Saturday, August 18, 2012

මහියංගණ පෙරහැරට කප් සිටුවයි


මහියංගණ පෙරහැරට කප් සිටුවයි

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-08-18        10:45 ප.ව.





ඓතිහාසික මහියංගන රජමහා විහාරීය සහ ඓතිහාසික මහියංගන මහා සමන් දේවාලයේ වාර්ශික ඇසල මහා පෙරහැර මංගල්‍ය සදහා කප් සිටුවීම 2012-08-17 දින රාත්‍රී 9.24 ට යෙදුන සුභ මොහොතින් සමන් දේවාල භූමියේදී සිදු කෙරින.

ඇතුල් පෙරහැර 17 සිට 21 දක්වාද
කුඹල් පෙරහැර 22 සිට 26 දක්වාද
රන්දෝලි පෙරහැර 27 සිට 30 දක්වාද
අවසන් රන්දෝලි පෙරහැර 31 දින රාත්‍රියේදී ද

ඓතිහාසික වැදිපෙහැර  - අවසන් රන්දෝලි පෙරහැර 31 දින රාත්‍රියේදී අවසන් වී විහාරයට සහ දේවාලයට ගෙවිදීමෙන් පසු එදිනම අලුයම යාමයේ (3.30 - 4.30) ඓතිහාසික වැදිපෙහැර  මහියංගන චෛත්‍යරාජයානන් වහන්සේට සහ සුමන සමන් දේව රාජයානන් වහන්සේට පුජෝපහාර කරමින් විදි සංචාරය කිරීමට නියමිතයි

දවල් පෙරහැර 2012 සැප්තැම්බර් 01 දින උදැසන  9.17ට ආරම්භ කෙරෙන අතර ආදිවාසී දොඩම් පෙරහැරද දවල් පෙරහැර සමග ගමන් කිරීමට නියමිතයි.

දිය කැපීම - 2012 සැප්තැම්බර් 01 දින උදැසන  5.46 ට මහවැලි ගංතීරයේදි සිදු කෙරේ.

No comments:

Post a Comment