Thursday, October 9, 2014

බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කර වැලි ගොඩ දැමු වැලි ට්‍රැක්ටර් 13ක් අත් අඩංගුවට


බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කර වැලි ගොඩ දැමු වැලි ට්‍රැක්ටර් 13ක් අත් අඩංගුවට - ඒ අතර කසිප්පුත් තිබි අත්අඩංගුවට
2014-10-10 ප.ව. 6:16
මිනිපේ ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කර මහවැලි ගගට වැලි ට්‍රැක්ටර් දමා වැලි ගොඩ දැමු වැලි ට්‍රැක්ටර්... 13ක් හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනෙවිය විසින් එක් අයෙකුට රුපියල් දස දහස බැගින් දඩ නියම කල අතර අත් අඩංගුවට පත් කසිප්පු හා ගෝඩා වෙනුවෙන් වැලි තොටුපලක හිමි කරුවෙකුට රුපියල් දහඅට දහසක් දඩ නියම කර වැලි ට්‍රැක්ටර් නිදහස් කර ඇත.
හසලක පොලිසිය විසින් මෙම වැටලිම ඊයේ (08) සවස සිදු කර ඇත.
මහවැලි ගග ආශ්‍රිතව නිරන්තරයෙන් නිති විරෝදි ආකාරයෙන් බලපත්‍ර කොන්දේසි උල්ලන්ඝනය කර මහවැලි ගගට වැලි ට්‍රැක්ටර් දමා වැලි ගොඩ දමන වැලි තොටවල් හිමි කරුවන් සම්බන්දයෙන් පොලිසිය නිතිය ක්‍රියාත්මක කිරිමේ තවත් එක් පියවරක් ලෙස හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතා ඇතුලු පොලිස් නිළධාරින් විසින් මෙම අත් අඩංගුවට ගැනිම් සිදු කර ඇති අතර ඉදිරියේදිද මෙවැනිම වැටලිම් රාශියක් සිදු කරිමට කටයුතු කරන බවට ස්ථානාධිපති තුමන් පවසා සිටියා

No comments:

Post a Comment