
වයස 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පුලුස්සයිසැකකරු ඇල්ලීමට මෙහෙයුමක්
රංජිත් කරුණාවීර - මහියංගන
ගිරාඳුරුකෝට්‌ටේ රත්කිඳ ප්‍රදේශයේ වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පිච්චූ තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගිරාඳුරුකෝට...්‌ටේ පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.පිළිස්‌සුම් තුවාල 8 ක් සහිත කුඩා දැරිය ගිරාඳුරුකෝට්‌ටේ රෝහලට ඇතුළත් කර ඇත. කුඩා දැරිය දුම්වැටියක් ආධාරයෙන් පිළිස්‌සූ කරුණයා වයස 16 ක අයෙක් වන අතර ඔහු ප්‍රදේශයෙන් අතුරුදන්වී ඇතිබව පොලිසිය පවසයි.කුඩා දැරියගේ නැන්දනිය පිළිස්‌සුම් තුවාල දැක ඒ පිළිබඳ ගිරාඳුරුකෝට්‌ටේ පොලිසියට පැමිණිලි කර ඇත. කුඩා දැරියගේ මව, දැරිය සමඟ අසල්වාසී නිවාසයකට නිදාගැනීමට ගොස් සිටි අවස්‌ථාවේදී මෙම සිද්ධියට මුහුණ පා ඇත.මහියංගන සහකාර පොලිස් අධිකාරි ෂෂෂ සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරාඳුරුකෝට්‌ටේ පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක මොහාන් ද සිල්වා මහතා මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරයි.http://www.divaina.com/2012/06/09/news03.html
No comments:
Post a Comment