ඇමැති මර්වින් පාරේ බසයකට නඟී
2012 ජූලි මස 10 22:14:21 | ගුරුළුපොත බන්දුල ගොඩකුඹුර
හසලක ප්‍රදේශයේ පාසලක ජංගම සේවාවකට ගිය ඇමැති මර්වින් සිල්වා මහතාට ආපසු ඒම සඳහා සිය නිල රථය සූදානම් කිරීමට ප්‍රමාද වීම නිසා මහියංගනයේ සිට මහනුවර බලා ධාවනය කළ පෞද්ගලික බසයකින් හසලක නගරයට පැමිණීමට සිදුවිය.
ඒ බව දැනගත් ඔහුගේ ආරක්ෂකයන් වහා එම බසය පසුපසින් හසලක නගරයට පැමිණ ඇමැතිවරයා සිය නිල රථයට නංවාගෙන කොළඹ බලා පිටත්ව ගිය බව හසලක පොලිසිය කියයි.
No comments:
Post a Comment