බැංකුවෙන් හොරෙන් මුදල් ගත් පාසැල් සිසුවා පොලිසියට කොටු වෙයි
මහියංගණයේ පෞගලික බැංකුවකින් බැංකු කාඩ් පතක් මගින් අවස්ථා හතරකදී මුදලින් රුපි 38000ක් වන්චනික ලෙස ලබා ගත් බාල වයස් කාර පාසැල් සිසුවෙකු මහියංගන පොලිසිය මගින් 09 දින සවස අත් අඩංගුවට ගත්තේ අදාල බැංකුවේ මුදල් ලබාගන්නා යන්ත්‍ර යේ රහස් කැමරා පද්ධතියේ සටහන්ව තිබු වීඩියෝ දර්ශන පරික්ෂා කිරීමෙන් පසුවයි.
මෙම මුදලින් තමාගේ පෙම්වතියට වටිනා ජංගම දුරකථනයක් සහ සුවද විළවුන් බෝතලයක් මිළදි ගෙන ඇති බාල වයස් කාර පාසැල් සිසුවා, අනෙක් මුදල් වලින් ඉස්තරම් වර්ගයේ සිගරට් සහ අරක්කු තම පාසැල් සහ ගමේ මිතුරන් සමග එක් වී පානය කර තිබේ. වන්චනික ලෙස ලබාගත් මුදල් නැතිනාස්ති කර ඇති අතර අත් අඩංගුවට පත් වන දිනයේ පංති ගාස්තු ගෙවීම සදහ අවශ්‍ය මුදල් රුපි 300ක් මව විසින් ඔහුට ලබා දී ඇත්තේ අසල්වාසී නිවසකින් ණයට ලබාගෙවනයි.
බාල වයස් කාර පාසැල් සිසුවා මෙලෙස වංචනික ලෙස මුදල් ලබාගෙන ඇත්තේ තම මාමාගේ බැංකු කාඩ් පත සොරකම් කිරීමෙන් පසු වයි. පාසැල් සිසුවා දම්බරාව ප්‍රදේශයේ පාසැල් සිසුවෙක් වන අතර වයස 16ක් වන අයෙක් වේ.
No comments:
Post a Comment