රංජිත් කරුණාවීර - මහියංගනය
2012-08-28 10:48 ප.ව.
රිදිමාලියද්ද වදකහඅරාව ප්‍ර දේශයේ ගඩොල් පොරනුවක තිබි පිලිස්සුන 26 හැවිරිදි අයෙකුගේ මලසිරුරක් අද (28) සවස හමුවී තිබෙනවා. ඔහුගේ කුඩා දියණිය පොලිසියට ප්‍රකාශ කලේ තම මව පියාට පොරවෙන් ගසා පියා මරා ගඩොල් පෝරනුවකට දමා ගිනි තැබු බවයි.
වයස 22ක් වන එක් දරු මව මහියංගණ පොලිසිය මගින් ප්‍රශ්ණ කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඇත. සැමියාගේ කෘර වදහිංසා ඉවසා දරාගත නොහැකිව මෙම මිනී මැරුම සිදු කර ඇති බවට මහියංගණ පොලිසිය සිදු කල පරික්ෂණ වලින් අණාවරනය කරගෙන ඇත. 119 සදහා ලැබුන තොරතුරකට අනුව මෙම සිද්දිය අනාවරණය වී ඇත.



මේ වැදි ජනයා සමඟ කල් ගෙවද්දී යුග ගණනින් කාලය ඈතට පෙරළී යන්නා සේ දැනෙයි. අතීතය හා වර්තමානය එක්‌වූ සේය. මිනිස් සංහතියේ විමුක්‌තියේ රඳන්නේ චාම් අහිංසක පැවැත්ම සොයා ආපහු හැරී යැම තුළය.
"මේ ඇත්තන්ගෙ නායකතුමා ඉන්න දවසෙ හිත්ලෑපු කැලෑ පොඡ්ජකට මංගච්චන්න, හිත්ලාපු ගල් රුකුල් පොඡ්ජකට මංගච්චන්ට ඉඩ පොඡ්ජ තිබව්වා. අවසර පොඡ්ජ තිබව්වා. ඉතිං ලෝක පොඡ්ජ තිබුණු තැන මංදො වෙන්න මංදො වෙන්න මේ ඇත්තන්නෙ රට පොඡ්ජත් තිබුණු තැන මංදො වුනා. රට පොඡ්ජ තිබුණ තැන මංදො වෙන්න මංදො වෙන්න මේ ඇත්තන්ගෙ පරම්පරා පොඡ්ජ මිනිගච්චුන්ට ඒ තිබාපු රට පොඡ්ජ, පරිසර පොඡ්ජ කොදොවෙලා මංදො වුණා. අද දවස් පොඡ්ඡේ මේ උත්සව පොඡ්ජ එකමත් තිබන්ඩ මංදා වුණේ මේ හේතු පොඡ්ජ. අද දවසෙ මේ වාගේ සමිති පොඡ්ජ මංදො වෙලා. කතා දමන තැනට වැඩි තැනින් ලෝක පොඡ්ජටම කතා දන්න තරම් ගැටලු පොඡ්ජවල් මංගච්චලා තිබෙනවා.
නමුත් මෙවර වරිග සභාවේදී ගත් වැදගත්ම තීරණයක් වන්නිලඇත්තෝ එහිදී හෙළි නොකළේය. වරිග සභාවේදී ගන්නා තීන්දු තීරණ මොනවාද යන්න කොහොමත් රහසිගතය. අවශ්‍ය ඒවා පමණක් පිටත ලෝකයට කියන්නේ සියලුම වරිග සමූහයා නියෝජනය කරන නායකයාය. ඒ අනුව ඒ වැදගත් රහස ඊට පසු දින වන්නිලැත්තො හෙළිකළේය. ඒ රතුගල පෝරුගම් පොඡ්ඡේ ආදිවාසි වැදි ජනයාට නායකත්වය දෙන සුදාවන්නියා නායකත්වයෙන් ඉවත් කිරීමේ තීන්දුව පිළිබඳවය. ඔවුන්ගෙ භාෂාවෙන්ම වැදි නායකයා එය කීවේ මෙහෙමය.
එය හරියට වැදි සමාජයෙ වුවත් ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ස්‌වරූපය ගැන ඔවුන් අපට කියාදෙන පාඩමක් වැනිය. නායකයෙක් වුවත් වරදක් කළේ නම් දඬුවම් ලැබිය යුතුම බව වැද්දන් අපට පෙන්වා දී ඇත. වැද්දන් වැද්දන් ලෙස හිඳිමින් එසේ කරන විට පොදු දේපළ සූරා කන එහෙත් ඒවාට පැමිණිලිද නඩුද නැති දේශපාලකයන් ගැන කොතෙකුත් කතා අපේ සමාජයේ තිබෙන බව අමතක නොකළ යුතුය. වැද්දන් ප්‍රාථමික සමාජ කොට්‌ඨාසයක් ලෙස ඇතැමුන් සිතුවත් ඔවුන්ගේ පාලන ක්‍රමය කොතරම් සාධාරණ හා සමානාත්මතාවයෙන් යුතුද යන්න ඒ තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ආදිවාසී නායකයා පැවසූ මේ ප්‍රකාශයක්‌ම වටහාගත හැකිය.







