Monday, October 13, 2014

විදුහල්පතිනියට සුදුසුකම් නෑලු - දෙමාපියන්ගේ විරෝධය.

 විදුහල්පතිනියට සුදුසුකම් නෑලු - දෙමාපියන්ගේ විරෝධය.
10/14/2014 2:14 PM
මහියංගන අධ්‍යාපන කළාපයේ මාපාකඩවැව බ/බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුර සදහා පත්කර ඇති නව විදුහල් පතිතුමිය එම තනතුර සදහා කිසිසේත් ම සුදසු නොවන බව පවසමින් හා දේශපාලන බලපෑම් හමුවේ අධ්‍යාපන නිළධාරින් ඇය එම තනතුර සදහා පත්කර ඇතැයි පවසමින් පාසලේ දරුවන්ගේ දෙමාපියන් හා පාසැල් සංවර්ධන කමිටුවේ සාමාජිකයන් අද (13) උදැසන පාසැල ඉදිරිපිට විශාල විරෝධතාවයක නිරත විය. ඒ සදහා පාසලේ දෙමාපියන් 500කට අධික පිරිසක් එක්වි සිටියේය.
දාහෙ කෑලි අපිට එපා, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමනි විදුහල්පති පුටුවට සුදුසුකම් අති කෙනෙක් වහා පත් කරනු, සේනානිගම ඉස්කෝලේ වහලා අපේ ඉස්කෝලෙට ආවේ මේකත් වහන්නද? යැයි සදහන් පුවරු සහිත විශාල දෙමා පියන් පිරිසක් මෙම විරෝධතාවයට සහබාගි වි සිටියේය
මහියංගන බදුල්ල මාර්ගය හරස් කර විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා මාර්ගය හරස් කිරිමට දෙමාපියන් උත්සාහ කලද මහියංගන පොලිස් නිළධාරින් මැදිහක්  ඒ සදහා අවස්ථාව ලබා නොදුන් අතර එහිදි දෙපාර්ශවය අතර උණුසුම් අවස්ථාවන් කිහිප වාරයක් උදගත වු අතර අධ්‍යාපන උසස් නිළධාරිවරයෙකු පැමිණ මෙම ගැටලුව සදහා විසදුම් ලබාදෙන තුරු මෙම විරෝධතාවය නතර නොකරන බව පවසා සිටි දෙමාපියන්ගේ ඉල්ලම අවසාන වර ක්‍රියාත්මක කිරිමට මහියංගන පොලිස් නිළධාරින්ට සිදු විය.
මහියංගන අධ්‍යාපන කලාප අධ්‍යක්ෂක සුනිල් විජේරත්න මහතාගෙන් මේ සම්බන්දයෙන් විමසු විට එම ගැටලුව සදහා මසක් ඇතුලත විසදුම් ලබාදිමට පොරොන්දු වු බව ප්‍රකාශ කර සිටි අතර වැඩි දුර තොරතුරු ලබාදිමට නොහැකි බවත් මාධ්‍ය සදහා ප්‍රකාශ ලබාදිමට අවසර ලබා ගැනිමකින් තොරව සිදු කල නොහැකි බව ප්‍රකාශ කර සිටියේය.
කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක කුමාරරත්න මහාතා  හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්ලිව් එල් කුලතිලක මහතා අවසානයේ දෙමාපියන්ගේ ඉල්ලිම මත මහියංගන පොලිස් නිළධාරින් විසින් ගෙන්වනු ලැබු අතර දෙමාපායන් ඔහුන් සමග උණුසුම් වචන හුවමාරුවක් විමෙන් පසු මසක් ඇතුලත මේ සම්බන්දයෙන් විධිමක් ක්‍රියාමාර්ගයක් ලබාදෙන බවට ලිකිත පොරොන්දුවක් දෙමාපියන් හට ලබා දිමෙන් පසු දෙමාපියන් විසිර ගියහ. එහිදි දෙමාපියන් තරයේ කියාසිටියේ මාසයක් ඇතුලත විසදුම් ලබා නොදුන හොත් විශාල විරෝධතාවයකට තමන් යොමු වන බවත් ඒ සදහා දෙමාපියන් හට අවස්ථාව නොතබා පාසලේ අනාගතය හා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.





No comments:

Post a Comment