
DAMBANA indigenous people`s New Year Celebration camp -- Srilanka - ආදිවාසි අලුත් අව්රුදු උත්සවය 2012
දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ 29 -04-2012 දින මැච්වේ උදේ මැච්ච ඉද තබාලා රෑ මැච්ච මන්දොවෙනකම් උත්සව පොජ්ජ මන්දො කරනවා
දඹාන ගුරුකුඹුර ගම්මානයේ අභිනවයෙන් ඉදිකරමින් පවතින විහාරස්ථාන භූමියේදි
ආදිවාසි අලුත් අව්රුදු උත්සවය සංවිධානය කර තිබුනා. මෙම විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ආදිවාසී දරු දැරියන් සහ ආදිවාසි ගම්මානයේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සදහා ආදිවාසි අලුත් අව්රුදු උත්සවය ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුනා. කලුතර එකමුතුව සංවිධානය මෙම උත්සවය සදහ අනුග්‍රහය ලබාදී තිබුනා
දුනු ඊතල විදීම, ගල් දුන්නෙන් විදිම, ආදිවාසි තරුණියන්ගේ දිගම කෙන්ඩය, උගුල් ඇටවීම, වී ඇට ඇහිදීම, ලී කැබැල්ලෙන් පොල් ගෑම, වලස් පොරය, ගස් නැගීම, ආදිවාසි දිගම රැවුල තේරීමේ තරගය, කුඩා දරුවන් සදහා කැවුම් කෑමේ තරගය, ආදිවාසි ජන ගායනා, ආදිවාසි දරු නැලවිලි ගි ගායනා යන තරග ඉසවු මෙම ආදිවාසි බක්මහ උළෙලෙදි සංවිධානය කර තිබුනා
To see Video
http://www.youtube.com/watch?v=ulWNClIzIwA
No comments:
Post a Comment