Wednesday, December 25, 2013

වෙළෙද සැලේ ආහාර පරික්ෂාවට ගිය මහජන සෞඛ පරික්ෂකට තර්ජනය කර සේවයට බාදාකල කඩ හිමියාට රුපි 10000ක දඩ


12/25/2013 11:43:15 AM

මහියංගන මාපාකඩ වැව 17 කණුව ප්‍රදේශයේ වෙළෙද සැලක අලෙවි කරමින් තිබු ආහාර පරික්ෂාව සදහා ගිය මහියංගන මහජන සෞඛ වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ පරික්ෂක වරයෙකු හට ව්‍යාපාරික හිමියා විසින් එම ස්ථානයේ බලහත්කාරයෙන් රදවා තබාගෙන  බැන තර්ජනය කිමට විරුද්දව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවේ තින්දුවට අනුව ව්‍යාපාරික හිමියාට රුපියල් 10000ක දඩයක් හා වසර පහකට අත්හිටවු මාස 6ක සිරදඩුවමක් නියම කර ඇත.

2008 අගෝස්තු මාසයේ මාපාකඩ වැව 17 කණුව ප්‍රදේශයේ මහියංගන අප්සරා හෝටලයේදී හෝටලයේ අයිති කරු රංජිත් සංජය කුමාර විසින් හෝටලය පරික්ෂා කිරිමට ගිය මහජන සෞඛ පරික්ෂක ප්‍රදිප් විජය සෝම මහතාව බලහත්කාරයෙන් රදවා තබාගෙන  බැන තර්ජනය කර රාජකාරියට බාදා කිරිම හා පරිබෝජනයට නුසුදුදු හෝටලයේ ශිතකරණයේ තිබු පරාටා කිලේ5.5ක් හා කල් ඉකුත් වු බිස්කට් පැකට් 45ක් බලහත් කාරයෙන් ඉවත් කිරිමට විරුද්දව අංක 61129 නඩු අංකය යටතේ 2008 සැප්තැම්බර් මාසයේ මහියංගන මහජන සෞඛ වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින් විසින් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

වසර 5කට අධික දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගැනුන මෙම නඩුව 2013-12-19 වන දින මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනෙවියි විසින් නඩු තීන්දුව ලබාදුන් අතර විත්ති කරුට රුපියල් 10000ක දඩයක් හා වසර පහකට අත්හිටවු මාස 6ක සිරදඩුවමක් නියම කෙරිනි.

පැමිණිල්ල වෙනුවෙන් නඩුව මෙහෙය වීම ගිරාදුරුකෝට්ටේ පරිපාලණ මහජන සෞඛ පරික්ෂක ජේ.ඒ. සමරජිව මහතා විසින් සිදු කරන ලදී.

No comments:

Post a Comment