Wednesday, October 10, 2012

දුප්පත් අපට ඇයි අහසත් නපුරු වුණේ.... පෙල්ලිච්යායේ දරුවන් තිදෙනකුට අකුණු වදී ඇඳුම් පිච්චෙයි





මහියංගනය - රංජිත් කරුණාවීර

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුඩාලුනුක ග්‍රාමසේවා වසමේ පෙල්ලිච්යාය ගම්මානයේ නිවසක සිටි දරුවන් තිදෙනකු 08 වැනිදා සවස අකුණු සර වැදී රෝහල් ගත කර තිබේ. මිතුරන් වන මෙම තිදෙනා වැවේ නෑමට ගොස්‌ එක මිතුරකුගේ නිවසට පැමිණ (පිලේ) සිටි මොහොතේදී මෙම අකුණු සර වැදී ඇත. අකුණ සර හේතුවෙන් ළමයින් ඇඳ සිටි වස්‌ත්‍ර ගිනිගෙන ඇත. එම මොහොතේ දෙමාපියන් නිවසේ සිට නැත. ඔවුqන් හේනේ ඉරිඟු ඇට සිටවමින් සිට ඇත.

පසුව දෙමාපියන් මැදිහත්වී දරුවන් තිදෙනා ඌරනිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර සිරුරේ පිළිස්‌සුම් තුවාල ලබා සිටි එච්. එම්. ප්‍රියංකර රත්නායක (14) දරුවා මහියංගන රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව මහියංගන රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරි ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා පැවැසීය.

ඌරනිය රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් දෙදෙනාගේ ද තත්ත්වය බරපතළ නොවන බවත් එම දරුවන් දෙදෙනා දැඩි කම්පනයට පත්ව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment