Tuesday, August 14, 2012

නිදාසිටි බිරිද - සැමියාගේ පිචස් පහරින් මරුට - මව සමග නිදා සිටි දරුවා දුවගොස් දිවි බේරාගෙන


නිදාසිටි බිරිද - සැමියාගේ පිචස් පහරින් මරුට - මව සමග නිදා සිටි දරුවා දුවගොස් දිවි බේරාගෙන

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-08-14        09:05 ප.ව.


මහියංගණ ඌවතිස්සපුර 3/174 කෝන්ගස්හන්දිය පදින්චිව සිටි පී ජි ඉන්ද්‍රලතා කුමාරි(40) තම නිවසේ 14 හැවිරිදි තම පුතු සම ඇදේ නිදා සිටියදී 13 දින රාත්‍රී 10.30 ට පමන සැමියා විසින් එල්ල කරන ලද තියුනු ආයුද පහරින් මරුමුවට පත්ව ඇත. මව සමග නිදා සිටි 14 හැවිරිදි දරුවා දුවගොස් දිවි බේරාගෙන ඇත. ඉන් අනතුරුව සැමියාද වස පානය කර ඇත. වස පානය කල සැමියා මහියංගන පොලිසිය විසින් මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු මේවන විට ප්‍රතිකාර ලබාගනිමින් සිටී.
කේ ඩි පියසේන(50) වන සැමියා අදික ලෙස බීමත් කමට ඇබ්බැහිව සිටින බවත් - බිරිද සැක කර ඇය  සමග නිරන්තර රන්ඩු සරුවල් කිරීම සෑම දිනකම සිදුවන බව ගම්වාසීන් පවසනවා. මිය ගිය  ඉන්ද්‍රලතා කුමාරි තම පවුලේ අගහිගකම් දුරුකරගැනිම සදහා විදෙස් ගතව සිට ඇත. බිරිද විසින් එවන ලද සියලු මුදල්  සුරා සුදුව සදහා සැමියා වියදම් කර ඇත. මෙම පුද්ගලයා සි.ටි.බී.  රියදුරෙකු ලෙස සේවය කල අයෙකි. සැමියාගේ බේබදු කම නිසාත් රෝගාතුරවී එක්තැන් වීම නිසා විදෙස් ගතව සිටි බිරිදට ලංකාවට පැමිණිමට සිදුව ඇත. එසේ පැමිණි විට බිරිද විසින් එවන ලද සියලු මුදල්  සුරා සුදුව සදහා සැමියා වියදම් කර ඇති නිසා බිරිද රැකියාවකට යාමට සිදු වී ඇත. මිය ගිය  ඉන්ද්‍රලතා කුමාරි මහියංගන මුලික රෝහලේ ආපනශාලාවේ සේවිකාවක් ලෙස අවසන් වරට සේවය කර ඇත. ඇය දරුවන් තිදෙනෙකු සිටින මවකි

මහියංගන සහකාර පොලිස්අධිකාරි සරත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් මහියංගන පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරයි.

No comments:

Post a Comment