
නිට්‌ටඹුවේ හා කුරුණෑගල සිසුහු සොරබොර වැව ළඟදී ගැටෙති
මහියංගනය - රංජිත් කරුණාවීර
විනෝද චාරිකාවක් සඳහා මහියංගනයට පැමිණි පාසල් දෙකක සිසුන් 12 වැනිදා සවස 6.00 පමණ සොරබොර වැව බැලීමට ගොස් සිටියදී ගැටුමක් ඇතිවී තුවාල ලබා පාසල් සිසුන් 9 දෙනකු මහියංගන මූලික රෝහලට 12 වැනිදා සවස ඇතුළත් කර ඇත.නිට්‌ටඹුව සංඝබෝධි පාසල සහ කුරුණෑගල වයඹ රෝයල් විද්‍යාලයේ සිසුන් මෙලෙස ගැටුම ඇතිකරගෙන තිබේ. මුලින්ම වික්‌ටෝරියා ජලාශය නැරඹීමට ගොස් සිටියදී පාසල් දෙකේ සිසුන් අතර වචන හුවමාරුවක් සිදුවී ඇත. නැවතත් සොරබොර වැව නැරඹීමට පැමිණි මොහොතේ පාසල් දෙකෙහි සිසුන් මුහුණට මුහුණ හමුවූ අවස්‌ථාවේදී මෙම ගැටුම හටගෙන ඇත.සිසුන් දෙපිරිස ගල් සහ පොලුවලින් ගහගෙන ඇත. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවූ අතර ඊයේ දිනයේදී (13 දා) ප්‍රතිකාර ලබා පිටව යැමට නියමිතයි. සියලු දෙනාගේ හිස සහ මුහුණ ප්‍රදේශ වලට තුවාල සිදුවී තිබිණි. එක් පාසලක සිසුන් පස්‌දෙනකු සහ අනෙක් පාසලේ සිසුන් හතර දෙනකුද තුවාල ලබා ඇත.මහියංගන සහකාර පොලිස් අධිකාරි සරත් කුමාර මහතාගේ අධීක්‍ෂණයෙන් මහියංගන පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු සිදුකරයි. http://www.divaina.com/2012/06/14/news10.html
No comments:
Post a Comment