Wednesday, December 25, 2013

නොමිලේ රජයෙන් ලබාදෙන උප්පැන්නෙ ගන්න ගියාම සිරිමාංශයම උරාබොයි - ජනතා පැමිණිලි ගලා එයි.


12/25/2013 11:45:21 AM

මහියංගන පුජා නගර කොටසේ අලුත ඉපදෙන දරුවන්ගේ නම ලියාපදිංචිකර රජයෙන් නොමිලේ ලබාදෙන උප්පැන්න සහතිකය නිකුත් කිරිමේදි මුදල් අය කිරිම හේතුවෙන් ජනතාව මහත් අපහසු තාවයට පත් වන බවට චෝදනා කරති. මේ වන විට මුදල් අය කිරිම ඉහල ගොස් ඇති බවට පැමිණිලි රාශියක්ද ලැබී ඇති බවට තොරතුරු අණාවරනය කර ගැනීමට හැකි වී ඇත.

දරුවකු ඉපිදී දින 14ක් ඇතුලත දරුවාගේ නම ලියාපදිංචි කර රජයෙන් නොමිලේ ලබාදෙන උප්පැන්න සහතිකය නිකුත් කිරිම සදහා මහියංගන මුලික රෝහල හා පුජා නගර කොටසේ විවාහ මරණ උප්පැන්න රෙජිස්ටාර් ලෙස සේවය කරන තැනැත්තිය එක් උප්පැන්නයක් වෙනුවෙන් මුදල් අය කරන බවත් වෙහෙර විහාරස්ථාන  සදහා ආධාර පත්‍රද සේවාව ලබාගැනීම සදහා පැමිනෙන ජනතාවට අනිවාර්යෙන්ම නිකුත් කර මුදල් එකතු කිරිම හේතුවෙන්  කලක සිට ජනතාවට දැඩි අපහසු තාවයට පත්වන බව චෝදනා කරති. මේ වන විට ටිකට් පත් නිකුත් කිරිමට අමතරව උප්පැන්නයක් නිකුත් කිරිමේදී වෙනම රුපියල් 400ක මුදලක් අය කිරිමට පටන් ගැනීමෙන් අසරණ දුප්පත් ජනතාව විශාල පීඩාවට පත්ව ඇතැයි ඔහුන් පවසති. මේ සම්බන්දයෙන් මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත දිනෙන් දින ලැබෙන පැමිණිලි සංඛාව ඉහල ගොස් ඇති බවට ආරංචිමාර්ග වල සදහන් වේ. මේ සම්බන්දයෙන් බදුල්ල ඉහල නිළධාරින් දැනුවත්ව සිටියදී ඒ සම්බන්දයෙන් ක්‍රියාකිරිමෙන් වැලකි සිටිම හේතුවෙන් අසරණ දුප්පත් ජනතාව පීඩාවට පත්වීම වැඩිවී ඇති බවට ජනතාව සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටී.  

තවද මෙම තැනැත්තියගෙන් මුදල් සම්බන්දයෙන් ප්‍රශ්න කරන ඕනෑම පුද්ගලයෙකුගේ උප්පැන්න මරණ සහතික ලබා ගැනීමට බොහෝ කාලයක් බලා සිටිමට සුදුවීම කණගාටුවට කරුණක් බවට පත් වී ඇත. සුහදශිලී මහජන සේවය වෙනුවට මුදල් උපයන ආදායම් මාර්ග බවට උප්පැන්න ලියාපදිංචිය පත්කරගෙන සිටිම විමතියට කරුණිකි. මහජන මුදලින් වැටුප් ලබන   ඉහල වගකිවයුතු නිළධාරින් ඇස් කන් පියාගෙන මුනිවත රැකිම විමතියට කරුණක් නොවන්නේ කුමක් නිසා දැයි ජනතාව ප්‍රශ්න කරති.

No comments:

Post a Comment