Sunday, September 29, 2013

පැති බැම්මේ පස් කන්ඩිය කඩාවැටී දෙදෙනෙක් යටවෙයි - පුද්ගලයෙක් මරුට

9/29/2013 9:59 PM
මහියංගන පදියතලා මාර්ගයේ 49 කණුව ප්‍රදේශයේ  සෙනෙවිගම හරහා ගැමුණුපුර මාර්ගයේ වු මහවැලි පාලමේ මීට වසර දෙකකට පෙර කඩාවැටුනු පැතිබැම්ම අලුත්වැඩියා කිරිම ආරම්භ  කල දිනයේම පාලමේ ඉහලින් වු පස් කන්ඩියක් පහල වැඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ගේ ඇග මතට කඩා වැටී එක් පුද්ගලයෙක් මිය ගිය අතර ඔහු සමග වැඩ කරමින් සිටි අනෙක් පුද්ගලයා තුවාල ලබා  මහියංගන මුලික රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
මිය ගිය පුද්ගලයා කේ ජි රණසිංහ (41), 289, ගඩලාදෙනිය,  පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි අයෙකි. තුවාල ලැබු පුද්ගලයා මැදමහනුවර ප්‍ර දේශයේ පදිංචි කරුවෙකි.
මහියංගන පදියතලා මාර්ගයේ 49 කණුව ප්‍රදේශයේ සෙනෙවිගම හරහා ගැමුණුපුර මාර්ගයේ වු මහවැලි පාලමේ පැතිබැම්ම මීට වසර දෙකකට පෙර කඩාවැටී ඇති අතර අවස්ථා කිහිපයකදී ගොවි සංවිදාන විසින් දැනුම් දී තිබුනද දවසින් දවස ප්‍රමාද වි ඇති අතර  පැතිබැම්ම නැවත අලුත් වැඩියාව 29 දින උදැසන ආරම්භ කර ඇත. මිට සතියකට පෙර ඩෝසරයක් පැමිණ පැති බැම්ම සැදිම සදහා කාණු කපා ඇති අතර එහිදි ඉහලින් වු අතතුරුදායක පස් කණ්ඩියේ පස් ඉවත් නොකිරිම හේතුවෙන් මෙම අනතුර සිදු බවට ගම්වාසින් චෝදනා කරන අතර එය අධික්ෂණය සදහා මහවැලි නිළධාරින් නොපැමිණි බවට ගම්වාසීන් චෝදනා කරති. මහනුවර ප්‍රදේශයේ කොන්ත්‍රාත් කරුවකු හා සේවකයන් විසින් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කර ඇත.
අඩි හයක් පමණ ගැබුරු වලක  වැඩ කරමින් සිටි පුද්ගලයන් මතට මෙම පස් කන්ඩිය කඩා වැටුන බවත් ගැබුරින්ම සිටි පුද්ගලයා මතට විශාල පස්කන්ඩිය කඩා වැටි යට වු බවත් ඊට මදක් ඉහලින් සිටි පුද්ගලයාගේ ඉන ප්‍රදේශය දක්වා පස් වලින් යට වී තුවාල ලැබු බවත් පස්වලින් යට වු පුද්ගලයා ගොඩ ගැනිම සදහා බැකෝ යන්ත්‍රයක් ගෙන්වීමට සිදු වු බවත්  එය ගෙන්වා පුද්ගලයා ගොඩ ගැනීමට විනාඩි 30ක් පමන ගත වු  බවත් එහිදි ගොඩ ගන්නා විටම පුද්ගලයා මියගොස් සිටි බව සිද්දිය ඇසින් දුටුවන් පවසනවා.

මහියංගන පොලිසිය සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටී.

No comments:

Post a Comment