Tuesday, December 10, 2013

හැමදාම රෑට ගමේ නිවාස 2-3ක් අලි කඩනවා


හැමදාම රෑට ගමේ නිවාස 2-3ක් අලි කඩනවා - මෙහෙම ගියොත් වස බොන්නයි වෙන්නේ
2013-12-10 ප.ව. 8:41
ගිරාදුරුකෝට්ටේ ගින්නෝරුව ගම්මානයේ නිවාස 2ක් ඊයේ රෑ වන අලි පහර දී අලාභ හානි සිදු කර ඇත. පසු ගිය දින 3 ඇතුලත ගම්මානයේ නිවාස 6ක් වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් හානියට පත් වී ඇති අතර මේ වන විට ගම්මානයේ වැසියන් රාත්‍රිය උදාවත්ම මහත් බීතියට පත් වී ඇත්තේ අද දින තමන්ගේ නිවස වන අලි ප්‍රහාරයට ලක්වන ඇතැයි කල්පනා කිරිම හේතුවෙනි.
ගිරාදුරුකෝට්ටේ - ගින්නෝරුව, විරානගම, හෙබරව,අලුයටවෙල,දිව්ල පැලැස්ස,රොටලවෙල, බෝගන්පිටිය, ඇල්හේන්පිටිය, තෙල්දෙනියාය යන ගම්මානයට මේ දිනවල උග්‍ර වන අලි කර දර සිදුවන ගම්මාන බව ගම්වාසින් පවසනවා.
ගම්මානය ආසන්නයේ විදුලි වැටක් තිබුනද අලි ගම්මානයේ සිටින බවත් විදුලි වැටේ දෝශ හේතුවෙන් අලි ගම්වදින බව ගම්වාසින් පවසනවා. වස්ගමුව ජාතික උද්‍යානයට ගම්මානය ආසන්න වීම හේතුවෙන් මහවැලි ගග හරහා මෙම වන අලි ගම් වදින බව ගම්වාසීන් පවසනවා.
ගම්වාසින් දහදුක් විද කොළඹ කොන්ක්‍රිට් අනා උපයන මුදලින් හදා ගන්නා නිවාස වලට රාත්‍රියකට වන අලි ගම් වැදී විනාශ කිරිමෙන් වස පානය කර ජිවිතය විනාශ කර ගන්නට සිති ඇතැයි සමහර ගම්වාසීන් පවසනවා.
විෂය භාර අමාත්‍යවරය ඌව පලාතේ අයෙක් උවත් ඌව පලාතේ ගම්මාන රැසකට සිදුවන වන අලි ප්‍රහාර හා හානි උග්‍ර වී ඇති බවට ගම්වාසින් සිය ශෝකය ප්‍රකාශ කර සිටි.
නිවැරදිව මහියංගනය හා සී කලාපය අවට ගම්මාන හා වැව් ආශිතව පදිංචියට පැමිණ ඇති වන අලි මාදුරු ඔය රක්ශිතයට හෝ වස්ගමුව ජාතික උද්‍යානයට පන්නා රක්ශිතය වටේ ඇති අක්‍රිය විදුලි වැට සක්‍රිය කර මීට විසදුම් ලබා දෙන ලෙස ගම්වාසීන් ඉල්ලා සිටී.











No comments:

Post a Comment