Tuesday, October 15, 2013

කොළඹට වැලි ප්‍රවාහන මුවාවෙන් තේක්ක රැගෙන යන ලොරිය මාට්ටු

2013-10-15 7:52 ප.ව.
මහියංගන සිට කොළඹට වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව පටවා උඩින් වැලි අතුරා කලක සිට දැව ප්‍රවාහනය කල ටිපර් රථයක් අද (15දින) දහවල් මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
රිදිමාලියද්ද ගැමුණුපුර ප්‍රදේශයෙන් මෙම ටිපර් රථය සදහා තේක්ක කදන් විශාල ප්‍රමාණයක් පටවා ඊට උඩින් වැලි අතුරා කොළඹ සදහා ප්‍රවාහනය කිරීම සදහා සුදානම් කර ඇත. පුද්ගල තොරතුරක් අනුව සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ. ඇතුලත්මුදලි මහතාගේ නියෝගයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණයෙන් මහියංගන නගරයේ රැක සිට මෙම ටිපර් රථය අත්අඩංගුවට ගන්නට මහියංගන පොලිස් නිළධාරින් සමත් වී ඇත.
තේක්ක කදන් 42ක් ටිපර් රථයට පටවා තිබු අතර එහි වෙළෙද පල වටිනාකම මේවන විට තක්සේරු කිරිම සදහා නිළධාරින් කටයුතු කරමින් සිටින අතර ටිපර් රථයේ රියදුරු සහ සහයක පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට පත් පුද්ගලයන් හා ටිපර් රථය හසලක ප්‍රදේශයේ වේ. කලක සිට මේ ආකාරයෙන් වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව පටවා කොළඹට ප්‍රවාහනය කල බව අත් අඩංගුවට ගත් පුද්ගලයන් ප්‍රශ්න කිරිම් හමුවේ පවසා ඇත. අත් අඩංගුවට ගත් පුද්ගලයන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ. ඇතුලත්මුදලි මහතාගේ නියෝගයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණයෙන් පො.සැ. 64274 බස්නායක පො.කො. 18130 නිශාන්ත පො.කො. 71814 රාජපක්ෂ පො.කො.37247 හේරත් යන පොලිස් නිළධාරින් මෙම ටිපර් රථය අත් අඩංගුවට ගැනීම සදහා කටයුතු කර ඇත.

No comments:

Post a Comment