Friday, October 17, 2014

ඌවේ ඇමැති මණ්‌ඩලය පත්වේ

ඌවේ ඇමැති මණ්‌ඩලය පත්වේ

ඌව පළාත් සභාවේ නව ඇමැති මණ්‌ඩලය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ ඊයේ (16දා) දිවුරුම් දුන්නේය. ජනාධිපති කාර්යාලයේදී දිවුරුම්දීම සිදු කෙරිණි.

ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන ඉඩම්, සංස්‌කෘතික සමාජ සුබ සාධන ග්‍රාමීය යටිතල පහසුකම් ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

අනුර රවින්ද්‍ර විදානගමගේ මහතා පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කර්මාන්ත ප්‍රවාහන හා සංචාරක කටයුතු ඇමැති ලෙසත් ආර්. එම්. කුමාරසිරි රත්නායක මහතා පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පරිවාස ළමාරක්‍ෂක හා වනිතා කටයුතු ඇමැති ලෙසත් සෙන්දිල් තොන්ඩමන් මහතා පළාත් මාර්ග සංවර්ධන, නිවාස ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ලෙසත් ආතර් චාමර සම්පත් දසනායකදොන් මහතා පළාත් ක්‍රීඩා යෞවන කටයුතු විදුලිබල බලශක්‌ති පේෂකර්ම හා කුඩා කර්මාන්ත, සමූපකාර ඇමැතිවරයා ලෙසත් දිවුරුම් දුන්හ.

දිවුරුම්දීමේ අවස්‌ථාවට ඌව පළාත් ආණ්‌ඩුකාර සී. නන්ද මැතිව් ඇමැතිවරුන් වන බැසිල් රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා යන මහත්වරුද එක්‌ වුහ.
 

No comments:

Post a Comment