

ආදිවාසී වරිග සභාවේදී රතුගල ඇත්තාට පත්තු වූ රතු එළිය


ආදිවාසී වරිග සභාවේදී
රතුගල ඇත්තාට පත්තු වූ රතු එළිය

මේ වැදි ජනයා සමඟ කල් ගෙවද්දී යුග ගණනින් කාලය ඈතට පෙරළී යන්නා සේ දැනෙයි. අතීතය හා වර්තමානය එක්‌වූ සේය. මිනිස්‌ සංහතියේ විමුක්‌තියේ රඳන්නේ චාම් අහිංසක පැවැත්ම සොයා ආපහු හැරී යැම තුළය.

අතීතයේ දවසක වැදි ජන ඇසුරෙහි හිඳ ඔවුන් වෙනුවෙන් දිවි කැපකළ ආර්. එල්. ස්‌පිට්‌ල් වැදි ජනයාගේ දිවිපෙවෙතින් දුටුදේ ලියූ තබා ඇත්තේ ඔහොමය. ඉකුත් නව වැනිදා දඹානේ පෝරුගම් පොඡ්ජට සිදාදියේ මිනිසුන් එක්‌රැස්‌ වූයේද ඒ ඇත්තන්ගේa ජීවන රටාවට මැදිව මොහොතක්‌ හෝ කල් ගෙවීමටය. ඒ කාරණාව හැර එම දිනයේ විශේෂත්වය වූයේ වසරක්‌ පාසා එළැඹෙන ආදිවාසි දිනය එදිනට යෙදී තිබීමයි. තම උරුමය ආරක්‍ෂා කරගනිමින් වත්මන් සමාජය සමඟ ජීවත්වීමේදී වරිග සමූහයාට මුහුණ දීමට සිදුවන අභියෝග, බාධක පිළිබඳව එකට එක්‌රැස්‌ව සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමේ වරිග සභාව ඒ දිනයේදී පවත්වන නිසා එදා කොටඹකිණිය ගම ලංකාවේ සතර දිග්භාගයේ වෙසෙන ආදිවාසි වැදි ජනයාගෙන් පිරී තිබිණි. සරොම් කොටයක්‌ හැඳ නිරාවරණ උඩුකයෙහි පොරෝ කෙටේරිය එල්ලාගෙන සිටි වැද්දන්ද, සංකර ගති සිරිත්වලට හුරු වෙමින් කලිසම් කමිස, ගවොම් හැඳ සිටි වැදි කැකුළ කැකුළියන්ද ඒ අතර සිටියේය.

සුපුරුදු ලෙස ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් කොටඹකිණිය ගමේ විසල් රුක්‌ සෙවණක බිම වාඩි වී ගෙන හිඳින තම වරිගයා අමතා කතා කළේය.

"මේ ඇත්තන්ගෙ නායකතුමා ඉන්න දවසෙ හිත්ලෑපු කැලෑ පොඡ්ජකට මංගච්චන්න, හිත්ලාපු ගල් රුකුල් පොඡ්ජකට මංගච්චන්ට ඉඩ පොඡ්ජ තිබව්වා. අවසර පොඡ්ජ තිබව්වා. ඉතිං ලෝක පොඡ්ජ තිබුණු තැන මංදො වෙන්න මංදො වෙන්න මේ ඇත්තන්නෙ රට පොඡ්ජත් තිබුණු තැන මංදො වුනා. රට පොඡ්ජ තිබුණ තැන මංදො වෙන්න මංදො වෙන්න මේ ඇත්තන්ගෙ පරම්පරා පොඡ්ජ මිනිගච්චුන්ට ඒ තිබාපු රට පොඡ්ජ, පරිසර පොඡ්ජ කොදොවෙලා මංදො වුණා. අද දවස්‌ පොඡ්ඡේ මේ උත්සව පොඡ්ජ එකමත් තිබන්ඩ මංදා වුණේ මේ හේතු පොඡ්ජ. අද දවසෙ මේ වාගේ සමිති පොඡ්ජ මංදො වෙලා. කතා දමන තැනට වැඩි තැනින් ලෝක පොඡ්ජටම කතා දන්න තරම් ගැටලු පොඡ්ජවල් මංගච්චලා තිබෙනවා.

ඒ ආදිවාසී නායකයා වරිග සභාව පැවැත්වීමට හේතුවන්නා වූ කාරණය ගැන පැහැදිලි කළ අයුරුය. වැද්දන්ට ජීවත්වීමට තිබෙන කෑලෑ අහිමි වීම, ඒ තුළින් ඔවුන්ගෙ ජීවන රටාවට බැඳි හර පද්ධතීන් ඉදිරියටත් පවත්වාගැනීමට තිබෙන අභියෝග මේ ආදිවාසී සමුළුව පැවැත්වීමට මූලික හේතු වූ බව වන්නිලැ ඇත්තෝ කීවේය.

නමුත් මෙවර වරිග සභාවේදී ගත් වැදගත්ම තීරණයක්‌ වන්නිලඇත්තෝ එහිදී හෙළි නොකළේය. වරිග සභාවේදී ගන්නා තීන්දු තීරණ මොනවාද යන්න කොහොමත් රහසිගතය. අවශ්‍ය ඒවා පමණක්‌ පිටත ලෝකයට කියන්නේ සියලුම වරිග සමූහයා නියෝජනය කරන නායකයාය. ඒ අනුව ඒ වැදගත් රහස ඊට පසු දින වන්නිලැත්තො හෙළිකළේය. ඒ රතුගල පෝරුගම් පොඡ්ඡේ ආදිවාසි වැදි ජනයාට නායකත්වය දෙන සුදාවන්නියා නායකත්වයෙන් ඉවත් කිරීමේ තීන්දුව පිළිබඳවය. ඔවුන්ගෙ භාෂාවෙන්ම වැදි නායකයා එය කීවේ මෙහෙමය.

"ඒ වරිග සභාවේදී තීරණ පොඡ්ජ මංදො වුණේ. ඒ නායකලා ඇත්තො වෙනකටමලා ගච්චලා වෙන තැනක ඇත්තො මංදො කරන්න. ඒ වගේ නායකලා ඇත්තො මංදො කරන්න අමාරු තැන. හැබැයි ඒ නායකලා ඇත්තන්ගෙ බල පොඡ්ජ ප්‍රධාන නායකලා ඇත්තන්ට පැවරුම් පොඡ්ජ මංදො කරන්න අයිති පොඡ්ජ තියෙනවා. මේ ඇත්තො අනුකම්පා කර තිබෙනවා කෝණ පොඡ්ජ එකමකට, දෙදහස්‌ දොළහයේ නිකිණි මාසෙ 08 වෙනි රෑ මැච්චෙ දොළහයි භාග තුනටයි ඉඳලා දෙදහස්‌ දොළහසේ නිකිණි මාසේ අටවෙනි රෑ මැච්ෙච් දොළහයි භාගෙ තැන මංදො වෙනකන් ඒ ඇත්තන්ට ඉඩපොඡ්ජ තිබෙනවා ඒ ඇත්තන්ගෙ වැරදි තැනවල් හැදුම් පොඡ්ජ මංදො කරන්න."








රතුගල ආදිවාසි නායක සුදාවන්නියා මෙසේ නායකත්වයෙන් වසරක කාලයක්‌ ඉවත් කිරීමට වරිග සභාවේදී තීරණය වී ඇත්තේ කාලයක්‌ තිස්‌සේ ඔහුට එරෙහිව නැගුණු චෝදනා කිහිපයක්‌ නිසාය. බොරු අසත්‍ය චෝදනා එල්ල කර ඔහුට විරුද්ධ වන ගම්වාසීන්ට විරුද්ධව පොලිසියේ පැමිණිලි දැමීම, ජනාධිපතිතුමාට පැමිණිලි කරනවා කියා රජයෙ නිලධාරීන්ට අයුතු බලපෑම් කිරීම, මාධ්‍යයට බොරුකීම, වැරැදිකරුවන් නිදහස්‌ කරන ලෙස සහ එසේ නොකරන පොලිස්‌ නිලධාරීන් මාරු කරන ලෙස බලපෑම් කිරීම කාලයක සිට සුදාවන්නියාට නැගුණ චෝදනාය. ඒ හැර 2012 වසරේ රතුගල ආදිවාසින්ට රජයෙන් ලබාදුන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක බඩු භාණ්‌ඩ තමන්ගෙ සුඛ විහරණය සඳහා විකිණීම නමැති බරපතල චෝදනාවක්‌ද සුදාවන්නියා නායකකමෙන් ඉවත් කිරීමේ තීරණයට හේතුවිය.

නායකයකුට නුසුදුසු ක්‍රියා කලාපයකට එතුමා ඇබ්බැහි වී තිබීම තමයි ප්‍රධානම කාරණය. අවසානයේ මේ සියල්ල ගැන ආදිවාසී නායකයා කියා තිබුණේය. යම් හෙයකින් ඉදිරි වසරක කාලය තුළ සුදාවන්නියා යහපත් ලෙස හැසිරෙන්නේ නම් ඔහුට නැවත රතුගල ආදිවාසි රැහේ නායකකම හිමිකර ගත හැකිය. ඒ ගැන තීන්දුවන්නේ ලබන වසරේ නිකිණි මාසයේ පැවැත්වෙන වැදිජනයාගේ වරිග සභාවේදීය. එතෙක්‌ මේ තීරණය අපේ මැති ඇමැතිවරුන්ටවත් අඩුම තරමේ ආදිවාසි නායක වන්නිලැත්තන්ගේ තනි කැමැත්තටවත් වෙනස්‌ කළ නොහැකිය.

එය හරියට වැදි සමාජයෙ වුවත් ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ස්‌වරූපය ගැන ඔවුන් අපට කියාදෙන පාඩමක්‌ වැනිය. නායකයෙක්‌ වුවත් වරදක්‌ කළේ නම් දඬුවම් ලැබිය යුතුම බව වැද්දන් අපට පෙන්වා දී ඇත. වැද්දන් වැද්දන් ලෙස හිඳිමින් එසේ කරන විට පොදු දේපළ සූරා කන එහෙත් ඒවාට පැමිණිලිද නඩුද නැති දේශපාලකයන් ගැන කොතෙකුත් කතා අපේ සමාජයේ තිබෙන බව අමතක නොකළ යුතුය. වැද්දන් ප්‍රාථමික සමාජ කොට්‌ඨාසයක්‌ ලෙස ඇතැමුන් සිතුවත් ඔවුන්ගේ පාලන ක්‍රමය කොතරම් සාධාරණ හා සමානාත්මතාවයෙන් යුතුද යන්න ඒ තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ආදිවාසී නායකයා පැවසූ මේ ප්‍රකාශයක්‌ම වටහාගත හැකිය.

"මේ තැනෙදි (වරිග සභාවෙදි) මේ ඇත්තන්ට උණත් චෝදනා පොඡ්ජ මංගච්චන්ට ඉඩ තිබෙනවා."

වැදි රජුට වුණත් චෝදනාවක්‌ තිබේනම් වරිග සභාව්දී චෝදනා ඉදිරිපත් කිරීමට හැකි බවය මේ කියන්නෙ.

* තිස්‌ස ගුණතිලක
* රංජිත් කරුණාවීර

No comments:

Post a Comment