
මහියංගන නගරයේ අයිස් ක්‍රීම් දන්සලට මහ සෙනගක්
රංජිත් කරුණාවීර 2012-06-04 08:05 ප.ව.
To see Video http://www.youtube.com/watch?v=s3rzen7swtg
පොසොන් පුන් පෝය අදයි. පොසොන් පෝය නිමිත්තෙන් ෛඑතිහාසික මහියංගන රජමහා විහාරය වැද පුදා ගැනීම සදහා සිය දහස් ගනිනි බැතිමතුන් අද දවස පුරා විහාරය භූමිය... වෙත පැමිනියා. විහාරය වෙත පැමිනෙන පිරිස වෙනුවෙන් මහියංගනයේ විවිධ වු ස්ථාන වල දන්සල් විශාල සංඛාවක් සංවිධානය කර තිබුනාමහියංගන නගර මධ්‍යයේ සංවිදානය කර තිබු අයිස් ක්‍රීම් දන්සලට වෙන කිසිම දන්සලකට සහබාගී නොව් තරම් විශාල ප්‍රමානයක ජනතා සහබාගීත්වයක් දැකගත හැකි විය. මෙම අයිස් ක්‍රීම් දන්සල පස්වන වරටත් මහියංගන නගර මධ්‍යයේ සංවිදානය කර තිබුනේ සෙනෙහස සත්කාරක සමාජය විසිනි. අයිස් ක්‍රීම් දන්සල ඉදිරිපිට මහා මාර්ගය සහ පිරිස් පාලනයට මහියංගන පොලිස්ථානයේ රථවාහන අංශයේ නිළධාරි මහතුන් පැමිණ සිටිනු දැක ගත හැකි විය.
No comments:
Post a Comment