Sunday, October 28, 2012

වැවේ වතුර විෂ වී මාළු දහස් ගණනක් මැරේ - පවුල් 900 කට පානීය ජලය සපයන පානීය ජල සැපයුම තාවකාලිකව නවතා දමයි

රංජිත් කරුණාවීර - මහියංගනය 2012-10-28 10. 55 ප.ව. 

ගිරාදුරුකෝට්ටේ බතලයාය ප්‍රදේශයේ බතලයාය වැවේ ජලය විෂ වීමෙන් මත්ස්‍යන් දහස්
 ගනනක් මිය ගොස් ඇති අතර මෙම වැව ආශ්‍ර‍නේ මහියංගන ප්‍රාදේශිය සභාව මගින් ජලය ලබාදෙන බතලයාය පානීය ජල ව්‍යාපෘතිය මේවන විට නවතා දමා ඇති අතර එමගින් ප්‍රදේශයේ පවුල් 900ක පානීය ජලය ‍ෙනාමැතිව පීඩාවට පත්ව සිටී.
පසුගිය 24 වන දින බතලයාය වැවේ මත්ස්‍යන් මියයෑම ආරම්භවී ඇති අතර ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය නිළධාරී මහතුන් සහ එන් එස් කේ වික්‍රමගේ යන බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් වැවේ ජල සාම්පල සහ මියගිය මත්ස්‍ය කොටස් මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයට හා රජයේ රස පරීක්ෂක සඳහා යවා ඇති බවත් වාර්ථා ලැබෙන තුරු වැවේ ජලට වීෂ වීමට හේතුව කුමක්ද කියා කීමට නොහැකි බවත් එතෙක් වැවේ ජලය පරිහරනය නොකරන ලෙස ජනතාවට අවවාද කර හා ඒ පිළිබද දැන් වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇත. එමෙන්ම මිය ගිය මත්ස්‍යන් ආහාරයට ගැනීමෙන් වලකින ලෙසද අවවාද කර ඇත. එහෙත් සමහර ධීවරයන් මියගිය මත්ස්‍යන් එකතු කර වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් වෙළෙදාම් කිරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ පොලිසියේ පොලිස් සථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් වැව අවට ප්‍රදේශයේ ජංගම මුර සංචාරය සදහා පොලිස් නිළධාරීන් යොදවා ඇත.
මහියංගන ප්‍රාදේශිය සභාව මගින් පානීය ජලය ලබාදෙන පානීය ජල ව්‍යාපෘතිය මේවන විට නවතා දමා ඇති අතර එමගින් බතලයාය, ගිරාලගොල්ල, මිදේන් වැටුන පිටිය, කොලොන්යාය, හතේකණුව, පහේ කණුව, යාය හය, කහනියගොඩ යන ප්‍රදේශයේ පවුල් 900ක් පානීය ජලය ‍ෙනාමැතිව පීඩාවට පත්ව සිටී.
මේ සම්බන්දයෙන් මහියංගන ප්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව් ඒ සුනිල් මහතා ප්‍රකාශ කලේ බතලයාය වැවේ ජලය විෂ වීමෙන් පානීය ජලය ‍ෙනාමැතිව පීඩාවට පත්ව සිටින ගම්මාන සදහා බව්සර් මගින් පානීය ජලය ලබා දීමට පියවර ගන්නා බවත් බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ නිර්දේශය පරිදි වැවේ පාවෙමින් තිබෙන මියගිය මත්ස්‍යාන් සියල්ල එකතු කර විනාශ කර දමන බවත් අවශ්‍ය නම් වැවේ වාන් දොරටු විවෘත කර අපිරිසිදු ජලය ඉවත් කිරිමට හැකි බවක්, රස පරීක්ෂක වාර්ථා කඩිනමින් ලබාගෙන වාර්ථා සැල කිල්ලට ගෙන රජයේ නිළධාරින් ගේ සහය ඇතිව පීඩාවට පත්ව සිටින බතල යාය ප්‍රදේශයේ ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා

No comments:

Post a Comment