දුරකථන සමාගම් පහක බැටරි සොරකම් කර ඊ යම් සදහා විකුණා තිබියදී පොලිස් අත් අඩංගුවට
2012-07-11 11:10 ප.ව.
ජංගම දුරකථන කුලුණු වල විදුලිය විසන්දි වු විට විදුලිය ලබා ගැනීම සදහා බාවිතා කරන බැටරි 91ක් සොරකම් කර ඊ යම් සදහා විකුණා තිබියදී මහියංගන පොලිස් අත් අඩංගුවට පත් වුනා. එක් බැටරියක වෙළෙදපල සාමාණ්ය වටිනාකම 35000 - 40000 අතර බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.(35000 x 91=3185000) ජංගම දුරකථන කුලුණු වල ආරක්ෂක නළා පද්දතිය අක්රීය කර සුක්ෂම අයුරින් මෙම බැටරි සොර කම සිදු කර ඇත. රිදිමාලියද්ද, ඌරණිය, බෙලිගල්ල, ආදාඋල්පත යන ප්රදේශවල ජංගම දුරකථන කුලුණු වල මෙම බැටරි සොරාගෙන ඇත.
මහියංගන පූජානගරයේ පරණ යකඩ බඩු මිළදී ගන්නා ස්ථානයට මෙම සොරාගත් බැටරි 91 විකුණා තිබියදී පොලිස් අත් අඩංගුවට පත් විය. බැටරි 91 ඊ යම් සදහා විකුණා තිබෙන්නේ රුපි 93000කට වේ. මෙම බැටරි 91 දුරකථන සමාගම් පහකට අයත් ඒවා යැයි මහියංගන පොලිසිය පවසනවා. එක් බැටරියක් කිලෝ 40-45කට වඩා බරින් යුක්ත වේ.
No comments:
Post a Comment