පාසල් ගුරුවරියගේ ගෙල සිරකර මරා දැමූ මිනිපේ චූදිතයාට මරණ දඬුවම
කෑගල්ල - එම්. බී. පහළවත්ත
වරකාපොළ මාහේනේ පදිංචිව සිටි ඉමාලි වික්රමසිංහ නමැති පාසල් ගුරුවරිය ගෙල සිරකර මරා දැමූ නඩුවේ චූදිතයාට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විෙ-සුන්දර මෙනවිය විසින් ඊයේ (05 වැනි දින) කෑගල්ල මහාධිකරණයේදී මරණීය දණ්ඩනය නියම කරන ලදී.
2003 ජනවාරි මස 19 දා හෝ ඊට ආසන්න දිනයක ඉමාලි වික්රමසිංහ මහත්මියගේ ගෙල සිරකර මරණය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියේ මොරයාය මිනිපේ හසලක පදිංචි පතිරණ මුදියන්සේලාගේ මැදගෙදර නවරත්න බණ්ඩා නමැති අයෙකි.
මෙම චූදිතයාට විරුද්ධව වයස අවුරුදු හතළිහත් හැටත් අතර කාන්තාවන් නව දෙනකු මරා දැමීම සම්බන්ධයෙන් ගම්පහ කෑගල්ල, මහනුවර, බදුල්ල සහ අනුරාධපුර යන මහාධිකරණවල නඩු පවරා ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

http://www.divaina.com/2012/07/06/news20.html
No comments:
Post a Comment